Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
🌸...අපි පින් කළ යුත්තේ ඇයි?....🌸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

"බොහෝ අය සිතා සිටින්නේ පින් කිරීමෙන් සසර දිගුවන බවයි. එනිසා ඔවුන්ට පින ගැන තිබෙන්නේ අනිසි බියක්, නමුත් භාග්යවතුන් වහන්සේ වදාළේ පිනට බිය වෙන්න එපා. පින කියන්නේ සැපයට කියන නමක් කියලයි."

අප කවුරුත් පින ගැන අසා තිබෙනවා. බොහෝ දෙනෙක් පින් කරනවා. “පින” ගැන අපට හරියට කියා දුන්නේ ඒ උත්තම මුනිවරයා වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේ තරම් පිනෙහි වටිනාකම දැන සිටියා වූ වෙනත් අයෙක් මේ ලෝකයේ නැහැ. භාග්යවතුන් වහන්සේ වදාළේ පිඟාන සේදූ ඉඳුල් වතුර ටික පවා කුඩා සතෙකුට හෝ ආහාරයක් වේවා යන මෛත්රි සිතින් වීසි කරයි නම් එයිනුත් පිනක් රැස්වෙන බවයි.

නමුත් අවාසනාවකට මෙන් ජීවිතයට සියලු යහපත සැපය සලසන පින පිළිබඳව බොහෝ දෙනාට තිබෙන්නේ අනවබෝධයක්මයි. ඇතැමුන් සිතා සිටින්නේ පින් කිරීමෙන් සසර දිගුවන බවයි. එනිසා ඔවුන්ට පින ගැන තිබෙන්නේ අනිසි බියක්. එනමුත් සියල්ල දන්නා වූ භාග්යවතුන් වහන්සේ වදාළේ පිනට භය වෙන්න එපා. පින කියන්නේ ඉතා යහපත්, සිත්කළු වූ පි්රය මනාප වූ සැපයට කියන නමක් ලෙසයි. ඒ අනුව අපට පෙනී යනවා සසර දුකින් එතෙරවීම පිණිසම තමන් වහන්සේ ළඟ පැවිදි වූ භික්ෂුන් වහන්සේට පවා භාග්යවතුන් වහන්සේ විසින් පිනෙහි වටිනාකම පෙන්වා වදාළ බව. එසේනම් අප කිසිසේත්ම පිනට බිය විය යුතු නැහැ. එමෙන්ම භාග්යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් සසරේ රැස් කරන ලද පුණ්ය ධර්මයන් සහ එහි අනුසස් මෙසේ පෙන්වා වදාරනු ලැබුවා.

පින්වත් මහණෙනි, බොහෝ කාලයක් තිස්සේ මා විසින් කළ පින් නිසා මෙලෙස ඉතා යහපත්, සිත්කළු පි්රයමනාප වූ ආනිශංස ලැබූ බව මා දන්නවා. අවුරුදු දහයක් මෛත්රී සිත වඩනා ලද පිනෙන් සංවට්ටකල්ප හතක් මේ ලෝකයට ආවේ නැහැ. පින්වත් මහණෙනි, කල්ප විනාශ වෙනකොට ආභස්සර බ්රහ්ම ලෝකයට යනවා. නැවත කල්පය ආරම්භ වෙනකොට බ්රහ්ම විමානයක ඉපදෙනවා.

පින්වත් මහණෙනි, මම තමයි එහේ මහා බ්රහ්මයා. මම හැම දෙයම මැඬ පැවැත්වූවා. අනභිබවනීය වුණා. සියලු දෙයම තේරුම්ගත් කෙනෙක් වුණා. සියලු දෙයම තම වසඟයට පමුණුවා ගත්තා. පින්වත් මහණෙනි, මම තිස්හත් වතාවක් දෙවියන්ට අධිපති වූ ශක්ර දේවේන්ද්රයා වී ඉපදුණා. නොයෙක් වාර සිය ගණන් ධාර්මික, ධර්මරාජ වූ සතර මහා දිවයින් දිනූ සියලු සතුරන් දිනූ, සෑම ජනපදයක්ම දැරු ආශ්චර්යවත් වස්තු හතක් ලබා සක්විති රජු බවට පත්වුණා. ඉතින් එසේනම් ප්රදේශ රජකම් කරපු වාර ගණන ගැන කියන්න දෙයක්ද? පින්වත් මහණෙනි, මට මෙසේ සිතුණා. මොන ආකාරයේ පිනක විපාකයක් නිසාද දැන් මම මෙතරම් සෘද්ධිමත් බවක් සහ මහානුභාවසම්පන්න බවක් ලැබී තිබෙන්නේ කියා. පින්වත් මහණෙනි, මට මේ ආකාරයට අවබෝධ වුණා. මා විසින් කරපු මේ පුණ්ය කර්ම තුනක යහපත් ඵල විපාක නිසායි මෙතරම් සෘද්ධිමත්ව වැඩ සිටින්නේ. මහානුභාව සම්පන්නව සිටින්නේ කියලා. ඒවානම් දානයත්, ඉන්ද්රිය දමනයත්, සිත කය වචනය සංවර කර ගැනීමත්ය.

පින ගැන තවත් විස්තර කරන විටදී මේ උදාහරණයෙන් එය තවත් සනාථ වෙයි. දිනක් බුදුරජාණන් වහන්සේ දානයෙන් රැස්වෙන පින ගැන ලස්සන දහම් කාරණාවක් සුමනා නම් රාජ කුමාරිකාවට වදාළා. ඇය එවිට භාග්යවතුන් වහන්සේගෙන් මෙසේ විමසුවා.

ස්වාමිනි භාග්යවතුන් වහන්ස, දෙන්නෙක් සිටිනවා. මේ දෙන්නාම ශ්රද්ධාවෙන්, සීලයෙන් ප්රඥාවෙන් සමානයි. නමුත් එක් අයෙක් දන් දෙනවා. අනෙක් කෙනා දන් දෙන්නේ නැහැ. මේ දෙදෙනාම මරණින් මත්තේ දිව්ය ලෝකයෙහි ඉපදුනේනම්, දන් දීම සහ දන් නොදීම යන කාරණය මුල්කරගෙන මේ දෙන්නාගේ වෙනසක් දකින්නට ලැබෙනවාද?

ඒ අවස්ථාවේ දී භාග්යවතුන් වහන්සේ වදාළා, සුමනාවෙනි, ඒ දෙදෙනා අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. දන් දුන් පුද්ගලයා දන් නොදුන් කෙනාට වඩා දිව්ය ආයුෂයෙන්, වර්ණයෙන් සැපයෙන්, යසසින් අධිපතිභාවයෙන් බලවත් වෙනවා.

ස්වාමිනි, මේ දෙදෙනා දිව්ය ලෝකයෙන් චුතවී මනුෂ්ය ලෝකයේ උපදිනවා. එවිට වෙනසක් නොතිබේද?එහිදීත් වෙනසක් තිබෙනවා. මනුෂ්ය ලෝකයේදීත් දන් දුන් කෙනා දන් නුදුන් කෙනාට වඩා මනුෂ්ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, යසසින් අධිපතිභාවයෙන් බලවත් වෙනවා.

ස්වාමිනි භාග්යවතුන් වහන්ස, මේ දෙදෙනා පැවිදි වූයේ නම් පැවිදි ජීවිතයෙහි වෙනසක් දකින්නට තිබෙනවා ද?

වෙනසක් තිබෙනවා. පැවිදි වූ පසුවත් දන් දුන් කෙනාට වීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, යන සිව්පසය ඉතා යහපත්ව ලැබෙනවා. දන් නොදුන් කෙනාට සිව්පස ලාභය අල්පයි.

ස්වාමිනි, භාග්යවතුන් වහන්ස, මේ දෙන්නා නිවන් අවබෝධ කළේනම්, එවිට ඔවුන් අත්දකින නිවනෙහි වෙනසක් තිබෙනවාද?

සුමනා කුමරිය, මේ සියලු දෙයෙහි වෙනස්කම් තිබුණාට ඔවුන් අත්දකින විමුක්තියෙහි වෙනස්කමක් නම් මා දකින්නේ නැහැ.

තමන් විසින් අසන ලද ප්රශ්නවලට භාග්යවතුන් වහන්සේගෙන් ලැබුණු පිළිතුරු වලින් උද්දාමයට පත් සුමනා කුමරිය මෙලෙස පවසා සිටියා.

ස්වාමිනි, ආශ්චර්යයි, ස්වාමිනි අද්භූතයි. ස්වාමිනි දන් දීම කළයුතු දෙයක් මයි. පින් කිරීම කළයුතු දෙයක්මයි. දෙව්ලොව උපදින්නට උපකාරවන දෙය පිනමයි. මනුලොව උපදින්නට උපකාර වන දෙය පිනමයි. පැවිද්දන්ට ද උපකාර වන දෙය පිනමයි.

භාග්යවතුන් වහන්සේද එය අනුමත කරමින් මෙසේ වදාළා.

සුමනාවෙනි, එය එසේමයි. දන්දීම කළයුතු දෙයක්මයි. පින් කිරීම කළයුතු දෙයක්මයි. දෙව් ලොව උපන් අයට උපකාර වන දෙය පිනමයි. මනුලොව උපන් අයටද උපකාරය වන දෙය පිනමයි. පැවිද්දන්ටද උපකාර වන දෙය පිනමයි.

මින් පැහැදිලි වන්නේ සසර සැරිසරන සත්ත්වයාට නිවන් අවබෝධ කොට සසර දුකෙන් නිදහස් වන තෙක්ම යහපත පිණිස, සැපය පිණිස පවතින්නේ ඔහු සිතින් රැස් කරන ලද පින බවයි. මේ නිසා බුද්ධිමත් තැනැත්තා කළ යුත්තේ පිනට අවමන් නොකර හැකි සෑම අවස්ථාවකම සුළුවෙන් හෝ පින් රැස් කිරීමයි. භාග්යවතුන් වහන්සේ මෙම අර්ථයට අදාළ සුන්දර ගාථා රත්නයක් මෙසේ වදාළා.

“මා’ප මඤ්ඥේථ පුඤ්ඤස්ස

න මං තං ආගමිස්සති

උදබින්දුනිපාතේන

උදකුම්භෝ පි පුරතී

පූරති ධීරෝ පුඤ්ඤස්ස

ථෝකථෝකම්පිආචිනං”

මේ පොඩි පිනක්නේ කියා හෝ 'එය තමන්ට විපාක දෙන්නේ නැහැ තමා කරා එන්නේ නැහැ' කියා හෝ ගණන් නොගෙන ඉන්න එපා. වතුර බිංදුව බිංදුව වැටිලා තමයි කළයක් පිරෙන්නේ. බුද්ධිමත් පුද්ගලයා ටිකෙන් ටික වුවත් පින් කරන කොට ඒ පින එකතු වෙලා අන්තිමේදී ජීවිතයම පිනෙන් පිරී යනවා.

[QUOTE="asliyanage, post: 29030708, member: 8764"] "බොහෝ අය සිතා සිටින්නේ පින් කිරීමෙන් සසර දිගුවන බවයි. එනිසා ඔවුන්ට පින ගැන තිබෙන්නේ අනිසි බියක්, නමුත් භාග්යවතුන් වහන්සේ වදාළේ පිනට බිය වෙන්න එපා. පින කියන්නේ සැපයට කියන නමක් කියලයි." අප කවුරුත් පින ගැන අසා තිබෙනවා. බොහෝ දෙනෙක් පින් කරනවා. “පින” ගැන අපට හරියට කියා දුන්නේ ඒ උත්තම මුනිවරයා වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ යි. උන්වහන්සේ තරම් පිනෙහි වටිනාකම දැන සිටියා වූ වෙනත් අයෙක් මේ ලෝකයේ නැහැ. භාග්යවතුන් වහන්සේ වදාළේ පිඟාන සේදූ ඉඳුල් වතුර ටික පවා කුඩා සතෙකුට හෝ ආහාරයක් වේවා යන මෛත්රි සිතින් වීසි කරයි නම් එයිනුත් පිනක් රැස්වෙන බවයි. නමුත් අවාසනාවකට මෙන් ජීවිතයට සියලු යහපත සැපය සලසන පින පිළිබඳව බොහෝ දෙනාට තිබෙන්නේ අනවබෝධයක්මයි. ඇතැමුන් සිතා සිටින්නේ පින් කිරීමෙන් සසර දිගුවන බවයි. එනිසා ඔවුන්ට පින ගැන තිබෙන්නේ අනිසි බියක්. එනමුත් සියල්ල දන්නා වූ භාග්යවතුන් වහන්සේ වදාළේ පිනට භය වෙන්න එපා. පින කියන්නේ ඉතා යහපත්, සිත්කළු වූ පි්රය මනාප වූ සැපයට කියන නමක් ලෙසයි. ඒ අනුව අපට පෙනී යනවා සසර දුකින් එතෙරවීම පිණිසම තමන් වහන්සේ ළඟ පැවිදි වූ භික්ෂුන් වහන්සේට පවා භාග්යවතුන් වහන්සේ විසින් පිනෙහි වටිනාකම පෙන්වා වදාළ බව. එසේනම් අප කිසිසේත්ම පිනට බිය විය යුතු නැහැ. එමෙන්ම භාග්යවතුන් වහන්සේ තමන් වහන්සේ විසින් සසරේ රැස් කරන ලද පුණ්ය ධර්මයන් සහ එහි අනුසස් මෙසේ පෙන්වා වදාරනු ලැබුවා. පින්වත් මහණෙනි, බොහෝ කාලයක් තිස්සේ මා විසින් කළ පින් නිසා මෙලෙස ඉතා යහපත්, සිත්කළු පි්රයමනාප වූ ආනිශංස ලැබූ බව මා දන්නවා. අවුරුදු දහයක් මෛත්රී සිත වඩනා ලද පිනෙන් සංවට්ටකල්ප හතක් මේ ලෝකයට ආවේ නැහැ. පින්වත් මහණෙනි, කල්ප විනාශ වෙනකොට ආභස්සර බ්රහ්ම ලෝකයට යනවා. නැවත කල්පය ආරම්භ වෙනකොට බ්රහ්ම විමානයක ඉපදෙනවා. පින්වත් මහණෙනි, මම තමයි එහේ මහා බ්රහ්මයා. මම හැම දෙයම මැඬ පැවැත්වූවා. අනභිබවනීය වුණා. සියලු දෙයම තේරුම්ගත් කෙනෙක් වුණා. සියලු දෙයම තම වසඟයට පමුණුවා ගත්තා. පින්වත් මහණෙනි, මම තිස්හත් වතාවක් දෙවියන්ට අධිපති වූ ශක්ර දේවේන්ද්රයා වී ඉපදුණා. නොයෙක් වාර සිය ගණන් ධාර්මික, ධර්මරාජ වූ සතර මහා දිවයින් දිනූ සියලු සතුරන් දිනූ, සෑම ජනපදයක්ම දැරු ආශ්චර්යවත් වස්තු හතක් ලබා සක්විති රජු බවට පත්වුණා. ඉතින් එසේනම් ප්රදේශ රජකම් කරපු වාර ගණන ගැන කියන්න දෙයක්ද? පින්වත් මහණෙනි, මට මෙසේ සිතුණා. මොන ආකාරයේ පිනක විපාකයක් නිසාද දැන් මම මෙතරම් සෘද්ධිමත් බවක් සහ මහානුභාවසම්පන්න බවක් ලැබී තිබෙන්නේ කියා. පින්වත් මහණෙනි, මට මේ ආකාරයට අවබෝධ වුණා. මා විසින් කරපු මේ පුණ්ය කර්ම තුනක යහපත් ඵල විපාක නිසායි මෙතරම් සෘද්ධිමත්ව වැඩ සිටින්නේ. මහානුභාව සම්පන්නව සිටින්නේ කියලා. ඒවානම් දානයත්, ඉන්ද්රිය දමනයත්, සිත කය වචනය සංවර කර ගැනීමත්ය. පින ගැන තවත් විස්තර කරන විටදී මේ උදාහරණයෙන් එය තවත් සනාථ වෙයි. දිනක් බුදුරජාණන් වහන්සේ දානයෙන් රැස්වෙන පින ගැන ලස්සන දහම් කාරණාවක් සුමනා නම් රාජ කුමාරිකාවට වදාළා. ඇය එවිට භාග්යවතුන් වහන්සේගෙන් මෙසේ විමසුවා. ස්වාමිනි භාග්යවතුන් වහන්ස, දෙන්නෙක් සිටිනවා. මේ දෙන්නාම ශ්රද්ධාවෙන්, සීලයෙන් ප්රඥාවෙන් සමානයි. නමුත් එක් අයෙක් දන් දෙනවා. අනෙක් කෙනා දන් දෙන්නේ නැහැ. මේ දෙදෙනාම මරණින් මත්තේ දිව්ය ලෝකයෙහි ඉපදුනේනම්, දන් දීම සහ දන් නොදීම යන කාරණය මුල්කරගෙන මේ දෙන්නාගේ වෙනසක් දකින්නට ලැබෙනවාද? ඒ අවස්ථාවේ දී භාග්යවතුන් වහන්සේ වදාළා, සුමනාවෙනි, ඒ දෙදෙනා අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. දන් දුන් පුද්ගලයා දන් නොදුන් කෙනාට වඩා දිව්ය ආයුෂයෙන්, වර්ණයෙන් සැපයෙන්, යසසින් අධිපතිභාවයෙන් බලවත් වෙනවා. ස්වාමිනි, මේ දෙදෙනා දිව්ය ලෝකයෙන් චුතවී මනුෂ්ය ලෝකයේ උපදිනවා. එවිට වෙනසක් නොතිබේද?එහිදීත් වෙනසක් තිබෙනවා. මනුෂ්ය ලෝකයේදීත් දන් දුන් කෙනා දන් නුදුන් කෙනාට වඩා මනුෂ්ය ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, යසසින් අධිපතිභාවයෙන් බලවත් වෙනවා. ස්වාමිනි භාග්යවතුන් වහන්ස, මේ දෙදෙනා පැවිදි වූයේ නම් පැවිදි ජීවිතයෙහි වෙනසක් දකින්නට තිබෙනවා ද? වෙනසක් තිබෙනවා. පැවිදි වූ පසුවත් දන් දුන් කෙනාට වීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, යන සිව්පසය ඉතා යහපත්ව ලැබෙනවා. දන් නොදුන් කෙනාට සිව්පස ලාභය අල්පයි. ස්වාමිනි, භාග්යවතුන් වහන්ස, මේ දෙන්නා නිවන් අවබෝධ කළේනම්, එවිට ඔවුන් අත්දකින නිවනෙහි වෙනසක් තිබෙනවාද? සුමනා කුමරිය, මේ සියලු දෙයෙහි වෙනස්කම් තිබුණාට ඔවුන් අත්දකින විමුක්තියෙහි වෙනස්කමක් නම් මා දකින්නේ නැහැ. තමන් විසින් අසන ලද ප්රශ්නවලට භාග්යවතුන් වහන්සේගෙන් ලැබුණු පිළිතුරු වලින් උද්දාමයට පත් සුමනා කුමරිය මෙලෙස පවසා සිටියා. ස්වාමිනි, ආශ්චර්යයි, ස්වාමිනි අද්භූතයි. ස්වාමිනි දන් දීම කළයුතු දෙයක් මයි. පින් කිරීම කළයුතු දෙයක්මයි. දෙව්ලොව උපදින්නට උපකාරවන දෙය පිනමයි. මනුලොව උපදින්නට උපකාර වන දෙය පිනමයි. පැවිද්දන්ට ද උපකාර වන දෙය පිනමයි. භාග්යවතුන් වහන්සේද එය අනුමත කරමින් මෙසේ වදාළා. සුමනාවෙනි, එය එසේමයි. දන්දීම කළයුතු දෙයක්මයි. පින් කිරීම කළයුතු දෙයක්මයි. දෙව් ලොව උපන් අයට උපකාර වන දෙය පිනමයි. මනුලොව උපන් අයටද උපකාරය වන දෙය පිනමයි. පැවිද්දන්ටද උපකාර වන දෙය පිනමයි. මින් පැහැදිලි වන්නේ සසර සැරිසරන සත්ත්වයාට නිවන් අවබෝධ කොට සසර දුකෙන් නිදහස් වන තෙක්ම යහපත පිණිස, සැපය පිණිස පවතින්නේ ඔහු සිතින් රැස් කරන ලද පින බවයි. මේ නිසා බුද්ධිමත් තැනැත්තා කළ යුත්තේ පිනට අවමන් නොකර හැකි සෑම අවස්ථාවකම සුළුවෙන් හෝ පින් රැස් කිරීමයි. භාග්යවතුන් වහන්සේ මෙම අර්ථයට අදාළ සුන්දර ගාථා රත්නයක් මෙසේ වදාළා. “මා’ප මඤ්ඥේථ පුඤ්ඤස්ස න මං තං ආගමිස්සති උදබින්දුනිපාතේන උදකුම්භෝ පි පුරතී පූරති ධීරෝ පුඤ්ඤස්ස ථෝකථෝකම්පිආචිනං” මේ පොඩි පිනක්නේ කියා හෝ 'එය තමන්ට විපාක දෙන්නේ නැහැ තමා කරා එන්නේ නැහැ' කියා හෝ ගණන් නොගෙන ඉන්න එපා. වතුර බිංදුව බිංදුව වැටිලා තමයි කළයක් පිරෙන්නේ. බුද්ධිමත් පුද්ගලයා ටිකෙන් ටික වුවත් පින් කරන කොට ඒ පින එකතු වෙලා අන්තිමේදී ජීවිතයම පිනෙන් පිරී යනවා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom