මීට වසර 2 කට පෙර, එනම් 2020 වසරේ ජූලි මස 8 වන දින හිමිදිරි කාලයේ කැමරා කාචයට හසුකර ගත් මෙම අපූරු "time-lapse" වීඩියෝවෙන්, 2020 වසරේ දර්ශනය වූ "Comet C/2020 F3 (NEOWISE)" නම් වල්ගාතරුව උතුරු දෙසින් වන්නට ඇති ආකාසයේ උදාවීම සිදු වූ ආකාරය නිරූපණය වේ. මෙම සියවස තුළ පියවි ඇසින් නිරීක්ශනය කිරීමේ අවස්ථාව උදාවන ප්‍රධාන වල්ගාතරු අතරින් එකක් වූ මෙම වල්ගාතරුව, 1997 වර්ෂයේදී දිස්වූ "Hale–Bopp" වල්ගාතරුවට (Comet Hale–Bopp) පසුව උත්තර අර්ධගෝලයේ රටවලට දිස්වූ දීප්තිමත්ම වල්ගාතරුව ලෙස ද හදුන්වනු ලබයි.
මෙලෙස "Comet C/2020 F3 (NEOWISE)" වල්ගාතරුව උදාවූ ආකාරය නිරූපණය වන මෙම "time-lapse" වීඩියෝව, මිනිත්තු 30 ක කාලයක් තුළ ලබාගත් ඡායාරූප 240 ක් සංයෝජනය කිරීම මගින් නිර්මාණය කර ඇති අතර මෙම ඡායාරූපයන්, ඉතාලි අර්ධද්වීපයත්, බෝල්කන් අර්ධද්වීපයත් (Balkan Peninsula) වෙන්කරමින් පීහිටා තිබෙන "ඇඩ්‍රියාටික් මුහුද" (Adriatic Sea) අසල වූ ප්‍රදේශයක සිට ලබා ගැනීම සිදු කර තිබේ. ආකාසයේ එනම් පසුබිමින් වන්නට දිස්වන දීප්තිමත් හා රැලි සහිත ස්වභාවයක් ගන්නා "ශානිභාෂක / නිශාචර වළාකුළු" නැතහොත් 'noctilucent clouds' නමින් හදුන්වන වළාකුළු හා දුරස්තර තාරකාවන් අතරින් "Comet C/2020 F3 (NEOWISE)" වල්ගාතරුව උදාවන ආකාරය මෙහිදී දැකගත හැකි අතර වල්ගාතරුවේ වූ විෂ්කම්භය කිලෝමීටර 5 ක් වන න්‍යෂ්ටියත් (nucleus) අයන හා දූවිලි වල්ගයත්, 2020 වසරේ අගෝස්තු මස අගභාගය වන තෙක්ම ඉතා දීප්තිමත් ආකාරයෙන් යුක්තව දිස්වන ආකාරය නිරීක්ශනය කිරීමට පෘථිවිවාසීන්ට අවස්ථාව උදා වුණි.
Video Credit & Copyright: Paolo Girotti
Comet C/2020 F3 (NEOWISE)
Comet NEOWISE, the best comet of 2020
"Noctilucent clouds" පිළිබද ලිපිය
