මෙම වීඩියෝවෙන් දිස්වන්නේ මීට දින 10 කට පමණ පෙර දිස්වුණු සූර්යයාගෙන පැන නැගුණු සූර්ය ගිනි දැල්ලකි. සූර්යයාගේ වායුගෝලයේ පිටත කොටස එනම් "සූර්ය කොරෝනාවෙන්" (Sun's corona) ප්ලාස්මා සහ චුම්බක ක්ෂේත්‍රය විශාල වශයෙන් බැහැර කිරීම කිරීමේ ක්‍රියාවලිය (coronal mass ejection) හේතුවෙන් මෙසේ අතිවිශාල ගිනිදැල් නිකුත්වීම සිදුවේ. මේ අතරින් මේ වීඩියෝවෙන් දැක්වෙන සූර්ය ගිනිදැල්ලේ සුවිශේෂත්වය වනුයේ එම ගිනිදැල්ලේ හැඩය ප්‍රංශයේ ඇති අයිෆල් කුළුණට සමාන හැඩයකින් යුක්ත වීමයි. සාමාන්‍යයෙන් මෙවැනි ගින්දැල්ලක් උස බ්‍රහස්පති ග්‍රහයාගේ විශාලත්වයටත් වඩා අධික අගයක් ගන්න අතර මේ ආකාරයේ අති දැවැන්ත ගිනිදලු මගින් සිදුවන "coronal mass ejection" හේතුවෙන් පෘථිවියට පවා දැඩි බලපෑම් කළ හැකි සූර්ය කුණාටු ඇතිකිරීමට ද හේතු වේ. මෙම අපූරු සංසිද්ධිය ඇතුලත් වීඩියෝව රූපගත කර තිබෙන්නේ ඇමරිකාවේ, Tennessee ප්‍රාන්තයේ Hendersonville නගරයේ ජීවත් වන තාරකා විද්‍යා ඡායාරූප ශිල්පියෙකු (astrophotographer) විසිනි