🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 මැයි 13 - "ක්ෂීරපථය" මන්දාකිණිය මධ්‍යයයේ පිහිටි දැවැන්ත කළු කුහරය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,086
    113
    nvexcIu.jpg


    පෘථිවියේ සිට ආලෝක වර්ෂ 27 000 ක් ඈතින් එනම් පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය අයත් වන ක්ෂීරපථය මන්දාකිණිය (The Milky Way Galaxy) මධ්‍යයයේ පිහිටා ඇති දැවැන්ත කළු කුහරයෙහි (Supermassive black hole) ලබා ගත් ලොව ප්‍රථම ඡායාරූපය කැමරා කාචයට හසුකර ගන්නට තාරකා විද්‍යාඥයන් විසින් පසුගියදා සමත් විය. Sagittarius A* (Sgr A*) නමින් හදුන්වන මෙම කළු කුහරයේ ස්කන්ධය (solar mass) අපගේ සූර්යයාගේ ස්කන්ධය මෙන් මිලියන 4 ගුණයක් පමණ වන අතර අරය කිලෝමීටර මිලියන 22 ක් පමණ වේ. පහත දැක්වෙන ඡායාරූපයෙහි දිස්වන කළු කුහරයේ ඇති, සෙවනැල්ලක ආකාරයක් ගන්නා අඳුරු මධ්‍ය කලාපය,ඇලබර්ට් අයින්ස්ටයින්ගේ "සාපේක්ශතාවාදය" (Einstein's Theory of General Relativity) මගින් පුරෝකථනය කළ පරිදි කළු කුහරයේ ඇති අධික ගුරුත්වය හේතුවෙන් සිදුවන ආලෝකය නැවීමේ (bending light) ක්‍රියාවලිය නිසා හටගත්තක් වන අතර මෙම මධ්‍ය කලාපය වටා දීප්තිමත් වළල්ලක ස්වරූපය ගන්නා ව්‍යුහයක් ද පිහිටා තිබෙනු මෙහිදී නිරීක්ශනය කළ හැක.

    "Event Horizon Telescope" නමින් හදුන්වන ලොව පුරා පිහිටි රේඩියෝ දුරේක්ශ ජාලය මගින් හසුකර ගත් මෙම ඓතිහාසික ඡායාරූපය ලබාගැනීමේ කර්තව්‍යයේදී, අභ්‍යවකාශයෙහි රදවා ඇති දුරේක්ෂයන් සහ පොළව මත පිහිටා ඇති අභ්‍යවකාශ නිරීක්ෂණාගාර මගින් මින් පෙර ක්ෂීරපථය මන්දාකිණියෙහි මධ්‍යයයේ පවතින ගතික පරිසරය පිළිබදව ලබාගත් දත්ත ද විශාල වශයෙන් උපකාරී වී ඇති ඇත. පහත දැක්වෙන ඡායාරූපයෙහි ඇති ප්‍රධාන පුවරු රූපය (The main panel image) මගින් "Chandra" දුරේක්ශයෙන් ලබාගත් X-කිරණ දත්ත ද, හබල් (Hubble) මගින් ලබා ගත් අධෝරක්ත කිරණ දත්ත ද නිරූපණය කොට ඇත.ඡායාරූපයෙහි මෙම ප්‍රධාන පුවරු රූපය (The main panel image) දැක්වෙන ප්‍රදේශයෙන් ආලෝක වර්ෂ 7 ක වපසරියක් පුරා විහිදී යන කලාපයක් පෙන්නුම් කරන අතර "Event Horizon Telescope" දුරේක්ශය මගින් ලබා ගත් කළු කුහරය දැක්වෙන ප්‍රදේශයෙන් ආලෝක මිනිත්තු 10 (10 light-minutes) ක වපසරියක් නියෝජනය වන කලාපයක් ද නිරූපණය කෙරේ.



    Image Credit: X-ray - NASA/CXC/SAO, IR - NASA/HST/STScI; Inset: Radio - Event Horizon Telescope Collaboration

    sgra_.jpg






    Sagittarius A* (supermassive black hole at the Galactic Center of the Milky Way)




     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    නාසා බේගල්කාරයො දන්න කුහරයක් නෑ.. පෘතුවිය ගෝලාකාරයි කියලා ටොම් පච කියන එවුන්ගේ කතා තවත් විශ්වාස කරන්න පුලුවන්ද ? 🤭

     
    • Haha
    Reactions: Walter White

    Similar threads