🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 අප්‍රේල් 26 - සිඩ්නි ඔපෙරා රංග ශාලාවට ඉහළින් ඇති ආකාසයේ දිස්වන ග්‍රහලෝක පෙළ 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    nvexcIu.jpg


    ඕස්ට්‍රේලියාවේ, සිඩ්නි නගරයේ පිහිටා ඇති සුප්‍රසිද්ධ ඔපෙරා රගහලට ඉහළ ආකාසයේ, එකපෙළට පිහිටා තිබෙන ග්‍රහලෝක කීපයක් දිස්වන අයුරු දැක්වෙන මෙම අපූරු ඡායාරූපය අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙඅන තිබේ. පෘථිවියෙහි උතුරු අර්ධගෝලයට වන්නට පිහිටා තිබෙන රටකට මෙම ග්‍රහලෝක පෙළ රාත්‍රී ආකාසයේ දිස්වන්නේ තිරස් අතට වුවද ඕස්ට්‍රේලියාව වැනි දකුණු අර්ධගෝලයෙහි පිහිටා ඇති රටකට, මෙහි දැක්වෙන ආකාරයට මෙම ග්‍රහලෝක පෙළ සිරස් අතට දර්ශනය වීම සිදුවේ. මීට දින 5 කට පෙර ගනු ලැබූ මෙම ඡායාරූපයේ ඉහළ සිට පහළට පිළිවෙලින් සෙනසුරු, අඟහරු, සිකුරු හා බ්‍රහස්පති ග්‍රහයන් එක පෙළට පිහිටා ඇති ආකාරය නිරීක්ශනය කළ හැකි අතර අප්‍රේල් මාසයෙහි අවසානයත් සමග සිකුරු හා බ්‍රහස්පති ග්‍රහයන් අතර පවතින කෝණික දුර (angular distance) ක්‍රමයෙන් අවම කර ගනිමින් තමන් සිටින ස්ථානයන් දෙක මාරු කර ගැනීම සිදුවේ. මැයි මස අවසානයේදී බ්‍රහස්පති ග්‍රහයා, අඟහරු ග්‍රහයා සිටින ස්ථානය පසු කර ගොස් තමන්ගේ ස්ථානයන් ද මාරු කර ගැනීම සිදුකරන අතර ජූනි මාසයේදී මෙම ග්‍රහයන් පෙළට බුධ ග්‍රහයා ද එක්වීමට ද නියමිතව තිබේ. මේ අයුරින් පෘථිවිවාසීනට ග්‍රහලෝක කිහිපයක් එක පෙළට ඇති ආකාරයෙන් දර්ශනය කර ගැනීමට ලැබෙන අවස්ථාවක් ඇතුළත් විශේෂ සංසිද්ධියක් "planetary conjunction" එකක් ලෙස හදුන්වනු ලැබේ.


    Image Credit & Copyright: Prasun Agrawal

    PlanetParadeSydney_Agrawal_1663.jpg



    නම් කරන ලද ඡායාරූපය

    Planetary-Alignment---SOCIAL-ANNOTATED.jpg




    Saturn, Mars, Venus, and Jupiter - planetary conjunction

     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Hi @Stimulus mind 😊 නාසා කෙප්පයක් නැතැයි?
    තමුන් වගේ මිත්‍යාව වපුරන මන්දමානසිකයො එක්ක වාද කරන්න කාලෙ වැයකරන්න මට අවශ්‍යතාවක් නෑ. මේවා ගැන දැනගන්න කැමති අයට බලන්න තමයි මම මේ ත්‍රෙඩ් දාන්නෙ නැතුව තමුසෙ වගේ පිස්සොන්ට බලන්න නෙවේ. ඒ හින්දා තමුන්ගෙ මිත්‍යාව වපුරන්න ඕන නම් ඒක වෙනම් ත්‍රෙඩ් එකක් දාලා කරගන්නවා, මගේ ත්‍රෙඩ් එක ගදගස්සවන්න එන්නෙ නැතුව. Ignored
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    තමුන් වගේ මිත්‍යාව වපුරන මන්දමානසිකයො එක්ක වාද කරන්න කාලෙ වැයකරන්න මට අවශ්‍යතාවක් නෑ. මේවා ගැන දැනගන්න කැමති අයට බලන්න තමයි මම මේ ත්‍රෙඩ් දාන්නෙ නැතුව තමුසෙ වගේ පිස්සොන්ට බලන්න නෙවේ. ඒ හින්දා තමුන්ගෙ මිත්‍යාව වපුරන්න ඕන නම් ඒක වෙනම් ත්‍රෙඩ් එකක් දාලා කරගන්නවා, මගේ ත්‍රෙඩ් එක ගදගස්සවන්න එන්නෙ නැතුව. Ignored
    බුදු වදනට අවනත වෙන්න @Stimulus mind 🤭 පෘතුවිය කියන්නේ තලයක් මිස ගෝලයක් නෙමේ :yes:
     

    Similar threads