🎭 "Human ventriloquism" පිළිබදව ප්‍රවීණත්වය ලබා ගත්තු අපූරු "ventriloquist" කෙනෙක් - "Nina Conti" 😎

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,016
    153,074
    113
    "Virtuoso ventriloquists "ලා අතරින් ගත්තොත් වර්තමානෙ ඉන්න පුරෝගාමී ම "ventriloquist" කෙනෙක් විදිහට තමයි බ්‍රිතාන්‍ය ජාතික "Nina Conti" ව හදුන්වන්නෙ. "Puppets' ලා යොදාගෙන කරන 'ventriloquism" වැඩවලට අමතරව පුද්ගලයො කීපදෙනෙක් යොදාගෙන ස්ජීවීව ඒ මොහොතේම ඔවුන්ට හඩකවමින් සංකීර්ණ විදිහෙ සාකච්ඡාමය ස්වරූපයෙන් කරන සුවිශේෂ 'ventriloquism" ඉදිරිපත් කිරීම්වලටත් "Nina Conti" ලොකු ප්‍රසිද්ධියක් උසුලනවා. ප්‍රේක්ශකාගාරයෙන් තෝරගත්තු අයට විශේෂ "face mask" එකක් ආකාරයේ 'puppet' එකක් පළදවලා ඒකෙ කට 'Puppeteering' කරන ගමන් ඊට සුදුසු විදිහට දෙබස් හඩකවමින් හාස්‍යමය විදිහට සිදුකරන ඉදිරිපත් කිරීම් තමයි "Nina Conti" මෙහිදී සිද්ධ කරන්නෙ.

    මේ ආකාරයේ සුවිශේෂ ඉදිරිපත් කිරීම් "
    Human ventriloquism" එහෙමත් නැත්නම් "human puppet" කියන නම්වලින් හදුන්වනවා.

    Nina Conti

    nina-conti-1492559716.98.2560x1440.jpg














    Nina-Conti.jpg



    බ්‍රිතාන්‍ය ජාතික සම්මානනීය රංගන ශිල්පියෙක් වෙන "Tom Conti" සහ ප්‍රවීණ රංගන ශිල්පිණියක් වෙන "Kara Wilson" තමයි "Nina Conti" ගෙ දෙමව්පියන් වෙන්නෙ. "Tom Conti" තමයි ක්‍රිස් නෝලන්ගෙ 'Oppenheimer' චිත්‍රපටියෙදි "ඇල්බර්ට් අයින්ස්ටයින්ගෙ" චරිතෙට පණ පෙව්වෙ.


    tom-conti-1996-admiration-nina-father-aquiet-550nw-1092372a.jpg
    0_Tom-Conti-and-daughter-Nina-Conti-after-her-show.jpg

    PRI_208272749-760x509.jpg
    conti2-4166875.webp

    FzFAXxoWwAIjp1N.jpg