පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2500 ක් ඈතින් "Monoceros" (The Unicorn) නම් තාරකා රාශියේ පිහිටා ඇති "Monoceros R1 cloud complex" නමින් හදුන්වන දැවැන්ත ධූලි හා වායු වළාවන්ගෙන් සැදුම් ලත්ව නිර්මාණය වූ "A Filament in Monoceros" නම් වූ සුවිශේෂී කලාපයේ දුරේක්ෂීය රූපරාමුවක් (telescopic frame) මෙයින් දක්වෙන අතර නිල්පැහයෙන් යුක්ත වූ "reflection nebulae" මෙම දූවිලි සහිත වපසරිය පුරා විහිදී ඇත. මෙම රූපයෙහි වම්පසට වන්නට ඇති "IC 447" නම් වූ "reflection nebulae" ව, ඊට මදක් පහළින් දකුණු පසට වන්නට පිහිටා තිබෙන "IC 446" නම් වූ අනෙක් "reflection nebulae" හි වූ අදුරු පැහැ ධූලි සූත්‍රිකාව (dark filament of dust) හා එකට එක්වී පවතී. මෙම "IC 447" reflection nebulae තුළ පවතින අපගේ සූර්යයාගේ උෂ්ණත්වයටත් වඩා බෙහෙවින් අධික වූත් ලාබාල හා දැඩි උණුසුමකින් යුතු වූත් නිල් තාරකාවන් පිහිටා තිබෙන අතර ඒවායේ ආලෝකය පරාවර්තනය කරනු ලබන්නේ තාරකාමය ද්‍රව්‍යයන්ගෙන් නිර්මාණය වූ "cosmic cloud" මගිනි. එමෙන්ම මෙම "IC 446" reflection nebulae තුළ නිර්මාණය වෙමින් පවතින දැවැන්ත නව තාරකාවක් හා එහි වූ දූවිලි හා අණුක වායූන්ගෙන් සැදුම් ලත් අදුරු සූත්‍රිකාව ( The dark filament) තුළ පවතින ආලෝක වර්ෂ 15 ක වපසරියක් පුරා පැතිරී ගිය නව තාරකාවන් නිර්මාණය වීමේ ක්‍රියාවලියන් සිදුවන කලාපයන් ද්විත්වයක් ද නිරීක්ශනය කිරීමට තාරකා විද්‍යාඥයන් විසින් සමත් වී ඇත.
"Monoceros" the Unicorn Constellation