🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 05 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    nvexcIu.jpeg


    ක්ෂීරපථයේ මොනයම් හෝ ස්ථානයක සිට අපගේ සෞරග්‍රහ මණ්ඩලය දෙසට පැමිණෙමින් තිබූ මින් පෙර හදුනාගෙන නොතිබුණු නව වල්ගාතරුවක් සොයාගැනීමට යුක්‍රේන ජාතික නවක තාරකා විද්‍යාඥයෙකු වූ "Gennadiy Borisov" විසින් 2019 වසරේ අගෝස්තු 30 වන දින සමත් විය. ඔහුට ගෞරවයක් ලෙස "Comet 2I/Borisov" (2I/Borisov) ලෙස නම් කරන්නට යෙදුණු මෙම වල්ගාතරුවේ හැසිරීම් රටාව නිරූපණය කෙරෙන, හබල් දුරේක්ශය මගින් ගනු ලැබූ ඡායාරූප ද්විත්වයක එකතුවක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. මෙහි වම්පසින් තිබෙන ඡායාරූපය 2019 වසරේ නොවැම්බර් මස ලබාගෙන ඇති අතර මෙහිදී අධි වේගයෙන් ගමන් කරන වල්ගාතරුව හසු කර ගැනීමට හබල් දුරේක්ශය ගත් උත්සාහය නිසා ඡායාරූපය මදක් බොද වී සේ දිස්වීමට හේතු වී තිබේ. තවද මෙම ඡායාරූපය තවදුරටත් නිර්‍ර්ක්ශනය කළහොත් පසුබිමින් ඡායාවක් ලෙස දිස්වන දුරස්ථ මන්දාකිණියක් හා පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 327 ක් දුරකින් පවතින වල්ගාතරුවේ වල්ග කොටස ද දර්ශනය කර ගත හැක.

    දකුණු පසින් දිස්වන ඡායාරූපයෙන් වල්ගාතරුවෙහි ගමන් මාර්ගය සූර්යයාට ආසන්නයෙන්ම යෙදී තිබූ ස්ථානයට ( යම් අභ්‍යවකාශ වස්තුවක් සූර්යයාට ආසන්නයෙන්ම ගමන් කරන ස්ථානය/ලක්ශය "perihelion" ලෙස හදුන්වයි.) පැමිණ මොහොතට පසු නැවත හබල් දුරේක්ශයට හසුවූ අවස්ථාව පෙන්නුම් කෙරේ. "European Southern Observatory" මගින් සිදුකළ ගවේශනයන් මගින් හෙළි වුණේම් 2019 වසරේ සූර්යයා අසලින් ගමන් කිරීමට පෙර මෙම වල්ගාතරුව කිසිදු අවස්ථාවක වෙනත් තාරකාවක් ආසන්නයෙන් ගමන් කර, එනම් "perihelion" අවස්ථාවකට පාත්‍ර වී නොතිබුණු බවයි. මෙම "Comet 2I/Borisov" (2I/Borisov) වල්ගාතරුව පෘථිවියට ආසන්නයෙන් ම ගමන් කළ අවස්ථාවේ පෘථිවියේ සිට කිලෝමීටර 290 ක පමණ දුරකින් ගමන් කර තිබේ. 2019 වසරේ දෙසැම්බර් 28 වන දින හබල් දුරේක්ශය මගින් ලබාගත් මෙම වල්ගාතරුවේ පැහැදිලි ඡායාරූපයන් මගින් පවා මෙම වල්ගාතරුවේ න්‍යෂ්ටිය පිළිබද පැහැදිලි අදහසක් ගැනීමට තාරකා විද්‍යාඥයන් හට නොහැකි වුණද ඔවුන් විශ්වාස කරන්නේ එම න්‍යෂ්ටියෙහි විෂ්කම්භය කිලෝමීටරයකට වඩා අඩු අගයක් ගැනීමට හැකියාව පවතින බවයි.


    borisovStsci1826.jpg




    "Comet 2I/Borisov" වල්ගාතරුව ප්‍රථම වරට සොයාගත් යුක්‍රේන ජාතික තාරකා විද්‍යාඥ "Gennadiy Borisov"

    Gennadiy Borisov


    1236951.jpg





    2I/Borisov (Comet)






     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,987
    152,980
    113
    මුන් කොහොමද ඕව හොයාගන්නෙ :eek:
    රෑ එලිවෙනකන් උඩ බලන් ඉන්නවද
    එහෙමත් ඉන්නවා ඇති. අපි කවුරු වුණත් ආසයිනෙ තමන් කැමති වැඩක යෙදෙන්න. එතකොට වෙලාව යනවා තේරෙන්නෙ නෑ. :)
     

    Similar threads