🎥🤔 "Practical effects" ද? "CGI' ද? - හොලිවුඩ් සිනමාපටයන්ගේ තිරය පිටුපස මිත්‍යාව 🤫🎥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,989
    152,983
    113
    CGI (Computer-generated imagery) නොමැතිව සිනමාපටවල දෘෂ්‍ය ප්‍රයෝග (visual effects) real locations, practical effects, miniatures වැනි දේවල් භාවිතා කරලා නිර්මාණය කරා කියන්න හොලිවුඩ් සිනමාපට නිෂ්පාදනය කරන වගේම බෙදා හැරීම සිදු කරන සිනමා ස්ටූඩියෝවලින් වර්තමානයේදී පෙළබිලා තියෙනවා. හොලිවුඩ්වල නිෂ්පාදනේ කරන blockbuster ගනයේ දැවැන්ත සිනමාපට බොහෝමයක්, අනවශ්‍ය විදිහට CGI භාවිතා කරලා නිර්මාණය කිරීම කියන කරුණ මත ඒ සිනමාපටවල රූපරාමුවල තාත්වික බව සහ ස්වාභාවික බව සෑහෙන ප්‍රමාණෙකින් වියැකිලා යෑම සිදුවන නිසා අද ඉන්න සිනමා ප්‍රේක්ෂකයන් එවැනි සිනමාපට නැරඹීමට මැළිකමක් දක්වනවා. මේ හේතුව නිසා තමයි හොලිවුඩ් ස්ටූඩියෝවලින් මේ දේ කරන්නෙ. කෙසේ නමුත් CGI හොද සැලසුමකට අනුව නිර්මාණාතමකව යොදාගන්න සිනමාපටවල මේ කියන තාත්වික බව වියැකී යාම සිදුවන්නෙ නෑ.

    සිනමා ස්ටූඩියෝවලින් ප්‍රචාරණය කරන ආකාරයට මේ සිනමාපට සත්‍ය වශයෙන්ම CGI , green screen, blue screen භාවිතා නොකොට සැබෑ පසුතලවල රූපගත කරපු සිනමා නිර්මාණ ද? ඒ පිළිබදව තමයි පල්ලෙහා තියෙන වීඩියෝ සීරීස් එකෙන් විමසා බලන්නෙ.











     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,862
    2,174
    113
    Galle
    Ridley Scott එහෙම හත් පොලේ ගා ගන්නවා ඌ නැපොලියන් එකේ CGI, use කරේ නැ කියලා කියන්න ගිහින්. අනිත් එකා නොලන්. industry එකේ වැඩ කරන නිසා අපි දන්නවා මොන වගේ කට්ටක් කන්න ඕනද කියලා ඔය quality එකට වැඩක් කරන්න. අඩුම තරමේ මුන් ඒ credit එකවත් දෙන්නේ නැ VFX Artists ලට. සමහර studios, OT ගෙවන්නෙත් නැ.



     
    • Love
    Reactions: Stimulus mind

    Similar threads