🌞🎃 සූර්යයාගේ අද්භූත සිනහව 🎃🌞

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    jhGPh6y.jpg


    නාසා ආයතනයට අයත් "Solar Dynamic Observatory" (SDO) අභ්‍යවකාශ යානය මගින් දෘෂ්‍ය ආලෝකයේ "193' හා "211' යන තරංග ආයාමයන් ද්විත්වයේදී හසුකරගත් මෙම වීඩියෝව මගින් නිරූපණය වන්නේ සූර්යයා මත හටගත් සූර්ය සුළංවල බලපෑම හේතුවෙන් නිර්මාණය වූ "coronal holes' නමින් හදුන්වන අඳුරු පැල්ලම් ලෙස දිස්වන ප්‍රදේශයන් ත්‍රිත්වයකි. "coronal holes' යනුවෙන් හදුන්වනු ලබන්නේ සූර්යයාගේ වායුගෝලයෙහි බාහිරින්ම පිහිටි ස්ථරය වන "සූර්ය කොරෝනාවෙහි" (Sun's corona) හටගනු ලබන, සූර්යයා මතුපිට වූ ප්ලාස්මාවන්ගෙන් ගහන වූ සෙසු ප්‍රදේශයන්ට වඩා ඝනත්වයෙන් හා උෂ්නත්වයෙන් අඩු ප්‍රදේශයන් ය. සිනහසෙන "හැලොවීන් මුහුණක" ආකාරයෙන් දිස්වන මෙම "coronal holes' ට අයත් ප්‍රදේශයෙහි පවතින චුම්බක ක්ෂේත්‍රයේ බලපෑම හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුළින් සූර්ය පදාර්ථයන් ඉවතට නිකුත් කිරීමක් සිදු කරන අතර එම පදාර්ථයන් ඉවතට නිකුත් වන්නේ පැයට කිලෝමීට මිලියන 1.8 ක (පැයට සැතපුම් මිලියන 2.9 ක්) පමණ වේගයකිනි.


    Credit: NASA/SDO/helioviewer.org






    ලිපිය සැකසුම: Stimulus mind
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,455
    49,832
    113
    සේදවත්ත
    කින්ඩියට හිනා වෙන්නෙ හොදකට වෙන්න බෑ හැබැයි. අපේ නස්තස්ත්‍ර සැට් එක මේක දැක්කනම් ෆුල් ආතල් එකක් උදේ ටිවී එකේ අද දවස පලාපල එකට මුලු ලංකාවටම දෙනවා.