බ්‍රහස්පති , සිකුරු, අඟහරු හා සෙනසුරු ග්‍රහයන් ආකාසයේ එකපෙළට පිහිටා ඇති ආකාරයෙන් දිස්වන එනම් "Planetary conjunction" අවස්ථාවක් නිරූපණය වන අපූරූ ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. ඊජිප්තුවේ, "Saqqara Necropolis" යන ප්‍රදේශයේ පිහිටා ඇති "Djoser" පිරමීඩය (Pyramid of Djoser) ඡායාරූපයෙහි පහළින් වන්නට දිස්වන අතර ක්‍රිස්තු පූර්ව 27 වන සියවසෙහි ඉදිකරන ලද, ලොව ඇති පැරණිතම පිරමීඩයක් වන මෙම "Djoser" පිරමීඩය යුනෙස්කෝ ලෝක උරුමයක් (UNESCO World Heritage Site) ලෙසද ප්‍රකාශයට පත්කර ඇත. මෙම "Djoser" පිරමීඩය පිහිටි ප්‍රදේශයේදී සවස් කාලයකදී එනම් සූර්යයා ක්ෂිතිජයෙන් බැසයාම දිස්වන සන්ධ්‍යාවේ "blue hour" යනුවෙන් හදුන්වන කාලපරිච්ඡයේදී හා ඊට පසු දින හිමිදිරි උදෑසන ලබාගත් ඡායාරූප දෙකක් සංයුක්ත කිරීම (composite image) මගින් මෙම තනි ඡායාරූපය නිර්මාණය කර තිබේ. අප්‍රේල් මාසයේ මැද පටන් අලුයම් ආකාසයේ දිස්වූ මෙම ග්‍රහලෝක පෙළ අතරින් බ්‍රහස්පති ග්‍රහයා හා සිකුරු ග්‍රහයා ගිය මාසයෙහි අගදී තමන්ට මේ ග්‍රහලෝක පෙළෙහි හිමි ස්ථානයන් මාරු කරගැනීම සිදු කළ අතර මේ මස අවසානයේදී බ්‍රහස්පති ග්‍රහයා, අඟහරු ග්‍රහයා ද අංශක 01 කින් පසු කරමින් පැමිණ නැවත තම ස්ථානය වෙනස් කරගැනීමට නියමිතව තිබේ.
Image Credit & Copyright: Osama Fatehi
When four planets align, Venus and Jupiter 'collide'