අද දිනයේ නාසා ඡායාරූපය ලෙස තෝරාගෙන තිබෙන පහත දැක්වෙන අපූරු ඡායාරූපයෙන් නිරූපණය වන විචිත්‍රත්වය ඔබට වෙතට ගෙන එන්නේ ස්ථර කිහිපයකින් විදහා දැක්වෙන පරිද්දෙනි. ඡායාරූපයෙහි පහළින්ම ඇති ස්ථරයෙන් දැක්වෙන්නේ ස්පාඤ්ඤයෙහි, බාර්සිලෝනා (Barcelona) නගරයට අයත්ව පිහිටා තිබෙන 'Manlleu' නම් ගම්මානයයි. කැමරා කාචය මිනිත්තු 6 ක නිරාවරණ කාලයට ලක්කරමින් හසුකර ගෙන ඇති මෙම ඡායාරූපයෙන් මහමාර්ගයෙහි ගමන් ගන්නා රථ වාහනවලින් එල්ල වන විදුලි පහන්වල ආලෝකය දිස්වන්නේ වක්‍ර වී ගිය ආලෝක රේඛාවක් අයුරෙනි. ඡායාරූපයෙහි වූ අනෙක් ස්ථරයෙන් දැක්වෙන්නේ 'Pyrenees' නම් වූ යුරෝපයෙහි පිහිටි සුප්‍රසිද්ධ කඳු වැටියට අයත් වූ "Serra de Bellmunt' නම් කන්දයි. මීළගට දිස්වන්නේ "anvil cloud' නමින් හදුන්වන සුවිශේෂී හැඩයෙන් යුක්ත වූ වළාකුළු විශේෂය හේතුවෙන් හටගෙන ඇති දැවැන්ත අකුණු කුණාටුවකි (lightning storm).
ඡායාරූපය ලබාගත් කැමරාවෙහි වූ දිගු නිරාවරණ කාලය හේතුවෙන් අකුණු කුණාටුව නිසා හටගත් බලවත් අකුණු සැරයන් මාලාව ද ඉතා පැහැදිලිව හසු කර ගැනීමට ඡායාරූප ශිල්පියා විසින් මෙහිදී සමත් වී තිබේ. අවසාන වශයෙන්, ඡායාරූපයෙහි ඉහළින්ම පවතින ස්ථරය මගින් ආකාසයේ දිස්වන දුරස්තර තාරකාවන් නිරූපණය වන අතර කැමරා කාචයෙහි සිදු කළ මිනිත්තු ගණනක නිරාවරණය හේතුවෙන් එම තාරකාවන් වක්‍ර ආකාරයේ රේඛාවන් රාශියක් ලෙස දිස්වන ආකාරය මෙහිදී නිරීක්ශනය කළ හැක. මේ අයුරින් තාරකාවන් දිස්වීමට පෘථිවියේ සිදුවන භ්‍රමණය හේතු වී ඇති අතර මෙලෙස දිස්වීම හේතුවෙන් පෘථිවියට ඉහළින් වූ උතුරු භ්‍රමණ ධ්‍රැවයට (north spin pole) සාපේක්ශව එම තාරකාවන් පිහිටා ඇති දුර පිළිබදව තතු පෙන්නුම් කරනු කරයි. පසුගිය ජූනි මාසයට අයත් දිනයක, හිරු බැසයන මොහොතේ ලබාගත් මෙම ඡායාරූපයෙහි දිස්වන අකුණු කුණාටුව මොහොතකින් පහවී යාම සිදුවුව ද මෙහි දිස්වන තාරකාවන් පෘථිවියෙහි සිදුවන භ්‍රමණය නැවතී යන තෙක්ම දිනපතාම මෙලෙස ආකාසයෙහි ගමන් කරන ආකාරය, ඇතැම් විට වසර බිලියන ගණනක් අනාගතයට යන තෙක්ම දිස්වීම සිදුවනු ඇත.
Image Credit & Copyright: Marc Sellés Llimós
Pyrenees (Mountain)

