🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය - 2022 මාර්තු 13 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,998
    153,008
    113
    nvexcIu.jpg


    පෘථිවි‍යේ ඉහළ වායුගෝලයට වන්නට ඇති වායු අණු සහ පරමාණු මගින් සූර්ය‍යාගෙන් පැමිණෙන පාරජම්බුල කිරණ සහ X-කිරණ වරණාත්මකව අවශෝෂණ කරගැනීමේ ක්‍රියාවලියක් නිසා ආකාශයේ ඇතිවන ආලෝක විමෝචනය වීම නිසා හටගන්නා මද වශයෙන් දිස්වන දීප්තියක් එනම් "Airglow" නමින් හදුන්වන සංසිද්ධියක් දක්වෙන අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරා ගෙන තිබේ. ඉහළ වායුගෝලයේ ඇතිවන කැලඹීම සහගත තත්වයක් එනම් ළගාවෙමින් පවතින කුණාටුවක් සේ දිස්වන මෙම "Airglows" ඇතිවීමට ඉහත සදහන් කළ ක්‍රියාවලියේ බලපෑම නිසා ඇතිවන ගුරුත්වාකර්ශන තරංග හේතුවන අතර මේ නිසා වාතයේ ඇතිවන දෝලනය, නිසල ජලයට ගලක් අතහැරි විට ඇතිවන රැළි හා සමාන කළ හැක.

    මේ ආකාරයේ "Airglow" වක් පහැදිලිව දැකගැනීමට හැකිවන්නේ රාත්‍රී කාලයේ අහසකදී වන අතර මෙම සංසිද්ධිය නිසා එම ආකාශයේ මෙම "Airglow" දිස්වන්නේ නොනවතින, එනම් පුනරාවර්තනය වන දේදුන්නක් ආකාරයෙනි.මෙම "Airglow"හි දිස්වන රතු පැහැ දීප්තිය පොළවේ සිට කිලෝමීටර 87 ක් පමණ ඉහළකදී, සූර්යායාගෙන් පමිණෙන පාරජම්බුල කිරණ හේතුවෙන් වායුගෝලයේ නිර්මාණය වන හයිඩ්‍රොක්සිල් අණු (Hydroxide - OH−) හේතුවෙන් හටගෙන ඇති අතර තැඹිලි හා කොළ වර්ණයෙන් දිස්වන "Airglow" ඇතිවීමට තවත් ඉහළට වන්නට හටගන්නා සෝඩියම් හා ඔක්සිජන් පරමාණු හේතු වී තිබේ. මීට වසර කීපයකට පෙර චීනයේ, Qinghai ප්‍රාන්තයේ පිහිටා ඇති "Keluke" විලට ආසන්න මාර්ගයේ තම වාහනය පැදවූ "Xiaohan Wang" නම් ඡායාරූප ශිල්පියා මෙම අපූරු අවස්ථාව දැක තම වාහනය මදකට නවතා මෙම අපූරු ඡායාරූපය තම කැමරා කාචයට හසුකර ගෙන තිබේ. මෙම ඇපූරු ඡායාරූපයෙහි "Airglow" නිසා හටගත් වර්ණවත් තීරු ආකාරයෙන් දිස්වන "airglow bands" වලට අමතරව "Airglow" හි මධ්‍යයය හරහා තීරුවක් ආකාරයෙන් දිස්වන ක්ෂීරපථය මන්දාකිණිය (Milky Way Galaxy) ද දර්ශනය කර ගත හැකිය.


    AirglowRings_Wang_3887.jpg




    Airglow

     

    Similar threads