ගොඩක් අය ඉතාමත් උනන්දුවෙන් කතා කරන දෙයක් ගැන... ඒ තමයි කෘතිම බුද්ධිය.. එහෙමත් නැත්තම් Artificial intelligence ගැන...
ඔයාලා computer එකෙන් එහෙමත් නැත්තම් phone එකෙන් මොකක් හරි වැඩක් කර ගන්න ඕනි නම් ඔයාලට softwear එකක් ඕනි වෙනවනේ.. උදාහරණයක් කිව්වොත් ඔයාලට photo එකක් edit කරන්න ඕනි නම් ඔයාලා photoshop use කරනවා වගේ... ඉතින් ඔන්න ඔය softwear කියන දෙය සංකීර්ණ ලෙස දියුනු කරලා ඒ softwear එකට හිතන්න පුලුවන් කරනවා.. ඒ කියන්නේ පරිශීලකයෙක් නැතුව දැන ඒ softwear එකට වැඩ කරන්න පුලුවන්.. ඉතිම් මේ software හදන්න තමා මේ artificial intelligent කියන ක්ශේස්ත්‍රය භාවිත වෙන්නේ.. මේ තාක්ෂණය දියුණු වෙන්නේ intelligent machine හදන්න ..
මේක ගැන තවත් විදියකට කිව්වොත් ඇත්තටම මේ වගේ computer process එකක මිනිස්සු විදියට හිතන්න පුළුවන් computer software හදනවට වඩා, අපේ මොලය වගේ කෘතිමව මොලයක් හදලා ඒ brain එක computer system එකකට connect කරන එක... ඒ පිලිබදව පරීක්ෂණ විශාල ප්‍රමාණයක් විවිද ආකාරයෙන් මේ වෙද්දිත් සිදු වෙනවා... ඒ කියන්නේ මේ කෘතිම බුද්ධිය කියන එක තාම දියුනු වෙන ක්ශේස්ත්‍රයක්.. ගොඩාක් දියුණුයි වගේ පෙනුනට එහෙම නෑ.... හැබැයි මේක දිනෙන් දින දියුනු වෙනවා... ඒ වෙනුවෙන් ගොඩක් අය මහන්සී වෙනවා..
ඒ කාලේ හිටපු අංක එකේ chess ශූරයා තමා Garry Kasparov . ඉතින් මේ computer එක හදපු scientists ලා තීරණය කළා මේ computer එකට අවස්ථාවක් දෙන්න Garry Kasparov එක්ක chess game එකක් play කරන්න...
ඉතින් ඒ කාලේ හිටපු මිනිස්සු කිව්වේ නම් Garry Kasparov ට මේ Deep Blue කියන computer එක පහසුවෙන්ම පරාද කරන්න පුළුවන් වෙයි කියලා... මොකද ඒ කාලේ හිටපු මිනිස්සු හිතුවේ නෑ කෘතීම බුද්ධියකට පුළුවන් වෙයි කියලා අපේ මිනිස් මොලය අභිබවා යන්න.. කට්ටියම බලාපොරොත්තු වුනු විදියටම Garry Kasparov ට පුළුවන් වුනා පහසුවෙන්ම මේ Deep Blue කියන computer එකේ chess game එක පරාද කරන්න.. ආඩම්බරයි නේ...
මේ Deep Blue කියන computer එකේ chess game එක පරාදයට හේතු වුනේ මේකේ තියෙන processing power එක... මොකද chess ක්‍රීඩාව ලොකු පරාසයක පැතිරිලා තියනවා.. ඒ කියන්නේ ලොකු සම්බාවිතා කුලකයක් තියනව.. මං හිතනවා තේරෙන්න ඇති කියලා..
මේ computer එකට බැරි වුනා මේ සම්බවිතා කුලකය එකවර Brute Force කරගෙන checkmate වෙන තැන් ටික හරියටම හොයාගන්න.. හැබැයි ඉතින් මිනිසත් අත ඇරියේ නෑ වැඩේ.. මිනිසාව පර්ජාය කරන්න පුලුවන් පරිඝනක හදන්න ගොඩක් මහන්සි උනා..ඉතින් පසුකාලීනව මේ Deep Blue කියන computer එකේ තිබුන processing power එක කීප ගුණයකින්ම වැඩි කරා... ඉතින් ඒක නිසා ඒකට පුළුවන් වුනා මේ chess වල තිබෙන සම්බාවිතා කුලකය ඉතාමත් වේගයෙන් Brute Force කරන්න. ඒ වගේම Deep Blue කියන computer එකේ තිබුන software සෑහෙන්න දියුණු වුනා.. ඉතින් මේ computer එකට පුළුවන් වුන අවසානෙදි මේ chess වල තිබෙන ලොකු සම්බාවිතා කුලකය එකසැරේ Brute Force කරන්න.. ඊට පස්සේ ඔන්න Deep Blue කියන computer එකට පුළුවන් වුනා Garry Kasparov ව පරද්දන්න... කෝම හරි මිනිසා විසින් හදපු පරිඝනකය මිනිසාව පරාජය කරන්න පුලුවන් තැනට දියුනු උනා...
හැම දේකම මොකක් හරි ප්‍රශ්නයක් තියනවනේ.. ඉතින් මේ කෘතිම බුද්ධියේ තිබෙන ප්‍රධානම ගැටලුව තමයි මේකට කරන්න පුළුවන් වෙන්නේ එක වැඩයි.. ඉතින් ඔයාලට ඕනේ නම් මේ වගේ තව වැඩක් මේ computer එකට කියලා කරවගන්න මේකේ software අලුතින්ම හදන්න ඕනේ වෙනවා.. මේ ප්‍රශ්නය විසදන්න තමා Machine Learning කියන idea එක අවේ.. Computer එකකට Machine Learning තියෙනවා නම් අපිට පුළුවන් ඒ Computer එකට මොනා හරි වැඩක් කරන හැටි උගන්වන්න..
ඉතින් මේ වගේ Machine Learning තියන computer එකකට උගන්වන්න ක්‍රම ගොඩක් තියෙනවා .ඔයාල සමහරවිට මේ වන විටත් අහල ඇති supervised learning , unsupervised learning and reinforcement learning වගේ technic ගැන... ඒවා ගැන නම් මේ දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මං...
හිතන්න ඔයාලට ඕනේ වුනා කියලා මේ වගේ computer එකකට වැසි දවස් වලට අහස මොන වගේද කියලා උගන්වන්න .එතකොට අපි කරන්න ඕනේ වැස්ස තියෙන දවසක photos විශාල ප්‍රමාණයක් computer එකට ගන්න සලස්වනව. ඒ වගේම වැස්ස නැති දවසක photos විශාල ප්‍රමාණයක් computer එකට ගන්න සලස්වනව. එතකොට මේ computer එක image recognizing use කල්ල මේ computer එකට හදුනාගන්න පුළුවන් වෙනවා වැස්ස දවස් වලට අහස මොන වගේද කියලා.. (කෙටියෙන් කිව්වට ගොඩාක් සංකීර්ණ වැඩක් හරිද..)
එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ අහසේ photos විශාල ප්‍රමාණයක් computer එකට පෙන්වල මේවා group කලාට පස්සේ අපට පුළුවන් මේ හැම group එකකටම label එකක් දෙන්න. උදාහරණයක් විදියට වැස්ස තියෙන වැස්ස නැති වගේම කුණාටු තියෙන දවසක photos මේ වගේ group කල්ල label දීල , ඒ label use computer එකට දැනගන්න පුළුවන් වැස්ස තියෙන දවසක ස්වබාවය මොන වගේද කියලා .ඒ වගේම වැස්ස නැති දවසක ස්වබාවයත් අදුර ගන්න පුලුවන් වෙනවා..
ඉතින් මේ වන විටත් අපි machine learning තියෙන programme විශාල ප්‍රමාණයක් අපි පාවිච්චි කරනවා.. ඒවාට පුළුවන් වෙලා තියෙනවා ගුවන් යානා පදවන්න , වාහන පදවන්න , ප්‍රශ්න වලට උත්තර දෙන්න වගේ තවත් ගොඩාක් සංකීර්ණ වැඩ කරන්න...
ඉතින් මේ artificial intelligent ගැන කතා කරද්දී ගොඩක් අය කියන්නේ මේවට අලුතින් හිතන්න බැහැ .හැගීම් බර නැ .අපි වගේ නිර්මාණශීලි නැ කියලා .එත් එක ඇත්තටම එහමද.. ඇත්තටම ඒක එහෙම නෑ... දැන් තියනවා කෘතිම බුද්ධිය හොදා ගෙන නිර්මාණය කරපු හැගීම් දැනීම් තියන රොබෝවරු.. මං මේ ලගදි දැක්ක එහෙම රොබෝ කාන්තාවක් tv එකේ.. ඒ රොබෝ මිනිසුනුන් කියන කියන දේවල් අහලා ඒවට අනුව ප්‍රතික්‍රියා කරන්න පුලුවන්... පුදුමයි නේද?? ..
ඉතින් මේ වගේ තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
හැමෝටම සුභ දවසක්..

