🏅🏅 පැරා ඔලිම්පික් තරග බිමේදී ශ්‍රී ලංකාවට 57 වන තැන 🏅🏅

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,073
    113
    cgq9cpkirxwyrus13co4



    මෙවර ජපානයේ පැවැති ටෝකියේ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඊයේ නිමාවට පත්වුණා. ශ්‍රී ලංකාවට එහිදී පදක්කම් සටහනේ රටවල් 162 ක් අතරින් හිමිවූයේ 57 වන ස්ථානයයි. ශ්‍රී ලංකාව මෙවර පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්වුණා.

    පැරා ඔලිම්පික් උළෙලක ශ්‍රී ලංකාව දැක්වූ ඉහළම දක්ෂතාව මෙය වනවා. එහිදී දිනේෂ් ප්‍රියන්ත එෆ් 46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන්ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන්නා. ඒ, නව ලෝක වාර්තාවක් ද සමගින්. සමිත දුලාන් කොඩිතුවක්කු එෆ් 64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වට එක්වෙමින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්නා.

    පදක්කම් දිනූ ක්‍රීඩකයන් දෙදෙනා ඇතුළු මෙවර පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වූ ශ්‍රි ලංකා කණ්ඩායම හෙට පස්වරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා දුන් දිනේෂ් ප්‍රියන්ත සහ සමිත දුලාන් පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළේදී චාම් උත්සවයක් ද සංවිධාන කර තිබෙනවා.

    මෙය සෞඛ්‍ය රෙගුලාසි වලට අනුව පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය නෙත් ස්පෝට්ස්මන් වෙත සඳහන් කළේ.රන් පදක්කම දිනූ දිනේෂ් ප්‍රියන්තට රුපියල් මිලියන 50 ක් සහ ලෝකඩ පදක්කම දිනූ සමිත දුලාන්ට රුපියල් මිලියන 20 ක් මෙන්ම ඔවුන්ගේ පුහුණුකරු වූ ප්‍රදීප් නිශාන්තට ජයග්‍රාකයින්ට ලබාදෙන මුදල්වලින් සියයට 25 ක මුදලක් ද ලබාදීමට නියමිත බවයි ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කළේ.



    Source: nethnews.lk



     
    Last edited:

    Similar threads