අධිවේගී බෝට්ටු දර්ශන සදහා විශේෂ ජල ධාවන තරග සදහා යොදා ගන්නා යාත්‍රා විශේෂයක් වන F50 නම් බෝට්ටු විශේෂය යොදාගෙන ඇති අතර මේවායේ හිමිකාරීත්වය දරන SailGP නම් අධිවේගී යාත්‍රා ධාවන කණ්ඩායමේ සාමාජිකයන් මේ දර්ශන සදහා සහභාගී වී තිබෙනවා.නෝලාන් ට අනුව TENET හි රූපගත කිරීමට අසීරුතම වූ දර්ශන ඇතුලත්වී තිබෙන්නේ මේ බෝට්ටු දර්ශන බවයි ප්‍රකාශ කර තිබෙන්නේ.ඒ වගේම මේ චිත්‍රපටයේ දර්ශන සදහා නැව් හා කුඩා ප්‍රමාණයේ යාත්‍රා ඇතුලුව යාත්‍රා 120 කට අධික ප්‍රමාණයක් යොදාගෙන තිබෙනවා.
Robert Pattinson විසින් ඔහුගේ චරිතය වන "Neil" නම් චරිතය සදහා බ්‍රිතාන්‍ය ජාතික ජනමාධ්‍යවේදියෙකු හා රචකයකු වුනු Christopher Hitchens ගේ චරිතය ආදර්ශයට ගෙන තිබෙනවා.
මේ චිත්‍රපටය සදහා නෝලාන්ගේ සුපුරුදු collaborators ලෙස කටයුතු කරපු ප්‍රධාන ච්ත්‍රපට සංස්කාරකවරයා වුනු Lee Smith හා සංගීත අධ්‍යක්ෂකවරයා වුනු Hans Zimmer ට මෙවර දායකත්වය ලබා දෙන්න හැකි වුනේ නෑ .ඒ Lee Smith , Sam Mendes ගේ 1917 ච්ත්‍රපටය වෙනුවෙන් සංස්කරණයෙන් දායක වීමත්,Hans Zimmer ,Denis Villeneuve ගේ Dune චිත්‍රපටය සදහා සංගීත අධ්‍යක්ෂයෙන් දායක වීමත් හේතු කරගෙන කාර්යබහුලව සිටීම හේතු කරගෙනයි.මේ වෙනුවට චිත්‍රපටය වෙනුවෙන් නෝලාන් දායක කර ගත්තේ නවක චිත්‍රපට සංස්කාරකවරියක් වුනු Jennifer Lame හා Black Panther චිත්‍රපටය වෙනුවෙන් ඔස්කාර් සම්මානයක් පවා හිමිකරගෙන සිටි නවක සංගීත අධ්‍යක්ෂකවරයෙක් වුනු Ludwig Göransson නුයි. Ludwig Göransson විසින් මේ චිත්‍රපටයේ එන එක් soundtrack එකක් වෙනුවෙන් නෝලාන්ගේ හුස්ම ගන්නා හඩ පටිගත ගත කර එය soundtrack එක සදහා යොදාගෙන තිබෙනවා .පහළින් සදහන් කරලාතියෙන්නේ ඒ soundtrack එකයි.
TENET කියන වචනය palindrome එකක්, ඒ කියන්නේ අග සිට මුලටත් ,මුල සිට අගටත් එක ලෙස කියවන්න පුලුවන් වචනයක් වනවා.මේ ලතින් වචනය සදහන් වෙන්නේ SATOR square නමින් හදුන්වන පෞරාණික ඵලකයේ සදහන් වන වචනයකුයි.මේ වචනය ඇතුලුව SATOR,AREPO,OPERA,ROTAS යන වචනත් මේ ඵලකයේ සදහන් වන අතරම මේ වචන පුවරුවේ කුමන
අතට කියෙව්වත් එහි තේරුම නොවෙනස්ව පෙන්නුම් කිරීම මෙහි තියෙන ව්ශේෂත්වය යි.නෝලාන් මේ පුවරුවේ තිබෙන අනෙකුත් වචන TENET හි වන චරිතයන් හා විශේෂ ස්ථාන නම් කිරීමට යොදාගෙන තිබෙනවා.
චිත්‍රපටයේ ප්‍රධාන දර්ශන කීපයකටම යොදාගෙන තිබෙන අළු පැහැති කාරය නිෂ්පාදනය කළේ ස්වීඩන් ජාතික මෝටර් රථ සමාගමක් වුනු Saab Automobile නම් සමාගම විසිනුයි. Saab 9-5 NG නමින් හදුන්වන මේ මෝටර් රථ මොඩලය තවදුරටත් නිෂ්පාදනය කරන්නේ නෑ .ඒ 2012 වසරේදී Saab Automobile ආයතනය මූල්‍යමය වශයෙන් බංකොලොත් වීම නිසා නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන් නවතා දමා තිබීම නිසයි.
චිත්‍රපටයේ end battle එක සිදුවන stalsk 12 නම් නගරය සදහා යොදාගෙන ඇත්තේ ඇමරිකාවේ කැලිෆෝනියා වල eagle mountain නම් ප්‍රදේශයේ පිහිටි අතහැර දැමූ ආකර නගරයක් වන අතර එහි තිබුනු ගොඩනැගිලි වලට අමතරව චිත්‍රපටය සදහාම අලුතෙන් ගොඩනැගිලි ඇතුලු විව්ධ ඉදිකිරීම් ද සිදු කර තිබෙනවා.මේ පසුතලය චිත්‍රපටයක් වෙනුවෙන් ලොව ඉදීකරන ලද විශාලතම එළිමහන් පසුතලයක් ලෙසද හදුන්වනවා.මේ දර්ශනය සදහා හමුදා සෙබලුන් ඇතුලු අතිරේක ශිල්පීන් 600 කට අධික පිරිසක් හා Boeing CH-47 Chinook වර්ගයේ හෙලිකොප්ටර් හතරකුත් යොදාගෙන තිබෙනවා.මේ දර්ශන වල අඩංගු වන
එක් දර්ශනයක එන ගොඩනැගිල්ලක් විනාශ වී නැවත නිර්මාණය වන දර්ශනය නිර්මාණය කිරීම සදහා ගොඩනැගිලි තුනක් යොදාගෙන ඇති අතර සත්‍ය ප්‍රමාණයෙන් 1/3 ප්‍රමාණයෙන් යුතු ගොඩනැගිලි දෙකෙන් එකක උඩ කොටස පුපුරවා ඇති අතර අනෙකේ යට කොටස පුපුරවා ඇති අතර මේ අවස්තා දෙක වෙන වෙනම රූපගත කර තිබෙනවා.ඉන්පසු සත්‍ය ප්‍රමාණයේ එනම් Full scale කේ පවතින ගොඩනැගිල්ල රූපගත කර තිබෙන අතර මේ අවස්තා තුනම සුලු වශයෙන් cgi යොදාගෙන මුහු කිරීම මගිනුයි මේ දර්ශනය නිර්මාණය කර තිබෙන්නේ.
TENET අඩංගූ වුනේ cgi vfx shots 300 වැනි ඉතා සුලු ප්‍රමාණයක් පමනයි. ඒ වගේම TENETහි කිසිදු දර්ශනයකට green screen භාවිතා කිරීමක් සිදු කරලත් නැහැ. ඒ නෝලාන් හැකි සෑම අවස්ථාවකම cgi වෙනවට practical effects හා real stunts භාවිතා කරන හේතුව නිසයි.ඒ වගේම නෝලාන් තමන්ගේ චිත්‍රපට රූපගත කිරීමට යොදාගන්නේ film cameras පමණක් වන අතර ඊට හේතුව වන්නේ නෝලාන් තමන්ගේ ච්ත්‍රපට ඩිජිටල් මාධ්‍ය යොදාගෙන රූපගත කරන්න දක්වන දැඩි අකමැත්ත හේතුවෙනුයි.
නෝලාන්ගේ පළමු චිත්‍රපටය වුනු Following (1998) චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවපු Jeremy Theobald කියන රංගන ශිල්පියා TENET චිත්‍රපටයේ සුළු චරිතයකට තම රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
TENET චිත්‍රපටයේ ප්‍රධාන logo එක ලෙස මුලින් එළිදක්වපු පෝස්ටර් හා පූර්ව ප්‍රචාරක පටවල දිස්වුනේ මේ විදිහට බව ඔබට මතක ඇති.
නමුත් පසුව ආ පෝස්ටර් හා පූර්ව ප්‍රචාරක පටවල එම logo එක දිස්වුනේ මේ ආකාරයෙනුයි.
ඊට හේතුවුනේ ඇමරිකාවේ ,වොෂින්ටන් නගරය මූලික කර පවත්වාගෙන යන කුඩා බයිසිකල් කර්මාන්ත ශාලාවක් වන TENET නම් බයිසිකල් සමාගමේ ලාංඡනයත් TENET චිත්‍රපටයේ ලාංඡනයට සමාන වීම හේතුවෙන් එම සමාගම ඊට හිමිකම් කියාපෑමට පටන් ගත් නිසාවෙනුයි.මේ පිළිබදව දැනුවත් වුනු Warner Bros සමාගම හා Christopher Nolan,වහාම එම සමාගම සම්බන්ධ කරගෙන මේ පිළිබද සමාව ඉල්ලා තිබෙනවා.ඒ වගේම නෝලාන් විසින් පෞද්ගලිකව ම ලිපියක් මාර්ගයෙන් එම සමාගමට තම කණගාටුව ප්‍රකාශ කර තිබෙන අතර චිත්‍රපටයේ logo එක වෙනස් කිරීමටත් එකග වී තිබෙනවා.මේ විදිහට දෙපාර්ශවයම මේ ප්‍රශ්නය වැඩි දුරක් නොයවා ගොඩින්ම බේරා ගැනීමට සමත් වී තිබෙනවා.
චිත්‍රපටයක් වෙනුවෙන් ඉන්දියාවේ .මුම්බායි නගරයේ Ariel view එක රූගත කරන්න පළමුවෙන්ම අවස්තාව ලැබිලා තියෙන්නේත් TENET චිත්‍රපටය වෙනුවෙන් වීම විශේෂ සිද්ධියක් විදිහට සලකන්න පුලුවන්.
TENET චිත්‍රපටයේ නිෂ්පාදන වියදම ලෙස දැක්වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 205 ක් ලෙසයි.


ඔක්කොම කරුණු හොයාගෙන type කරන්න සෑහෙන මහන්සියක් වුනා,තව මේ වගේ ෆිල්ම් වල behind the scenes විස්තර ගැන තව posts දාන්න තමයි ඉස්සරහට හිතාගෙන ඉන්නේ .කට්ටිය මේ වගේ තව posts බලන්න කැමති නම් thread එක බලලා comment එකක් නැත්නම් අඩුම තරමේ bump එකක් හරි දාගෙන යන්න අමතක කරන්න එපා.