🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 පෙබරවාරි 27 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    nvexcIu.jpg


    1968 වසරේ දෙසැම්බර් මස 24 වන දින ඇපලෝ 8 යානයේ ගමන්ගත් ඇමරිකානු ජාතික ගගනගාමියෙකු වන " William A. Anders" විසින් කැමරා කාචයට හසුකර ගත් "Earthrise" නම් ප්‍රකට කලු සුදු ඡායාරූපයේ නැවත සකස් කරන ලද (Digitally Remastered) වර්ණ ඡායාරූපය, අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. චන්ද්‍රයාගේ ක්ෂිතිජයෙන් උදාවන ආකාරයෙන් දිස්වන පෘථිවියේ අපූර්ව දසුනක් මෙම ඡායාරූපයට පාදක වී ඇති අතර මේ ආකාරයේ දසුනක් කැමරා කාචයට හසුකර ගත් දෙවන අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක්වෙයි. මෙම මුල් ඡායාරූපය කලු - සුදු මාධ්‍යයෙන් ඡායාරූපගත කර තිබුණු අතර එම මුල් ඡායාරූපයට අමතරව William A. Anders විසින් ඒ ආකාරයේම "Earthrise" වර්ණ ඡායාරූප 2 ක් ද පසුව කැමරාවට හසුකර ගෙන තිබේ. එම වර්ණ ඡායාරූප 2 ආධාර කරගෙන නූතන ඩිජිටල් තාක්ශනය මගින් නැවත සකස් කළ William A. Anders ගේ එම කලු-සුදු "Earthrise" ඡායාරූපයේ නව වර්ණ ඡායාරූපය මෙහිදී පෙන්නුම් කෙරේ. මෙසේ William A. Anders විසින් ගනු ලැබූ "Earthrise" ඡායාරූපවලට පෙර 1966 වසරේදී සද වටා කක්ෂ ගත කළ "Lunar Orbiter 1" රොබෝ යානය මගින් ද මෙවැනි කලු-සුදු මාධ්‍යයයේ "Earthrise" ඡායාරූපයක් ලබාගෙන ඇති අතර එය ඉතිහාසයේ ප්‍රථම වරට ලබාගත් "Earthrise" ඡායාරූපය ලෙස හදුන්වනු ලබයි.


    Earthrise1_Apollo8AndersWeigang_2048.jpg




    Earthrise