🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 04 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,993
    113
    nvexcIu.jpg


    "Crab Nebula" යනු ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයෙක් වූ "Charles Messier"විසින් සම්පාදනය කරන ලද නිහාරිකා සහ තරු පොකුරු වර්ගීකරණයන් ඇතුළත් වූ ක්‍රමික නාමාවලියට ඇතුළත් කළ වල්ගාතරුවලට අයත් නොවන එනම් M1 ලෙස ලැයිස්තුගත කරන ලද ප්‍රථම ආකාශ වස්තුවයි. දැවැන්ත තාරකාවක සිදු වූ සුපර්නෝවා (supernova) පිපිරීමකින් පසුව ඉන් විසිරී ගිය සුන්බුන් වලින් නිර්මාණය වූ ප්‍රදේශයක් එනම් "supernova remnant" එකක් ලෙස සැලකෙන මෙම "Crab Nebula" වේ පහත දැක්වෙන ඡායාරූපය නිර්මාණය කර ඇත්තේ, විද්‍යුත් චුම්භක වර්ණාවලිය හරහා ලබාගත් දත්ත දෘ‍ෂ්‍ය ආලෝකයේ තරංග ආයාමයට අනුව දැක්වීම මගිනි.

    මේ සදහා අභ්‍යවකාශයේ රදවා ඇති දුරේක්ශයන්, එනම් "Chandra" දුරේක්ශයෙන් X-ray මාධ්‍ය භාවිතා කර ලබාගත් දත්ත (දම් පැහැයෙන් දිස්වන ප්‍රදේශ), "XMM-Newton" අභයවකාශ දුරේක්ශයෙන් ලබාගත් පාරජම්බුල කිරණ මාධ්‍යයෙන් ලබාගත් දත්ත (නිල් පැහැයෙන් දිස්වන ප්‍රදේශ), "Hubble" දුරේක්ශයේ භාවිතා වන දෘ‍ෂ්‍ය ආලෝක මාධ්‍යය භාවිතා කර ලබාගත් දත්ත (කොළ පැහැයෙන් දිස්වන ප්‍රදේශ) ,හා "Spitzer" දුරේක්ශයෙන් ලබාගත් අධෝරක්ත කිරණ මාධ්‍ය දත්තත් (කහ පැහැයෙන් දිස්වන ප්‍රදේශ) උපයෝගී කරගෙන ඇති අතර පොළවේ පිහිටා ඇති දුරේක්ශක් වන "Very Large Array" නම් රේඩියෝ දුරේක්ශයෙන් ලබාගත් දත්තත් (රතු පැහැයෙන් දිස්වන) මේ සදහා උපයෝගී කොටගෙන ඇත. පෘථිවියේ සිට ආලෝක වර්ෂ 6,523 ක් ඈතින් "Taurus" නමින් හදුන්වන තාරකා රාශියේ පිහිටා ඇති මෙම "Crab Nebula" නම් "supernova remnant" එක නිර්මාණය වීමට හේතු වූ මෙම දැවැන්ත සුපර්නෝවා පිපිරුම ක්‍රිස්තු පූර්ව 1054 දී පෘථිවියට දර්ශනය වී තිබෙන බව ද සදහන් වේ. මෙම "Crab Nebula" වෙහි පිහිටා ඇති "Crab Pulsar" නමින් හදුන්වන නියුට්‍රෝන් තාරකාව (neutron star)"Crab Nebula" හි මධ්‍යයට වන්නට ඇති දීප්තිමත් ප්‍රදේශයෙන් නිරූපණය වන අතර මෙම තාරකාවේ භ්‍රමණ කාලය (rotational period) තත්පරයට 30 වතාවක් වන බවත් තාරකා විද්‍යාඥයන් විසින් හදුනාගෙන තිබේ. තවද මෙම "Crab Nebula" විශාලත්වය ආලෝක වර්ෂ 12 ක් පමණ වන බවත් ඒ සම්බන්ධව සිදු කළ ගණනය කිරීම් තුළින් සොයාගෙන ඇත.


    multiWcrab_lg2048.jpg





    Crab Nebula

     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ වගේ කලර් කම්බිනේෂන් එකක් අපේ ලෝකේ නම් හොයාගන්න නැති වෙයි. අපිට මේවා දැන් තියන විදිහ බලන්න පුළුවන් නම් නේද බන්?
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,993
    113
    මේ වගේ කලර් කම්බිනේෂන් එකක් අපේ ලෝකේ නම් හොයාගන්න නැති වෙයි. අපිට මේවා දැන් තියන විදිහ බලන්න පුළුවන් නම් නේද බන්?
    ඒකනම් ඇත්ත තමයි. :yes:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,993
    113
    දිනය: 2023 ජනවාරි 15

    හබල් දුරේක්ෂය මගින් ලබාගත් "Crab Nebula" දැක්වෙන අපූරු ඡායාරූපයක්


    Image Credit: NASA, ESA, Hubble, J. Hester, A. Loll (ASU)

    CrabNebula_Hubble_3864.jpg
     

    Similar threads