2020 වසරේ ජූලි මස 30 වන දින ඇමරිකාවේ, ෆ්ලොරීඩා'හි කැනවරල් තුඩුවෙන් අභ්‍යවකාශ ගත කෙරුණු 'Perseverance' රෝවරය අඟහරු ග්‍රහයා මතට ගොඩ බැස්සවීම සිදුවුණේ 2021 වසරේ පෙබරවාරි 18 වන දායි. කුඩා මෝටර් රථයක ප්‍රමාණයට සමාන මෙම රොබෝ රෝවරයේ මූලික කර්තව්‍ය වුණේ අඟහරු ග්‍රහයා මත පිහිටා තිබෙන විෂ්කම්භය කිලෝමීටර 45 ක් වන Jezero නම් ආවාටය (Jezero crater) අවට ප්‍රදේශයේ ඇති පස් හා පාෂාණ ස්ථරවල වූ ජෛව ලක්ෂණයන් පිළිබදව සාම්පල එක්රැස් කර ඒවා පරීක්ෂා කිරීමත් එමගින් අඟහරු මත ජීවත් වූ ක්ෂුද්‍ර ජීවීන්ගේ ජීවන චක්‍රයන් පිළිබදව ගවේශනය කිරීමත් යන කරුණුයි.
Perseverance' රෝවරය
මෙම 'Perseverance' රෝවරයෙහි ඇති කුඩා හෙලිකොප්ටර් යානය වන 'Ingenuity' මගින් 'Perseverance' රෝවරයට ගවේශනය කළ හැකි එයට ආසන්නව පිහිටි අඟහරු ග්‍රහයා මත ඇති වෙනත් ප්‍රදේශයන් පිළිබදව තොරතුරු රැස්කිරීමේ කටයුතු සිදු කරන අතර මෙහි ස්කන්ධය කිලෝග්‍රෑම් 1.8 ක් පමණ වනවා.
පසුගියදා 'Perseverance' රෝවරයෙහි කැමරා මගින් Jezero ආවාටය ආශ්‍රිතව හට ගැනුණු දූවිලි කුණාටුවක් කැමරාවට හසු කර ගැනීමට සමත්ව තිබුණා. මේ එම ඡායාරූපයි (GIF images).
Last edited:

