කළු කුහරයක (black hole) ස්වරූපය කෙබදු විය හැකිද? මේ පිළිබදව ගවේශනය කිරීම සදහා ලොව පුරා පිහිටි රේඩියෝ දුරේක්ශයන් (radio telescopes), එකිනෙක සම්බන්ධීකරණය කරමින් එක් ජාලයක් ලෙස තම නිර්‍ර්ක්ෂණ කටයුතු වසර මුළුල්ලේම සිදු කරයි. එවැනි ගවේශනයන් වල ප්‍රතිඵලයක් ලෙස එම රේඩියෝ දුරේක්ශ ජාලයට අයත් වූ ලොව පුරා පිහිටා ඇති රේඩියෝ දුරේක්ශ සංකීර්ණයක් ලෙස සැලකෙන "Event Horizon Telescope (EHT)" රේඩියෝ දුරේක්ශය මගින් 2019 වසරේදී, ලොව ප්‍රථම වරට "කළු කුහරයක්" ඡායාරූපයට හසු කර ගැනීමට සමත් වූ අතර එසේ ලබාගත් එම ඓතිහාසික ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන ඇත. පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 53.49 ඈතින් "Virgo" තාරකා රාශිය තුළ පිහිටා ඇති අති දැවැන්ත ඉලිප්සාකාර මන්දාකිණියක් (supergiant elliptical galaxy) වන "Messier 87" (M87, Virgo A හා NGC4486 යන නාමයන්ගෙන් ද හදුන්වයි) මන්දාකිණියේ මධ්‍යයයේ පිහිටා ඇති, අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන බිලියන 6.5 ක ගුණයක් ස්කන්ධයකින් යුතු දැවැන්ත කළු කුහරයේ ඡායාරූපයක් "Event Horizon Telescope (EHT)" රේඩියෝ දුරේක්ශය විසින් මේ අයුරින් ලබාගෙන තිබේ.
මෙහි දැක්වෙන ඡායාරූපයෙහි කළු කුහරයේ මධ්‍යයයේ ඇති කළු පැහැති ප්‍රදේශය, කළු කුහරයේ පවතින ප්‍රබල ගුරුත්වාකර්ෂණය නිසා එහි වූ ආකාශ ගෝලයේ (celestial sphere) හටගන්නා ද්විමාන අඳුරු කලාපය "කළු කුහරයේ සෙවනැල්ල" එනම් "black hole's shadow" ලෙස හදුන්වන අතර කළු කුහරය වටා ඇති, කිසිම වස්තුවකට (ආලෝකයට පවා) ගැලවී යා නොහැකි අවකාශ කලාපයෙහි මායිම ‘event horizon’ ලෙස හදුන්වයි.කළු කුහරයේ වායූන් විමෝචනය සිදුවන මධ්‍ය කලාපය (black hole's shadow) කළු කුහරයෙහි ඇති අධික ගුරුතවය නිසා අදුරු වී පවතින අතර එම මධ්‍ය කලාපයෙහි එනම් black hole's shadow හි විශාලත්වය ‘event horizon’ ඇති සීමාවට ආසන්නයෙන් පවතින දීප්තිමත් වායූන් (කළු කුහරයක් වටා විශාල විශාල වශයෙන් දිලිසෙන හා දීප්තිමත් වායූන්ගෙන් ගහණව පවතී), ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර මගින් ආලෝකය අපගමනය වීම සිදුවීම එනම් "gravitational lensing deflections" හි බලපෑම හා කළු කුහරයෙහි සිදුවන භ්‍රමණය ( black hole's spin / Rotating black hole) මත තීරණය වීම සිදු වේ. මෙම කළු කුහරය සම්බන්ධයෙන් සිදුකළ ගවේශනයන් මගින් ලොව පහළ වූ කීර්තිමත්ම සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයෙක් වූ ඇල්බර්ට් අයින්ස්ටයින් මහතා විසින් සොයාගත් සාපේක්ශතාවාදී නියමයන් (Albert Einstein's theory of general relativity) විශ්වයේ පවතින කර්කශම ස්ථානයන්හී' දී පවා නොවෙනස්ව බලපවත්නා ආකාරය මනාව සනාථ වී තිබේ.
Image Credit: Event Horizon Telescope Collaboration
Black hole
Event Horizon Telescope