අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇත්තේ පෘථිවි චන්ද්‍රයාගේ ස්වරූපය ප්‍රතිලෝම වර්ණයන්ගෙන් (inverted colors) දිස්වන සේ ඩිජිටල් මාධ්‍යයෙන් පරිවර්තනය කරන ලද ඡායාරූපයකි. මෙහිදී ආලෝකයමත් සහ අඳුරු ප්‍රදේශ වලට අනුරූප වන පික්සල් අගයන් ප්‍රතිලෝම ලෙස පරිවර්තනය කිරීම සිදු කර ඇති අතර එමගින් මෙම කලු - සුදු නෙගටිව් ඡායාරූපයට (black and white photographic negative) ව්‍යාජ වර්ණයන් ලබා දී තිබේ. එසේ වුව ද, මෙහිදී චන්ද්‍රයාගෙන් දිස්වන ඉතා ලා වර්ණයන් ( muted colors) සත්‍ය ලෙසම පවතින වර්ණයන් වන නමුත් ඡායාරූපය ඩිජිටල් මාධ්‍යයට හැරවීමට පෙර එම වර්ණයන් වඩාත් කැපීපෙනෙන සේ දිස්වීමට සකස් කර තිබේ.
ඡායාරූපයේ පහළ, එනම් සදෙහි දක්ෂිණ දෙසට වන්නට පිහිටා ඇති විෂ්කම්භය කිලෝමීටර 85 ක් වන හා ගැඹුර කිලෝමීටර 4.8 වන "Tycho" ආවාටය සාමාන්‍යයෙන් දිස්වන්නේ, එය අවට ප්‍ර්දේශයේ සිට දීප්තිමත් රේඛා විහිදුවන ස්වරූපයෙන් වුව ද මෙම ඡායාරූපයෙන් එහි කොළ පැහැති අදුරු රේඛාවන් විහිදෙන්නාක් මෙන් දිස්වීම නිරීක්ශනය කළ හැක. එමෙන්ම සදේ ඇති, සාමාන්‍යයෙන් අදුරු පැහැයෙන් දිස්වන ඝන පාෂාණමය තැනිතලා (basaltic plains) ඇති ප්‍රදේශ වන "Lunar mare" ලෙස හදුන්වන කලාප මෙම ඡායාරූපයේදී දිස්වන්නේ දීප්තිමත් රිදීමය පැහැයකින් (light and silvery colour) වීමද සුවිශේෂ ලක්ෂණයක් ලෙස සදහන් කළ හැක. ඉතිහාසයේ සිට ම තාරකා විද්‍යාත්මක ඡායාරූපයන් ( astronomical images) ඡායාරූප තහඩු ( photographic plates) මතට පිටපත් කරගත්තේ මෙවැනි කලු - සුදු නෙගටිව් ඡායාරූප ( inverted-color negatives) ලෙස වන අතර එයට හේතු වූයේ ඒ ආකාරයට පිටපත් කර ගැනීම තුළින් ඡායාරූපය පරීක්ශා කරන තාරකා විද්‍යාඥයන් හෝ පරීක්ශකයන් හට ඡායාරූපයේ පවතින් සියුම් දත්ත පැහැදිලිව ඇසට හසු කර ගැනීමට හැකියාව හිමිවීමයි. අද දිනයේ තෝරාගෙන ඇති මෙම ඡායාරූපය ඡායාරූපගත කර නැවත මේ ආකාරයෙන් ඩිජිටල් මාධ්‍යයට හරවා නිර්මාණය කර ඇත්තේ එංගලන්තයේ, Southend-on-Sea හී ජීවත් වන නවක තාරකා විද්‍යා ඡායාරූප ශිල්පියෙකු වන Dawid Glawdzin විසිනුයි.

