🎓 සරසවි සිසුන්ට විශේෂ පණිවිඩයක් 🎓

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,985
    152,959
    113
    education.jpg


    විශ්වවිද්‍යාල වල සියලුම සිසුන්ට මෙම මස 7 සහ 8 යන දිනවල දී කොවිඩ් එන්නත ලබා දීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර තිබෙනවා.

    තමන්ගේ පදිංචියට ආසන්න විශ්වවිද්‍යාලයේ දී සිසුන්ට එන්නත ලබා ගැනීමට හැකි වන අතර විශ්වවිද්‍යාල හැඳුනුම්පත ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් වෙනවා. කිසිඳු හේතුවක් මත තමන්ට අදාළ විශ්වවිද්‍යාලයට පැමිණීමේ අවශ්‍යතාවක් නැතැයි ද, මෙම දින දෙකේ දී එන්නත ලබා දී අවසන් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එකඟතාව පළ කර ඇතැයි ද ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග ඊයේ (03 වැනිදා) පැවැසුවා.

    එන්නත ලබා දීමෙන් පසු නොවැම්බර් මාසයේ දී විශ්වවිද්‍යාල විවෘත කිරීමට කොමිෂන් සභාව සූදානමින් සිටිනවා. අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාල විවෘත කිරීම සම්බන්ධයෙන් උපකුලපතිවරුන්ගේ කමිටුව සමඟ ද සභාපතිවරයා මේ වන විට සාකච්ඡා කර තිබෙනවා........



    Source: nethgossip.lk