මෙම වසරේ පෙබරවාරි මාසයේ දී ඡායාරූප ගතකරන ලද මෙතෙක් වාර්තා වී ඇති විශාලතම සූර්ය ගිනිදැල්ල (solar prominence)නිරූපණය කෙරෙන ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. සූර්යයාගේ මතුපිට ස්ථරය වන "photosphere" යෙන් පටන්ගෙන, සූර්යයාගේ උණුසුම් බාහිර වායුගෝලය ලෙස හැදින්වෙන "corona" හරහා පිටතට නිකුත් වන උණුසුම් වායූන් ගැබ්ව ඇති මෙම දැවැන්ත හා දීප්තිමත් ගිනිදලු හටගැනීම සදහා සූර්යයාගේ චුම්භක ක්ෂේත්රයේ හැසිරීම හා එහි බලපෑම හේතුවී ඇත. මෙම දැවැන්ත සූර්ය ගින්දැල්ලක විශාලත්වය සූර්යයා සමග සැසදීමේදී එහි විශ්කම්භයටත් වඩා වැඩි අගයක් ගන්න අවස්ථාවන් වන් ඇති අතර මේවායේ නිකුත් වීම අනපේක්ෂිත ලෙස සිදුවන ආකාරය ද මෙහිදී නිරීක්ශනය කළ හැක. මෙම සූර්ය ගිනිදැල් නිකුත් වීමේදී සිදුවන "Coronal Mass Ejection (CME)" නම් ක්‍රියාවලිය හේතුවෙන් උණුසුම් වායූන් සෞරග්‍රහ මණ්ඩලයට විශාල වශයෙන් මුදාහැරීමද සිදුවේ. මෙම අපූරු ඡායාරූපය ලබා ගෙන ඇත්තේ සූර්ය ගවේශනය සදහා යුරෝපියානු අභ්‍යවකාශ ඒජන්සිය (European Space Agency - ESA) මගින් 2020 වසරේ පෙබරවාරි 10 වන දින අභ්‍යවකාශ ගත කළ "Solar Orbiter" නම් අභ්‍යවකාශ යානයේ ඇති පාරජම්බුල කිරණ මාධ්‍ය උපයෝගී කරගන්නා කැමරා උපකරණයක් (The Extreme Ultraviolet Imager - EUI) උපයෝගී කර ගනිමිනි.
Solar prominence
Coronal mass ejection
Solar Orbiter (European Space Agency - ESA)
Last edited:
