"Konbini' කියන Youtube චැනල් එකෙන් ප්රසිද්ධ නළු නිලියො, චිත්රපට අධ්යක්ෂකවරු වගේ ලෝකෙ වටේ ඉන්න කලාකරුවො එක්ක ඒ අය කැමතිම චිත්රපටි ගැන, ඒ චිත්රපටිවල Blu rays, DVDs තෝරන ගමන් සුහද කතාබහක යෙදෙන වීඩියෝ මාලාවෙ අලුත්ම වීඩියෝ එක තමයි මේ. මේ සැරේ දාපු මේ අලුත්ම වීඩියෝ එකෙන් මේ වගේ දේවල් ගැන කතාබහක යෙදෙන්නෙ "The Godfather trilogy", "Apocalypse now" වගේ සම්මානනීය චිත්රපටි ගණනාවක්ම නිර්මාණය කරපු හොලිවුඩයෙ ඉන්න ප්රවීණතම සිනමාකරුවෙක් වෙන "Francis Ford Coppola" සමගයි. සිනමාව සහ සිනමාවෙ ඉතිහාසෙ ගැන තොරතුරු හොයන්න කැමති කෙනෙක් නම් අනිවා මේක බලන්න. "Francis Ford Coppola" කැමති, අපි වැඩිය අහලා නැති හොද සිනමා නිර්මාණ ගැන තොරතුරු දැනගන්න පුළුවන් වීඩියෝ එකක්.

"Francis Ford Coppola" ගෙ අලුත් ෆිල්ම් එක වෙන "Megalopolis" ෆිල්ම් එකත් මේ සතියෙ (සැප්තැම්බර් 27) තමයි රිලීස් කරන්නෙ.

"Francis Ford Coppola" ගෙ අලුත් ෆිල්ම් එක වෙන "Megalopolis" ෆිල්ම් එකත් මේ සතියෙ (සැප්තැම්බර් 27) තමයි රිලීස් කරන්නෙ.
