"NGC 2841" යනු පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 46 ක් ඈතින් "Ursa Major" නම් තාරකා රාශියේ පිහිටා ඇති ඇති සර්ප්ලි මන්දාකිණියකි. " මෙවැනි මන්දාකිණියක් "island universe" එකක් ලෙස හදුන්වන අතර මෙම මන්දාකිණිය "flocculent spiral galaxy" ගනයට අයත් වන සර්පිල මන්දාකිණියක් ලෙස ද හදුන්වනු ලබයි. මෙම ඡායාරූපය මගින් මෙම මන්දාකිණියේ මධ්‍යයට වන්නට පිහිටා ඇති කැපීපෙනෙන කහපැහැති න්‍යෂ්ටිය, මන්දාකිණි තැටිය (galactic disk) හා බොද වී සේ දිස්වන මන්දාකිණියේ බාහිර කලාපයන් ද නිරීක්ශනය කළ හැකි අතර මන්දාකිණියේ සර්පිල බාහු වල පිහිටා ඇති ධූලි මංතීරු (Dust lanes), නව තාරකාවන් බිහිවීමේ ක්‍රියාවලියන් සිදුවන කුඩා කලාපයන් හා යොවුන් තාරකා පොකුරු ද (young star clusters) නිරීක්ශනය කළ හැක. "NGC 2841" මන්දාකිණියේ විෂ්කම්භය ආලෝක වර්ෂ 150 000 ක් පමණ වන අතර අපගේ ක්ෂීර්පථයට සාපේක්ශ්ව විශාලත්වයෙන් වැඩි අගයක් ගනී. 2004 වසරේ මෙම මන්දාකිණියේ ලබාගත් X-ray ඡායාරූප මගින් අනාවරණය වුණේ cosmic wind සහ තාරකා පිපිරීම් හේතුවෙන් නිදහස් වන උණුසුම් වායූන් විහිදී යාම හේතුවෙන් මෙම "NGC 2841" මන්දාකිණිය වටා දීප්තිමත් වළල්ලක් වැනි කලාපයක් (halo) නිර්මාණය වී ඇති බවයි. අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන "NGC 2841" සර්පිල මන්දාකිණියේ මෙම ඡායාරූපය නිර්මාණය කර තිබෙන්නේ 2021 වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවලත්, 2022 වසරේ ජනවාරි මාසයේත් පැහැදිලි රාත්‍රී අහස් කුසවල් තිබූ දිනයන් 32 ක කාලපරිඡ්චේදයක් තුළදී සිදුකළ නිරීක්ශනයන් මගින් ලබාගත් දත්ත ඇසුරෙනි.
NGC 2841

