සිකුරු ග්‍රහයා හා අඟහරු ග්‍රහයා එකිනෙකට සමීපව පිහිටා ඇති ආකාරය දිස්වන මෙම අපූරු ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ග්‍රහලෝක දෙකක් එකිනෙකට සමීපව ඇති ආකාරය පෘථිවියේ සිට නිරීක්ශනය කළ හැකි අවස්ථාවක් එනම් "planetary conjunction" නමින් හැදින්වෙන සුවිශේෂී සංසිද්ධියක් මෙම ඡායාරූපය මගින් නිරූපණය වන අතර මෙහිදී සිකුරු ග්‍රහයා සහ අඟහරු ග්‍රහයා එකිනෙකට සමීපව අංශක 4 ක කෝණයකින් යුතුව දර්ශනය වීම සිදුවේ. මාර්තු මාසයේ මුල්බාගයේ දිනකදී බ්‍රසීලයේ පිහිටි කුඩා නගරයක් වන "Teresópolis" නගරයේදී කැමරාවට හසුකර ගෙන ඇති මෙම ඡායාරූපය, සිකුරු ග්‍රහයා රාත්‍රියන්හීදී උදාවීම ආරම්භ කර හිමිදිරි අහසේදී දර්ශනය වීමත්, ඊට සමගාමීව අඟහරු ග්‍රහයාද ක්‍රමයෙන් උදාවීම ආරම්භ කරන අයුරුත් පෘථිවියට දර්ශනය වීම ඇරඹී දින කීපයකට පසුව ලබා ගත්තකි. මේ අයුරින් හිමිදිරි ආකාසයේ දිස්වන සිකුරු ග්‍රහයා හා අගහරු ග්‍රහයාට අමතරව ඈතින් දිස්වන සෙනසුරු ග්‍රහයාද මෙහිදී දැකගත හැකි අතර මේ ආකාරයේ "planetary conjunctions" හීදී සිදුවන්නේ මෙම ග්‍රහලෝකයන් එකිනෙකට සමගාමීව විවිධ කෝණයන්ගෙන් දිස්වීම පමණක් බවත්, එසේ ආසන්න වශයෙන් දිස්වුවද මෙහිදී තවමත් සත්‍ය වශයෙන්ම සිදුවන්නේ මෙම ග්‍රහලෝකයන් සෞරග්‍රහ මණ්ඩලය තුළ එකිනෙකට ඈතින් පිහිටි ස්ථානවල හා වෙනස් වූ දුරවල්වල සිට සූර්යයා වටා පිහිටි කක්ෂවල ගමන් කිරීම බවත් මෙහිදී විශේෂයෙන් මතක තබා ගත යුතුය. ලබන සතියේදී මෙම "planetary conjunction" සංසිද්ධිය සෙනසුරු ග්‍රහයාත් අගහරු ග්‍රහයාත් අතර සිදුවීමට නියමිතව තිබේ. මෙම ඡායාරූපය බ්‍රසීල ජාතික ඡායාරූප ශිල්පියෙකු වන "Carlos Kiko Fairbairn" විසින් කැමරා කාචයට හසුකර ගෙන තිබේ.
Conjunction (astronomy)
නම් කරන ලද ඡායාරූපය