නාසා ආයතනය විසින් අභ්‍යවකාශ ගතකරන ලද නවතම දුරේක්ශය වන James Webb අභ්‍යවකාශ දුරේක්ශය (James Webb Space Telescope), පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2000 ඈතට වන්නට, අපගේ ක්ෂීරපථය මන්දාකිණිය (Milky Way Galaxy) තුළම පිහිටා ඇති "2MASS J17554042+6551277" නම් තාරකාව දෙසට නාභිගත කළ මොහොතේ ගනු ලැබූ මෙම අපූරු ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇත. මෙලෙස James Webb අභ්‍යවකාශ දුරේක්ශය නාභිගත කිරීමේදී එහි ආලෝකය විවර්තනය වන රටාව නිර්මාණය කිරීම දුරේක්ශයට අයත් ෂඩාස්‍රාකාර දර්පණ කොටස් 18 මගින් සිදු කරන අතර එම දර්පණ සම්පුර්ණයෙන් දිගහැරීමෙන් පසුව අධෝරක්ත කිරණයන්හි තරංග ආයාමයන්ට අදාළව දුරේක්ශය යොමු කර ඇති ආකාශ වස්තුවේ (මෙම අවස්ථාව ගතහොත් "2MASS J17554042+6551277" තාරකාවේ) පැහැදිලි විභේදනයක් ලබාගැනීම සදහා එම ෂඩාස්‍රාකාර දර්පණයන්ට සමගාමීව දුරේක්ශයේ ඇති මීටර 6.5 ක විෂ්කම්භයකින් යුතු ප්‍රාථමික දර්පණය ද ක්‍රියාත්මක කරවීම මෙහිදී සිදුවේ. මෙලෙස දර්පණයන් නාභිගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු ලබාගත් දුරේක්ශීය රූපරාමුව (telescope image) James Webb Space Telescope'හි ඇති "NIRCam" නමින් හදුන්වන අධෝරක්ත කැමරාව (Near Infrared Camera) මගින් ඡායාරූප ගත කිරීම සිදු කරයි. මෙම ඡායාරූපයේ දිස්වන "2MASS J17554042+6551277" තාරකාව අමතරව, ඡායාරූපයේ පසුබිමෙහි ආලෝක වර්ෂ බිලියන ගණනක දුරකට අයත් වන කලාපයක් තුළ පිහිටා ඇති, තැන තැන විසිරී පවතින මන්දාකිණි විශාල ප්‍රමාණයක් ද මෙහිදී නිරීක්ශනය කළ හැක.
James Webb අභ්‍යවකාශ දුරේක්ශය පිළිබද මම ලියපු වෙනත් ලිපි