🎥😎 ත්‍රිමාණ සිනමා කැමරාවක (3D cinema camera) ක්‍රියාකාරීත්වය සිදුවන අයුරු 👀🕶️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,004
    153,047
    113
    ත්‍රිමාණ සිනමා කැමරාවක (3D cinema camera) මූලික ක්‍රියාකාරීත්වය සිදුවන ආකාරය තමයි මේ වීඩියෝවෙන් කතා කරන්නෙ.





    හොලිවුඩ් සිනමාපටයන් රූපගත කිරීම සදහා යොදාගත් සහ වර්තමානයේ යොදා ගනිමින් පවතින ප්‍රමුඛතම ත්‍රිමාන සිනමා කැමරා පද්ධතියන් (3D cinema camera systems / 3D camera rig)​


    Fusion Camera System ("Reality Camera System 1" සහ "Pace-Cameron Fusion Camera System" ලෙසින්ද හදුන්වයි)


    ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ "James Cameron" සහ සිනමා කැමරා අධ්‍යක්ෂවරයෙකු වන "Vince Pace" විසින් මෙම ත්‍රිමාණ කැමරා පද්ධතිය මුල්වරට හදුන්වා දෙන ලදී. ඔවුන් දෙපළට අයත් "Cameron Pace Group" යන සමාගම මගින් මෙම කැමරා පද්ධති නිෂ්පාදනය කිරීම, බෙදාහැරීම සහ කැමරා පද්ධතිය ක්‍රියාත්මක කරවීම සදහා අවශ්‍ය විශේෂ මෘදුකාංගයන් නිර්මාණය කිරීම ද සිදු කරනු ලබයි.

    sc003.jpg


    "Vince Pace" සහ "James Cameron"​

    Cameron_Pace.jpg







    ජේම්ස් කැමරන් "Fusion Camera System" එක අතැතිව

    landauvenice2split_0.jpg



    "Avatar: The Way of Water (2022)" සිනමාපටයේ රූපගත කිරීම් අතරතුර අධ්‍යක්ෂ "ජේම්ස් කැමරන්" සහ කැමරා අධ්‍යක්ෂ "රසල් කාර්පෙන්ටර්" (කැප් එකක් පැලද සිටින්නේ ඔහුයි) "Fusion Camera System" එක සමග. රසල් කාර්පෙන්ටර්, ජේම්ස් කැමරන්ගේ "Titanic (1997)" සිනමාපටයේ කැමරා අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළ අතර ඔහු ඒ වෙනුවෙන් හොදම කැමරා අධ්‍යක්ෂණයට හිමි ඔස්කාර් සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

    FkhlrTzVEAA8VKl.jpg:large



    "Fusion Camera System" එක යොදාගනිමින් රූපගත කළ ප්‍රකට සිනමාපටයන් කීපයක්
    Journey to the Center of the Earth (2008)
    Avatar (2009)
    The Final Destination (2009)
    Step Up 3D (2010)
    Tron: Legacy (2010)
    Hugo (2011)
    Pirates of the Caribbean: On Stranger Tides (2011)
    Transformers: Dark of the Moon (2011)
    Final Destination 5 (2011)
    Life of Pi (2012)
    47 Ronin (2013)
    Alita: Battle Angel (2019)
    Avatar: The Way of Water (2022)


    "Fusion Camera System" එකෙහි ක්‍රියාකාරීත්වය පිළිබදව ජේම්ස් කැමරන් විසින් සිදුකළ පැහැදිලි කිරීමක්




    "3ality' 3d camera system

    ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයට අයත් "බර්බෑන්ක්" නගරය මූලස්ථානය කරගනිමින් මෙහෙයුම් කටයුතු කළ "3ality Technica" සමාගම විසින් මෙම ත්‍රිමාන සිනමා කැමරා පද්ධතිය හදුන්වා දෙන ලදී. කෙසේ වෙතත් 2022 වසරේදී මෙම සමාගමේ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දැමීම සිදු කොට තිබේ.

    3ality_Technica.png


    3alityrigh.jpg


    3ality 3d camera system එක යොදාගනිමින් රූපගත කළ ප්‍රකට සිනමාපටයන් කීපයක්

    Pirates of the Caribbean: On Stranger Tides (2011)
    The Hobbit: An Unexpected Journey (2012)
    Prometheus (2012)
    Step Up Revolution (2012)
    Journey 2: The Mysterious Island (2012)
    Jack the Giant Slayer (2013)
    The Hobbit: The Desolation of Smaug (2013)
    Oz: The Great and Powerful (2013)
    The Hobbit: The Battle of the Five Armies (2014)



    "3ality 3d camera system" පිළිබදව "The Hobbit: An Unexpected Journey (2012)" සිනමාපටයේ රූපගත කිරීම් අතරතුර අධ්‍යක්ෂ "Peter Jackson" සහ තාක්ෂණික ශිල්පීන් කිහිප දෙනෙකු විසින් සිදු කළ පැහැදිලි කිරීම





    ✍️🎥 සටහන: @Stimulus mind 😎✍️

     
    Last edited:

    Similar threads