🌠🌃🌕 දවසේ නාසා ඡායාරූපය: 2022 නොවැම්බර් 12 - මැන්හැටන් නගරයට ඉහළින් දිස්වූ පූර්ණ චන්ද්‍රග්‍රහණය (Blood Moon lunar eclipse) 🌕🌃🌠

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    Re2fjSp.jpg



    පසුගිය නොවැම්බර් 08 වනදා සිදුවූ චන්ද්‍රග්‍රහණය හටගත් මොහොතේ ඇමැරිකාවේ, නිව්යෝර්ක් නුවර පිහිටි මැන්හැටන් නගරයට ඉහළින් පැවති රාත්‍රී ආකාසය දිස්වුණු අයුරු පහත දැක්වෙන රූපරාමු 16 ක් සංයුක්ත කරමින් නිර්මාණය කරන ලද "timelapse' ඡායාරූපයෙන් නිරූපණය වේ. ඡායාරූපයෙහි නිරූපිත රාත්‍රී අහස් කුසෙහි දැක්වෙන "timelapse' අවස්ථාව මගින් පෘථිවියෙහි භ්‍රමණය හේතුවෙන් ආකාසයෙහි ගමන් කරන අයුරින් දිස්වන තාරකාවන් විසින් නිර්මාණය කරන ලද මං සළකුණු (star trails) මෙහිදී නිරීක්ශනය කළ හැකි අතර මෙහි චන්ද්‍රයා පවතින්නේ පෘථිවියෙහි රත් පැහැ සෙවනැල්ල මගින් ආවරණය කොටගෙනය.

    මේ අතර ඡායාරූපයෙහි දිස්වන අහස් කුසෙහි මධ්‍යයය කලාපයේ සිට පහළින් වූ සූර්යාලෝකය හේතුවෙන් ආලෝකමත් වී ඇති කොටස දක්වා දිවෙන ආකාරයෙන් දිස්වන රේඛීය මං සලකුණ, පෘථිවිය වටා කක්ෂ ගත වී ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය (International Space Station) මගින් නිර්මාණය කරන ලද්දකි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය මගින් නිර්මාණය කළ මෙම මං සලකුණ, "Taurus' නම් තාරකා රාශියට අයත් වූ තාරකාව දිස්වන ස්ථානයේ සිට පටන් ගෙන, "Canis Major" නම් වූ තාරකා රාශියට අයත් වන ඔරායන්ගේ පටිය (belt of Orion) නම් තාරකා රටාව අතරින් ගමන් කරමින්, "Sirius" නම් දීප්තිමත් තාරකාවට මදක් ඉහළින් ඡායාරූපයෙහි දකුණු පස සිට වම්පස දක්වා පුළුල්ව විහිදී ඇති අයුරු මෙහිදී දැකගත හැකිය.

    ඡායාරූපයෙහි දිස්වන ආකාසයෙහි පහළින් වූ ක්ෂිතිජයට ආසන්නයෙන් වන්නට ගමන් කළ ගුවන් යානයක් මගින් නිර්මාණය කරන ලද දීප්තිමත් මං සලකුණක් ද මෙහිදී දැකගත හැකි අතර ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය හා මෙම ගුවන් යානය මගින් නිර්මාණය කළ මං සලකුණු අතර ඇති හිඩැස් (කඩ ඉරි ආකාරයෙන් දිස්වන) මගින් මෙම ඡායාරූපය නිර්මාණය කිරීමට භාවිතා කළ රූපරාමු 16 හසුකරගැනීම සදහා යොදාගත් කැමරාවෙහි වූ කැමරා කාචය නිරාවරණයට (camera exposure) ලක්කල එකිනෙකට වෙනස් අවස්ථාවන් හා එකිනෙකට වෙනස් වූ කාලසීමාවන් නිරූපණය කරයි. මෙම ඡායාරූපයෙහි ඉහළින්ම දිස්වන දීප්තිමත් කෙටි මංසලකුණ අඟහරු ග්‍රහයා විසින් නිර්මාණය කරන ලද්දකි. මේ අතර "Pleiades' නම් වූ විවෘත්ත තාරකා පොකුර (open star cluster) මගින් හටගත් මං සලකුණ, එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට හා වැසී ගිය චන්ද්‍රයාට ඉහළින් දිස්වන අයුරු ද මෙහිදී නිරීක්ශනය කළ හැකිය.


    Image Credit & Copyright: Stan Honda

    StanHondaTLE-ISS1108.jpg




    නම් කරන ලද ඡායාරූපය

    StanHondaTLE-ISS1108annotated1024.jpg





    What is a blood moon?




     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,079
    2
    15,841
    113
    නියමයි..👍👍


    ඕන හුප්ටක් පාවිච්චි කරන අයට. ඔන්න දැන් අලුත් එක අ‍ැවිත් තියෙන්නෙ ළමයි.

    https://bit.ly/onahuptk

    කලින් URL වගේමයි අන්තිමට tak වෙනුවට tk. bit ly ස්ලෑෂ් onahuptak වෙනුවට onahuptk.

    Google terms and conditions නිසා කලින් එක අයින් කරන්න වුණ කතාව, දැන් Linode වලින් දුවන කතාව කියල දැම්මට වැඩි දෙනෙකුට interest එකක් නෑනෙ. ඉතින් පිටින් කිසිම වෙනසක් නෑ කියල හිතාගෙන කලින් වගේම පාවිච්චියට ගනින්. අනිත් අයටත් කියහන්.
     

    Similar threads