🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 මාර්තු 24 - "Arp 78" සර්පිල මන්දාකිණිය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    nvexcIu.jpg


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 130 ක් ඈතින් "Aries" තාරකා රාශියේ පිහිටා ඇති සුවිශේෂී ආකාරයේ සර්පිල මන්දාකිණියක් වන "Arp 78" නැතහොත් "NGC 772" නමින් ද හදුන්වන සර්පිල මන්දාකිණියේ අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ආලෝක වර්ෂ 100 000 ක වපසරියක් පුරා විහිදී පවතින "Arp 78" මන්දාකිණියේ මෙම අපූරු රූපරාමුව ලබාගෙන ඇත්තේ හවායි හි, Maunakea නම් කදු මුදුනෙහි ඉදිකර ඇති "Gemini North" නමින් හදුන්වන දැවැන්ත දුරේක්ශය මගින් වන අතර මෙහි දිස්වන ආකර්ශනීය ධූලි මාවත් (sweeping dust lanes) හා ලාබාල නිල් තාරකා පොකුරු පිහිටා ඇති මන්දාකිණියේ සර්පිල බාහුවෙහි ස්වභාවයෙහි ඇතිවන වෙනස්කම් සදහා මෙම මන්දාකිනියට යාබදව පවතින තවත් මන්දාකිණියක් වන, මෙම රූපරාමුවේ ඉහළ කොටසේ දකුණු දෙසට වන්නට දිස්වන ඉලිප්සීය මන්දාකිණියක් වන ( elliptical galaxy) "NGC 770" මන්දාකිණියත් අතර සිදුවන මන්දාකිණි පරිමාණ ගුරුත්වාකර්ෂණ උදම් අන්තර්ක්‍රියා ( galactic-scale gravitational tidal interactions) හේතුවී තිබේ.


    noirlab2209a_ngc772.jpg




    🌌🌌 NGC 772 🌌🌌


    🔭🔭 Gemini Observatory 🔭🔭




     
    Last edited:

    Similar threads