🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 මැයි 07 - "Yosemite" ජාතික වනෝද්‍යානයේ ඇති අපූර්ව ගිණි ඇල්ල "The Yosemite Firefall" 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,003
    153,037
    113
    nvexcIu.jpg


    ඇමරිකාවේ, කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා තිබෙන "Yosemite" ජාතික වනෝද්‍යානයේදී (Yosemite National Park) පෙබරවාරි මාසයෙහි ඇතැම් දිනවල හිරු බැස යන මොහොතේදී අහම්බයෙන් දැකගැනීමට ලැබෙන "Yosemite Firefall" නමින් හදුන්වන දියඇල්ලෙහි ඇතිවන අපූරු සංසිද්ධියක් පවතී. "Yosemite" ජාතික වනෝද්‍යානයේදී පිහිටා ඇති "Glacier Point" නමින් හදුන්වන උස්බිම් ප්‍රදේශයක ඇති කරන විශාල ගින්නක් හේතුවෙන් විසිරී එන ගිණි අගුරු දියඇල්ලේ ජලය සමග පතිත වීමේදී සැන්දෑ කාලයේදී එනම් හිරු බැසයන මොහොතේදී සූර්යාලෝකයත් හා රාත්‍රී කාලයේදී චන්ද්‍රයා උදාවීමත් සමග සද එළිය දියඇල්ලෙන් ගලා එන දිය දහරාව මත පතිත වීමේදී දියඇල්ලේ ජලය රත් පැහැයෙන් එනම් ගිනි ජාලාවක් කඩා හැලෙන ආකාරයෙන් දිස්වීම මෙම සුවිශේෂී සංසිද්ධිය වන අතර 1872 වසරේ "Glacier Point" හීදී සිදුකළ මිනිස් ක්‍රියාකාරකමක් හේතුවෙන් ඇතිවූ දැවැන්ත ගින්නක් හේතුවෙන් දියඇල්ලෙන් ගලන ජල දහරාව පළමුවරට මෙසේ දිස්වී තිබෙන අතර එතැන් පටන් වාර්ෂිකව චාරිත්‍රයක් වශයෙන් ගිම්හාන කාලයේදී මෙම කටයුත්ත "Yosemite" ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශනය යොමු කරගැනීම සදහා සිදුකරනු ලබයි.

    මෙම වාර්ෂිකව සිදුකරන කටයුත්ත "seasonal Horsetail Fall" ලෙස හදුන්වයි.මෙම ඡායාරූපයෙහි දකුණු දෙසින්, බැසයන සූර්යයා දැකගත හැකි අතර සෙවනැලි අතර සැගවී ඇති අයුරින් දිස්වන "Yosemite Firefall" දියඇල්ල ගලා හැලෙන සිරස් බෑවුමකින් සමන්විතවූ "El Capitan" නමින් හදුන්වන දැවැන්ත පාෂාණ පර්වතය ද මෙහිදී පැහැදිලිව දැකගත හැකි අතර සූර්යාලෝකය නිසා ගිණි මෙන් රත් පැහැ ගැන්වී ඇති දිය ඇල්ල ද මෙහිදී දර්ශනය කර ගත හැක. සද එළිය ඇති මොහොතකදී ද මේ ආකාරයෙන්ම මෙම "Horsetail Fall" එක දැකබලා ගැනීම අවකාශය හිමිවන අතර චන්ද්‍රයා බටහිරදිග ක්ෂිත්ජය දෙසින් වන්නට ස්ථානගතව පිහිටා ඇති මොහොතකදී මෙය පැහැදිලිව දැකබලා ගැනීමට අවකාශය නිරීක්ශකයන්ට හිමි වේ. අප්‍රේල් මාසයෙහි 15 වනදා හිමිදිරි උදයේදී කැමරා කාචයට හසුකර ගත් මෙම අපූරු ඡායාරූපයෙහි, චන්ද්‍රාලෝකය (bright gibbous moon) මගින් මද වශයෙන් ආලෝකවත් වී ඇති "Horsetail firefall" දියඇල්ල, තාවකාලිකව ක්‍රියාකාරී වූ මොහොතක (ephemeral Horsetail firefall) දිස්වූ ආකාරය නිරූපණය වේ.


    Image Credit & Copyright: Tara Mostofi

    2021-04-15_443amLunarFirefall1080P.jpg




    Yosemite Firefall

    සද එළිය වැටී ඇති මොහොතක රත් පැහැයෙන් බබළන "Yosemite Firefall" දිය ඇල්ල.

    rawImage.jpg
    im-485978

    _88355929_firefall_624.jpg










     

    Similar threads