🌏🔭🌌 දවසේ නාසා ඡායාරූපය: 2022 ඔක්තෝම්බර් 21 - නවසීලන්තයේ දකුණුදිග ප්‍රදේශයට ඉහළින් ඇති ආකාසයෙහි දිස්වූ "ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය" 🌌🔭🌎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    nvexcIu.jpg


    නවසීලන්තයේ දකුණුදිග ප්‍රදේශයට සිට ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය (Andromeda Galaxy) නිරීක්ශනය කළ හොත් එය ක්ෂිතිජයේ සිට අංශක 5 කට වඩා ඉහළින් දැකගැනීමට කිසිවිටකත් අවස්ථාව නොලැබේ. පෘථිවියේ දකුණු අර්ධගෝලයෙහි රටවලට වසන්ත සෘතුව සැප්තැම්බර් මස අගභාගයේදී උදාවීමත් සමග එම කාලසීමාව තුළ මධ්‍යම රාත්‍රියේදී ආකාසය නිරීක්ශනය කළ හොත් මෙම ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය රාත්‍රී ආකාසයෙහි ඉහළින්ම වන්නට දිස්වන අයුරු නිරීක්ශනය කළ හැකිය. තත්පර 30 ක ඒකීය නිරාවරණ කාලයකට (exposure time) කැමරාව ලක් කරමින් ලබාගත් පහත දැක්වෙන "ටෙලිෆොටෝ ඡායාරූපය" (telephoto image) මගින් පෘථිවියට ආසන්නයෙන්ම පවතින අසල්වාසී ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය, නවසීලන්තයේ දකුණු දූපතෙහි වූ "Southern Alps" නම් කඳු වැටියෙහි පිහිටුවා ඇති "Mount John Observatory" නම් වූ අභ්‍යවකාශ නිරීක්ශනාගාරය ආශ්‍රිත ප්‍රදේශයට දිස්වූ අයුරු නිරූපණය වේ.

    ඡායාරූපයෙහි පසුබිමින් දිස්වනුයේ මෙම නිරීක්ශනාගාරය අසබඩ පිහිටා තිබෙන "Alexandrina' නම් විල වන අතර එම විලෙහි ජලතලය මත දිස්වන ඉහළ ආකාසයෙහි වූ දුරස්තර තාරකාවන්ගේ ප්‍රතිබිම්භයන් මගින් ඡායාරූපයට අපූර්ව අලංකාරයක් ලබා දී තිබේ. "Messier catalog" නම් වූ ආකාශ වස්තූන් ලැයිස්තුගත කිරීම සදහා නිර්මාණය කළ වර්ගීකරණයට ඇතුළත් වී තිබෙන දීප්තිමත් ම ආකාශ වස්තූන් අතරින් එකක් ද වන Messier 31, M31, හා NGC 224 යන නාමයන්ගෙන් ද හදුන්වනු ලබන මෙම ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය, පියවි ඇසින් ආකාශය නිරීක්ශනය කරන විට ලා පැහැ ගත්, ඇපැහැදිලි කුඩා පැල්ලමක් ආකාරයෙන් දැකගත හැකිය. නමුත් මෙම ඡායාරූපයෙහි වූ පැහැදිලි, අඳුරු ආකාසය දැක්වෙන කලාපය දිගු නිරාවරණ කාලයකට කැමරාව ලක්කරමින් හසුකරගත් බැවින් ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණිය මෙහි දිස්වන්නේ පෘථිවි චන්ද්‍රයා ආකාසයෙහි දිස්වන දෘෂ්‍ය පරිමාණය මෙන් හයගුණයක වපසරියක් පුරා විහිදී ඇති පරිද්දෙනි.


    Image Credit & Copyright: Ian Griffin (Otago Museum)

    andromeda-over-alps.jpg





    Mount John Observatory

    Panorama_mt_john2.jpg








     

    Similar threads