🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 මැයි 22 - සූර්යයා මත හටගත් දැවැන්ත සුනාමි කම්පන තරංගය 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,103
    113
    nvexcIu.jpg


    2006 වසරේදී සූර්යයාගෙන් නිකුත් වූ දැවැන්ත සූර්ය ගිනි දැල්ලක් (solar flare) හේතුවෙන් හටගත්, පෘථිවියේ සිදුවන භූ කම්පනයක් හේතුවෙන් හටගන්නා සුනාමි ( tsunami) කම්පන තරංගයක (shock wave) ස්වභාවය ගත් දැවැන්ත ආකාරයේ කම්පන තරංගයක් ඇතිවන ආකාරය දැක්වෙන අපූරු චිත්‍රක හුවමාරු ආකෘති (graphics interchange format - GIF) ඡායාරූපයක් අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබේ. පෘථිවියේ ප්‍රමාණයට සමාන විශාලත්වයකින් යුතු වූ සූර්ය ලපයක් (sunspot) මගින් උත්පාදනය වූ මෙම සූර්ය ගිනිදැල්ල මගින් හටගත් කම්පන තරංගය ග්‍රහණය කර ගැනීම සිදු කර තිබෙන්නේ ඇමරිකාවේ, නිව් මෙක්සිකෝ (New Mexico) හි පිහිටා ඇති "Optical Solar Patrol Network (OSPAN) telescope" නමින් හදුන්වන දුරේක්ශය මගින් වන අතර මෙම ගිනි දැල්ල හටගෙන ඇත්තේ සූර්යයාගේ පවතින "active region AR 10930" (සූර්යයාගේ චුම්බක ක්ෂේත්‍රයෙහි සුවිශේෂී වෙනස්කම් සිදුවන කලාපයන් "solar active regions" නමින් හදුන්වයි) නමින් හදුන්වන කලාපය තුළය.

    මේ ආකාරයේ කම්පන තරංගයක් "Moreton wave" එකක් ලෙස හදුන්වන අතර මෙවැනි ආකාරයේ කම්පන තරංගයක්, සූර්යයාගේ ප්‍රභාගෝලයේ (photosphere) ඇති හයිඩ්‍රජන් ඇතුළු සම්පීඩිත සහ රත් වූ වායූන්ගෙන් සමන්විත වන අතර හටගන්නා අවස්ථාවේදී දීප්තිමත් දිලිසීමක් ඇති කරමින් නිකුත් වීම සිදුවේ. මෙම විශේෂිත ඡායාරූපය, හයිඩ්‍රජන් වායුවෙන් පමණක් විමෝචනය වන විශේෂිත රතු පැහැයක් මගින් දිස්වන ආකාරයෙන් හසුකරගෙන ඇති අතර මෙම සුනාමි කම්පන තරංගය මගින් සූර්යයාගේ පවතින සක්‍රීය සූත්‍රිකාවන් ( filaments on the Sun) ඉවත් කරලීමක් සිදුවී තිබුණද පසුව ඒවා නැවතත් ස්ථාපනය වී තිබේ."Filaments" යනුවෙන් හදුන්වන්නේ සූර්යයාගේ වායුගෝලය තූල පවතින ප්ලාස්මා එනම් විද්‍යුත් චුම්භක වායූන්ගෙන් සමන්විත වී ඇති අදුරු පැහැයට හුරු රේඛාවන් හා චාප හැඩයන්ගෙන් යුක්ත වන කලාප වේ.මෙම සූර්ය සුනාමිය පැයට කිලෝමීටර මිලියනයක් පමණ වේගයකින් සූර්යයා පුරා පැතිරී යෑම සිදුවී ඇති අතර මිනිත්තු කීපයක් තුලදී මුළු සූර්යයා වටාම ගමන් කිරීමට ද සමත් වී ඇත.

    (Image එක වෙනම tab එකක open කරලා බලන්න :))


    Image Credit:
    NSO/AURA/NSF and USAF Research Laboratory

    SunTsunami_nso_900.gif





    Moreton wave (Solar Tsunami)

     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,103
    113
    මේකෙන් පෘතුවියට මොනව හරි උනාද ඒ දවසෙ? මොනවහරි බලපෑමක්?
    2006 දෙසැම්බර් 5 වෙනිදා ඇතිවුණු Solar flare එකක් නිසා Satalite communications නුයි, GPS system යි විනාඩි 10 ක් විතර වැඩ කරන්නෙ නැතුව ගිහින් තියෙනවා. :yes:
     

    Similar threads