🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 07 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,990
    152,988
    113
    nvexcIu.jpg


    අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1500 ක් ඈතින් "Orion" තාරකා රාශියේ පිහිටා ඇති "Horsehead Nebula" නැතහොත් "Barnard 33" නමින් හදුන්වන නෙබියුලාව හා එය වටා පිහිටි දූවිලි හා දීප්තිමත් උණුසුම් වායූන් විශාල වශයෙන් එම නිහාරිකාව වෙතට අවශෝෂණය කර ගන්නා අයුරු දැක්වෙන වර්ණවත් ඡායාරූපයකි. බැලූ බැල්මට ඡායාරූපය වසා පවතින සිංහ හිසක් ලෙස දිස්වන, මෙම ක්‍රියාවලිය නිරූපණය කෙරෙන මෙම අපූරු ඡායාරූපය තාරකා විද්‍යා ඡායාරූප ශිල්පියෙකු (astrophotographer) වන "Maroun Mahfoud" විසින් ලෙබනනයේ, Raachine හි පිහිටි තම නිරීක්ශනාගාරයේදී ඡායාරූපයට හසු කරගෙන ඇති අතර පසුව එම ඡායාරූපය පැය 20 කට ආසන්න කාලයක් ගත කර වැඩිදුරටත් සකස් කර තිබේ. මෙම ඡායාරූපයෙන් දිස්වන තැඹිලි පැහැයෙන් හයිඩ්‍රජන් වායුවෙන් සමන්විත වන කලාපත්, නිල්පැහැයෙන් ඔක්සිජන් වායුවෙන් සමන්විත කලාප හා කොළ පැහැයෙන් සල්ෆර් වායුව අඩංගු කලාපත් නියෝජනය වේ. මිට අමතරව මෙම නිහාරිකාව වටා ඇති, තාරකා සුළං (stellar winds) සහ සුපර්නෝවා මගින් නිර්මාණය කරන ලද තුනී වායුමය තීරු (tapestry of gaseous wisps) හා ධූලි සූත්‍රිකා (dust-laden filaments) ද මෙම ඡායාරූපය මගින් පෙන්නුම් කර තිබේ. එමෙන්ම "Horsehead Nebula" නිහාරිකාවට වම් පසින් පිහිටා තිබෙන " Flame Nebula"(NGC 2024/Sh2-277) නම් විමෝචන නිහාරිකාව (emission nebula) ද මෙම ඡායාරූපය මගින් දර්ශනය කර ගත හැක.

    HorseFlameLion_Mahfoud_4639.jpg




    Horsehead Nebula




     

    Similar threads