🎬 අඳුරු මාවතක ආලෝකය - Wendy and Lucy (2008) 🎦

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ස්ථිර පදිංචියක් හෝ ඉන්න හිටින්න කියලා හරියට තැනක් නැති 'වෙන්ඩි' කියන ගෑණු ළමයා එයා සුරතලේට ඇති කරන 'ලුසී' කියන සුනඛයා එක්ක ඇලස්කාවට යන්න උත්සාහ කරනවා රැකියාවක් හොයාගන්න අරමුණෙන්. මේ ගමන අතරතුරදි 'වෙන්ඩිට' හම්බුවෙන විවිධාකරෙ පුද්ගලයො වගේම, මෙයාට මුහුණ දෙන්න වෙන සිදුවීමුත් තමයි 2008 වසරෙදි තිරගත කරපු "Wendy and Lucy" චිත්‍රපටියෙ කතාවෙන් අරන් එන්නෙ.


    MV5BMTI3MTE1NjAwNV5BMl5BanBnXkFtZTcwMDM3MzMwMg@@._V1_.jpg





    "Kelly Reichardt" විසින් තිර රචනය කරලා අධ්‍යක්ෂණේ කරපු මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතෙට "Michelle Williams" විසින් රංගන දායකත්වෙ ලබා දෙනවා. සුපුරුදු විදිහට "Michelle Williams" ගෙ විශිෂ්ට රගපෑමක් මේ චිත්‍රපටියෙදිත් අපිට බලාගන්න පුළුවන්. චිත්‍රපටිය ගැන මීට වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ. පැයයි 1 විනාඩි 20 ක රන් ටයිම් එකක් තියෙන්නෙ. චරිතවලට මුල් තැනක් දුන්නු, සරල වගේම හුගක් සංවේදී කතාවක් තියෙන "Indie drama" කාණ්ඩෙට අයිති හුගක් හොද චිත්‍රපටියක්. බලපු නැති අය ඉන්නවා නම් අනිවා බලන්න.


    WendyandLucy5.png

    wendy_and_lucy_11.jpg

    WendyAndLucy.jpg