එකල්හි වනාහි වච්ඡගොත්ත නම් පරිබ්‍රාජක තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. “භවත් ගෞතමයන් වහන්ස, මා විසින් මේ කාරණය අසන ලදී (එනම්),
ශ්‍රමණ ගෞතම තෙම මෙසේ කියයි. කෙසේද, ‘මටම දන් දිය යුතුයි. අනුන්ට දන් නොදිය යුතුයි. මගේම ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මටම දෙන ලද්ද මහත්වූ ඵල විපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල ඇති නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල නැත්තේය’ කියායි.
“භවත් ගෞතමයන් වහන්ස, යම් කෙනෙක් මෙසේ කීවාහුද, (කෙසේද) ශ්‍රමණ ගෞතම තෙම මෙසේ කියයි. කෙසේද, ‘මටම දන් දිය යුතුයි. අනුන්ට දන් නොදිය යුතුයි. මගේම ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මටම දෙන ලද්ද මහත්වූ ඵල විපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල ඇති නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල නැත්තේය’ කියායි.
“කිමෙක්ද, ඔවුහු භවත් ගෞතමයන් වහන්සේ විසින් කියන ලද්දක් කියන්නෝ වෙත්ද, භවත් ගෞතමයන් වහන්සේට අසත්‍යයෙන් චෝදනා නොකරද්ද, කියන ලද්දට අනුකූලවූවක් කියත්ද, හේතු සහිතවූ කිසියම් කීමක් ගැරහිය යුතු බවට නොපැමිණේද, අපි වනාහි භවත් ගෞතමයන් වහන්සේට දොස් කියනු නොකැමැත්තෝ වම්හ.”
“වච්ඡය, යම් කෙනෙක් මෙසේ කියද්ද, ‘මටම දන් දිය යුතුයි. අනුන්ට දන් නොදිය යුතුයි. මගේම ශ්‍රාවකයන්ට දන් දිය යුතුයි. අනුන්ගේ ශ්‍රාවකයන්ට දන් නොදිය යුතුයි. මටම දෙන ලද්ද මහත්වූ ඵල විපාක ඇති වෙයි. අනුන්ට දෙන ලද්ද මහත් ඵල ඇති නොවෙයි. මගේම ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත් ඵලයි. අන්‍යයන්ගේ ශ්‍රාවකයන්ට දෙන ලද්ද මහත්ඵල නැත්තේය’ කියායි. ඔවුහු මා විසින් කියන ලද්දක් කියන්නෝ නොවෙත්. ඔවුහු අසත්‍යයෙන් දෝෂාරෝපණය කරත්. යමෙක් වනාහි දන් දෙන්නාවූ අනිකෙකු වළක්වාද, හෙතෙම තුන් දෙනෙකුට අන්තරාය කරන්නෙක් වේ. තුන් දෙනෙකුගේ මං පහරණ සොරෙක් වැනි වෙයි. කවර තුන් දෙනෙකුගෙන්ද, දායකයාගේ පිනට අනතුරු කරන්නෙක් වෙයි. ප්‍රතිග්‍රාහකයන්ගේ ලාභයට අනතුරු කරන්නෙක් වෙයි. පළමුකොටම තමා නසන ලද්දෙක් වෙයි. විනාශ කරණ ලද්දෙක් වෙයි.
“මම වනාහි මෙසේ කියමි. අසූචි මඩවළෙක් හෝ ගම්දොර ගවර වළෙක් හෝ යම් ඒ ප්‍රාණීහු වෙත්ද, එහි ඒ සත්ත්වයෝ මෙයින් ජීවත් වෙත්වායි, සැළි සේදූ වතුරක් හෝ මළ සේදූ වතුරක් හෝ දමත්ද, වච්ඡය, මම ඒ හේතුකොට ගෙණද පින් සිදුවීම කියමි. මනුෂ්යවූවෙකුට දුන් කල්හි පින් සිදුවීම කියනුම කවරේද?
“වච්ඡය, එතෙකුදු වුවත් මම ශීලවන්තයාට දෙන ලද්ද මහත්ඵල ඇත්තේයයි කියමි. දුශ්ශීලයාට දෙන ලද්ද එසේ මහත් ඵල ඇත්තේ නොවෙයි. ඒ සිල්වත් තෙමේද, අංග පසකින් දුරුවූයේද, අඞ්ග පසකින් යුක්තවූයේද වෙයි. කවර අංග පසක් දුරුවූවාහුද,
කාමච්ඡන්දය ප්‍රහීණවූයේ වෙයිද,
ව්‍යාපාදය ප්‍රහීණවූයේ වෙයිද,
ථීනම්ද්ධය ප්‍රහීණවූයේ වෙයිද,
උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණවූයේ වෙයිද,
විචිකිච්ඡාව ප්‍රහීණ වූයේ වේද, මේ පඤ්චාංගයෝ ප්‍රහීණවූවාහු වෙත්.
“කවර නම් අංග පසකින් යුක්තවූයේ වෙයිද,
අශෛක්ෂවූ ශීල ස්කන්ධයෙන් සමන්විතවූයේ වෙයිද,
අශෛක්ෂවූ සමාධි ස්කන්ධයෙන් සමන්විතවූයේ වෙයිද,
අශෛක්ෂවූ ප්‍රඥා ස්කන්ධයෙන් සමන්විතවූයේ වෙයිද,
අශෛක්ෂවූ විමුක්ති ස්කන්ධයෙන් සමන්විතවූයේ වෙයිද,
අශෛක්ෂවූ ප්රත්යවෙක්ෂා ඥාන සමූහයෙන් යුක්තවූයේ වෙයිද, මේ අංග පසින් යුක්තවූයේ වෙයි. මෙසේ පඤ්චාංගයක් ප්‍රහීණ කළාවූ, පඤ්චාංගයකින් සමන්විතවූ, ක්ෂීණාශ්රවයන් කෙරෙහි දෙන ලද්ද මහත්ඵල ඇත්තේයයි කියමි” යි වදාළ සේක.
,
#මෙසේ කළුපාටවූ හෝ සුදුපාටවූ හෝ රතුපාටවූ හෝ රන්වන්වූ හෝ කබරවූ හෝ තමන්ගේ වස්සන් හා සමාන වර්ණ ඇත්තාවූ හෝ පරෙවි වර්ණ ඇත්තාවූ හෝ දෙනුන් කෙරෙහිද,
#යම් ඒ කවර දෙනුන් කෙරෙහි හෝ බර ඉසිලිය හැකිවූ, ශක්ති සම්පන්නවූ, යහපත්වූ, ජවයෙන් යුක්තවූ, දැමුණාවූ වෘෂභයෙක් තෙම උපදීද,
ඔහුම බරෙහි යොදත්. ඔහුගේ ශරීර වර්ණය පරීක්ෂා නොකෙරෙත්. එපරිද්දෙන්ම මිනිසුන් අතුරෙහි යම් කිසි කුල සමූහයෙක්හි,
#එනම්, ක්ෂත්රිය කුලයෙහි හෝ, බ්‍රාහ්මණ කුලයෙහි හෝ, ශුද්‍ර කුලයෙහි හෝ, සැඩොල් කුලයෙහි හෝ, මල් ඉවත ලන කුලයෙහි හෝ, යම් කිසි ජාතියෙක්හි ධර්මයෙහි පිහිටියාවූ, ශීලයෙන් යුක්තවූ, සත්‍යය කියන්නාවූ, පාපයෙහි ලජ්ජා ඇත්තාවූ, ප්‍රහීණ කරණ ලද ජාතිය හා මරණය ඇත්තාවූ, සම්පූර්ණවූ බ්‍රහ්මචර්‍ය්‍යාව ඇත්තාවූ,
#බහා තබනලද ස්කන්ධාදී බර ඇත්තාවූ, සතර යොගයෙන් බැහැරවූ, සතර මාර්ගයෙන් කරණ ලද කෘත්‍ය ඇත්තාවූ, සසරින් පරතෙරට ගියාවූ, තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් අල්වා නොගෙන, කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවියාවූ, මනා පැවතුම් ඇති, දැමුණාවූ පුද්ගලයෙක් උපදීද,
#රාගාදී රජස් රහිතවූ එම කෙතෙහි වපුරණ ලද දක්ෂිණාව මහත්වූ ඵල ඇත්තී වෙයි. කෙත නොදන්නාවූ, නුවණ නැත්තාවූ, ක්ෂත්ර විනිශ්චය නොඇසූ අඥානයෝ වනාහි මේ සස්නෙන් පිටත්හි දානයෙන් දෙත්. සත්පුරුෂයන් වෙත නොඑළඹෙත්. යම් කෙනෙක් ප්‍රඥා සම්පන්නවූ, පණ්ඩිතයයි සම්මත කරණ ලද, සත්පුරුෂයන් කරා එළඹෙත්ද - ඔවුන්ගේ ශ්රද්ධාවද සුගතයන් වහන්සේ කෙරෙහි හටගත් මුල් ඇත්තී, පිහිටියා වන්නීය. ඒ පණ්ඩිතයෝ දෙව් ලොවටද පැමිණෙත්. මේ මිනිස් ලෙව්හි උතුම් කුලයෙක්හි උපදිත්. පිළිවෙළින් නිර්වාණයටද පැමිණෙත්ය” යි (වදාළ සේක.)