🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 මාර්තු 25 - "Medusa" නිහාරිකාව (The Medusa Nebula / Abell 21) 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    nvexcIu.jpg


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 1500 ක් ඈතින් "Gemini" තාරකා රාශියේ පිහිටා තිබෙන "The Medusa Nebula" නැතහොත් "Abell 21" යන නමින්ද හැදින්වෙන නිහාරිකාවේ අපූරු ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. "planetary nebula" එනම් සුර්යයා වැනි අඩු ස්කන්ධයකින් යුතු තාරකාවන් ඒවායෙහි ජීවන කාලයෙහි අවසන් අදියරට එළඹීම සනිටුහන් කරමින් රතු යෝධ තාරකාවන්ගේ සිට සුදුවාමන තාරකා බවට පත්වීමේ අවස්ථාවට සම්ප්‍රාප්ත වීමත් සමග ඒවායේ පිටත ස්ථර ඉවත්වීයාම සිදුවන අතර මෙවැනි ක්‍රියාවලීන් සිදුවීම හේතුවෙන් නිරන්තරයෙන් ප්‍රසාරණය වෙමින් පවතින විමෝචන නිහාරිකාවක් (emission nebula) ලෙසද මෙම නිහාරිකාව තාරකා විද්‍යාඥයන් විසින් හදුන්වනු ලබයි.ග්‍රීක පුරාවෘත්ත වල සදහන් වන" Medusa" නම් චරිතය ඇසුරෙන් නම් තබා ඇති මෙම නිහාරිකාව මධ්‍යයයේ පරිවර්තනයකට භාජනය වෙමින් පවතින මද ආලෝකයකින් යුතු වූ තාරකාවක් ද මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර නිහාරිකාව තුළ පිහිටා තිබෙන උණුසුම් තාරකාවකින් නිකුත් පාරජම්බුල කිරණ මගින් නිහාරිකාවට වර්ණවත් දීප්තියක් ලබාදී ඇත . ආලෝක වර්ෂ 4 ක පමණ දුරකට විහිදී පවතින "The Medusa Nebula" මෙම දුරේක්ශීය ඡායාරූපය ලබාගෙන ඇත්තේ තාරකා විද්‍යා ඡායාරූප ශිල්පියෙකු (Astrophotographer) වන "Damien Cannane" විසිනි.


    Medusa_Nebula_141_x_180s.jpg





    ✨✨ The Medusa Nebula / Abell 21 ✨✨




     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113

    දවසේ නාසා ඡායාරූපය​

    දිනය: 2023 මාර්තු 17


    "Medusa" Nebula" නිරූපණය කෙරෙන තවත් අපූරු ඡායාරූපයක්.


    Image Credit & Copyright: Martin Bradley Chesterfield Astronomical Society

    medusaNeb.jpg
     
    • Like
    Reactions: Ramiel

    Similar threads