1890 ගණන්වල ඉදලා ආරම්භ වෙලා වර්තමානය දක්වා පැමිණි සිනමා ඉතිහාසයට අයත් ගමන් මග තුළ ඒ එක් එක් කාල වකවානුවෙදි ප්‍රසිද්ධ කැමරා අධ්‍යක්ෂවරු සිනමාපට රූපගත කරන්න භාවිතා කරපු විවිධාකාරයේ සිනමා කැමරාවල එකතුවක් තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ. හොලිවුඩය මූලික කර ගනිමින් පිහිටවපු "American Society of Cinematographers" (ASC) කියන කැමරා අධ්‍යක්වරුන්ගෙන් සැදුම්ලත් සංවිධානයට අයත් වුණු ඇමරිකාවෙ, ලොස් ඇන්ජලීස් නගරයෙ පිහිටලා තියෙන ප්‍රධාන මූලස්ථානෙ තමයි මේ සිනමා කැමරා එකතුව තියෙන්නෙ.
හොලිවුඩ් චිත්‍රපටවල "titles cards" වල ෆිල්ම් එකේ 'Cinematographer' (Director of photography) ගෙ නමට ඉස්සරහින් "A.S.C" කියලා දානවා දැකලා තියෙනවා නේද? එකෙන් කියන්නෙ ඒ 'Cinematographer', "American Society of Cinematographers" (ASC) සංවිධානෙ සාමාජිකයෙක්ය කියන එකයි.