ඩිජිටල් තාක්ෂණේ, එහෙමත් නැත්නම් ඩිජිටල් කැමරා, ඩිජිටල් සංස්කරණ උපක්රම එන්න කලින් චිත්රපට රූපගත කරන්න යොදාගත්තෙ 8 mm, 16 mm, and 35 mm, 65mm වගේ "film stocks" වර්ග යොදාගෙන ක්රියාත්මක වෙන "ඇනලොග් සිනමා කැමරාවනුයි" (analog film camera). ආලෝකයට සංවේදී ප්ලාස්ටික් තීරුවක් මත සිද්ධවෙන රසායනික ක්රියාවලියක් මගින් තමයි "film strip" මත රූපරාමු සටහන් වීම සිදු වෙන්නෙ. රූපගත කිරීම්වලින්වලට පස්සෙ මේ රූපරාමු සටහන් වුණු සම්පූර්ණ සිනමා පිටපත (Film print) විශේෂ රසායනාගාර (film laboratory) ක්රියාවලියකට (process and scan) භාජනය කිරීම සිදු කරලා තමයි තිරගත කිරීම සදහා සූදානම් කරන්නෙ. පල්ලෙහා වීඩියෝ එකෙන් මේ "ඇනලොග් සිනමා තාක්ෂණය වගේම ඒකෙ ක්රියාවලිය සම්පූර්ණ සිද්ධ වෙන විදිහ සරලව දැනගන්න පුළුවන්. ඊට අමතරව ලෝක ප්රසිද්ධ 'Kodak' සමාගමට අයත් වුණු "film laboratory" එකක් තුළදි මේ වගේ "Film print" සකස් කිරීමේ ක්රියාවලිය සිද්ධවෙන විදිහ ගැනත් මේ වීඩියෝ එකේදී බලාගන්න පුළුවන්.

