🎦🍿🎬2023 පටන් ගන්න සුපිරි ෆිල්ම් එකක් (M3GAN)🎦🍿🎬

King_Sajith

Well-known member
  • Oct 19, 2018
    717
    986
    93

    MΞGAN​

    ත්‍රාසජනක සහ අද්භූත කතා මාතෘකා රැගත් චිත්‍රපට සැලකීමේ දී ජේසන් බ්ලම් සහ ජේම්ස් වෑන් යනු ඉහළින් ම කතා බහට ලක්වන නිර්මාණකරුවන් දෙදෙනෙක්. බොහෝවිට ජේසම් බ්ලම් නිෂ්පාදනයෙන් එවැනි චිත්‍රපට සඳහා දායක වන අතර, ජේම්ස් වෑන් අධ්‍යක්ෂකවරයෙක් සහ රචකයෙක් ලෙස දායක වෙනවා. ඔවුන් දෙදෙනා ගේ සුසංයෝගයකින් එළිදැක්වෙන නිර්මාණයක් තිබේ නම් එය අවධානයට ලක් වෙන්නේ නිරායාසයෙන්ම යි.

    ” MΞGAN” යනු ජේසන් බ්ලම් සහ ජේම්ස් වෑන් යන දෙදෙනා ම නිෂ්පාදනයෙන් සම්බන්ධ වන විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක කාණ්ඩයේ චිත්‍රපටයක්. “MΞGAN” හි කතාව රචනය කිරීම සඳහා ජේම්ස් වෑන් සහ අකිලා කූපර් එක් ව කටයුතු කර තිබෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ජෙරාඩ් ජොන්ස්ටන්.

    චිත්‍රපටය පාදක වන්නේ “Model 3 Generative Android” හෝ කෙටියෙන් “MΞGAN” ලෙස හඳුන්වන කෘත්‍රිම බුද්ධිය වටා යි. එය සජීවි බෝනික්කකු පරිද්දෙන් නිර්මාණය කර තිබෙනවා. “MΞGAN” සැලසුම් කර තිබෙන්නේ පවුලක දරුවන් සහ මාපියන්ට ඉතා සමීප සහ දරුවන් රැක බලා ගන්නා තැනැත්තියකු ලෙසට යි. මේ අතර අනපේක්ෂිත සිදුවීමක් හේතුවෙන් දුෂ්කර කාලපරිච්ඡේදයකට මුහුණ දෙමින් සිටින ජෙමා නම් රොබෝ විද්‍යාඥවරියට “MΞGAN” කෘත්‍රිම බුද්ධියේ සහාය පැතීමට සිදු වෙනවා.

    ඉතින්, ජෙමා බලාපොරොත්තු වන සේවය කෘත්‍රිම බුද්ධියෙන් ලැබේවි ද?

    නව තාක්ෂණයත් සමඟ පැමිණිය හැකි අනපේක්ෂිත ගැටලුවක් සාකච්ඡාවට බඳුන් කරන “MΞGAN”, ජනවාරි 06 සහ 13 වශයෙන් අදියර දෙකක් ඔස්සේ ප්‍රදර්ශන කටයුතු ඇරඹීමට නියමිත යි.

    roar.media


     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,677
    125,345
    113
    දෙහිවල
    මට නං හිතෙන්නෙ තේරුමක් නැති වෙයි කියලා.. Early reviews අවුල් නේ
    බලලම ඉමු.
    බබාලා දෙන්නෙක් නෙමේ ඕකට එකතුවෙලා ඉන්නේ. සුපිරි වැඩ්ඩෝ දෙන්නෙක්.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    ගොඩක් හොදවෙයි කියලා හිතන් ඉන්න එකක් මමනම්. බලමු ආවම

    @Stimulus mind
    මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන Gerard Johnstone ඩිරෙක්ට් කරපු Housebound කියන ෆිල්ම් එක නම් මරු. Horror, comedy, mystery ටයිප් එකේ ෆිල්ම් එකක්. :yes:
     

    Similar threads