🐘 අලින්ගෙන් පරිසරයට සිදුවන සේවාව 🐘

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,962
    11,700
    113
    මම Ecology කියන විෂය ඉගෙන ගන්නකොට ඒ විෂයේ තිබ්බ එක කොටසක් තමයි Keystone Species කියන්නේ,,

    E5RDWxGVoAoQJm_.jpg


    සිංහලෙන් කියනවනම් මූලස්ථාන විශේෂ ,,
    මට හිතෙන විදියට නම් සිංහල නමට වඩා ඉංග්‍රිසි නමේ ලොකු තෙරුමක් වගේම ඒ නමෙන් ඒ කට්ටියට හරි වැදගත්කම ගෙනත් දෙනවා,,,,
    මොකද Keystone එක කියලා කියන්නේ , ලොකු ගල් වලින් හදපු ආරක්කුවක් හැඩය තියෙන උළුඅස්සක මුදුන්ම ගලට , ඒ ගල නිසා තමයි මුළු ව්‍යුහයම කඩන් වැටෙන්නේ නැතුව ස්ථායීව තියෙන්නේ,, Keystone එක අයින් කලොත් ඒහෙම මුළු ආරුක්කු ව්‍යුහයේම තියෙන ඔක්කම ගල් කඩන් වැටෙනවා,,

    d7c401_17c5d5745f9b49838247575e4c34e2e0~mv2.jpg


    ඒ කියන්නේ මූලස්ථාන විශේෂයත් හරියට ඒ Keystone ගල වගේ,,, එයා පරිසරයෙන් අයින් වුනොත් ටිකෙන් ටික මුළු පරිසර පද්ධතියම කඩන් වැටෙනවා,,,

    පරිසරයේ ඒ වගෙ විශේෂ කට්ටිය කව්ද කියලා අදුර ගන්න එක ලේසි නෑ,,,සමහරවිට එයා පරිසරයෙන් අයින් වෙලා යනකම්ම එයා ඒ තරම් වැදගත් කෙනෙක් කියලා අපි දන්නේ නෑ,, සමහරවිට අපිට ඒ කව්ද කියලා කලින් අදුරගන්නත් පුලුවන් ,, හැබැයි ගොඩක් වෙලාවට වෙන්නේ අපි අදුරගන්න කලින් අපේ නොසැලකිලිමත් කම නිසා එයා පරිසරයෙන් ඉවත් වෙන එක , , එතකොට අපි පරක්කු වැඩි ,,සමහරවිට , ඒ වෙනකොට පරිසරය අයේ යථාතත්වයට ගන්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන්නත් පුලුවන් ,,,

    ඒ වගේ කට්ටියක් තමයි අලි ඇත්තු කියන්නේ,,
    ඒයාලා ලේසි පහසු කට්ටියක් නෙමෙයි,,,, ඒයාලා පරිසර පද්ධති ඉංජීනේරූවරුන් ,,
    මොකද එයාලා පරිසර පද්ධති අලුතෙන් හදනවා,, තියෙන පරිසරය වෙනස් කරනවා, ඒ වගේම පරිසරය එක විදියකට ලස්සනට පවත්වාගෙන යනවා, ඒ කියන්නේ පරිසරය ලස්සනට maintain කරනවා,,,,

    E8fMHRsVoAAg15p.jpg


    ඒ කොහොමද කිව්වොත් ,අලියා කියන්නේ ලොකු ශක්තිමත් කෙනෙක්නේ,, ඒ වගේම ඒයා තමයි ගොඩබිම ඉන්න ලොකුම ක්ෂීරපායියා,,,
    ඉතින් , ඒයා නිතරම ගස්වල අතු කඩනවා, ලොකු ගස් පෙරලනවා, පොඩි පැළ පදුරු පාගලා දානවා, ඒ වගේම සමහර ගස් උගුල්ලලා දානවා, ,
    කෙනෙක්ට හිතෙන්න පුලුවන් ඒක පරිසරයට කරන හානියක්නේ කියලා,,,

    chami2-forest-elephant-carbon.ashx


    ඒත් ඒක වැරදි, ඒයාලා ඒ කරන වැඩෙ පරිසරයේ ඉන්න අනිත් සත්තුන්ට වගේම පරිසරයටත් ලොකු සේවයක්, , මේයාලා මේ කරන දේ නිසා ගස් උස යන එක අඩු වෙනවා, ඉතින් ගොඩක් උස නැති සත්තුන්ට කෑම ලැබෙනවා,,ගස්වල අළුතින් දළු දානවා, ගස් වල පදුරු දානවා, ,,,

    Elephants294.jpg


    අනිත් සත්තුන්ට ආහාර ලැබෙනවා, ඒ විතරක් නෙමෙයි එයාලට අළුත් වාසස්ථානත් ලැබෙනවා,,
    අපි මෙහෙම හිතමුකෝ , අලියෙක්ගේ වැඩ නිසා ලොකු ගහක් සම්පූර්ණයෙනම මැරුනා කියලා,, හැබැයි ටික දවසක් යද්දී ඒ වියලුනු ගහා බෙන හදන කුරුල්ලන්ට අලුත් ගෙයක් වෙලා,,
    අප්‍රීකාව වගේ රටක සැවනා බිම් වල ඉන්න අලි ඇත්තු තමයි ඒ පරිසරයේ ලස්සන තැනිතලාව පවත්වාගෙන යන්නේ,,අසියාව කියලා එකේ වෙනසක් නෑ,,

    පරිසර පද්ධතියේ හැඩය පවත්වාගෙන යන්න එයාලා ලොකු උදව්වක් කරනවා,,
    සරලවම කිව්වොත් අලි ඇත්තු අනිත් අයට ජීවත් වෙන්න ගෙදර ලස්සනට අස්පස් කරලා දෙනවා වගේ,,

    baobab-tree-adansonia-digitata-which-has-been-by-elephants-gouging-H8M1GM.jpg


    අලියෙක් දවසකට විශාල ශාක ප්‍රමාණයක් ආහාරයට ගන්නවා,, ඒයලාගේ කෑම පිගානේ ලොකූ විවිධතවයක් තියෙනවා,,ඒයාලට කටු තියෙන ගහක් උනත් ප්‍රශ්නයක් නෙමෙයි,,
    අනික අලියා කියන්නේ කුර සත්තු වගේ අමාශය කාමර හතරකට බෙදිච්චි කට්ටියකුත් නෙමෙයි,, ඒ නිසා එයාලගේ වසුරුවල ජීරණය නොවී ශාක කෙදි ඒම ගොඩක් ඉතිරි වෙනවා,ඒ වගේම එයලගේ වසුරු වල ගොඩක් පොෂ්‍ය පදාර්ථයන් ඉතිරි වෙලා තියෙනවා, ඒ නිසා ගොඩක් කෘමීන් ,සමනල්ලු වගෙ පොඩි සත්තු මේ වසුරු හොයාගෙන එනවා,,, ඒ වසුරු ශාක වල බීජ ව්‍යාප්තියටත් උදව් වෙනවා ,,

    Butterflies_on_elephant_dung_-_Kaeng_Krachan.jpg


    දවසකට එයාලා ගොඩක් වසුරු පිට කරනවා,, ඒ වසූරු වලින් විශාල ක්ෂුද්‍රජීවීන් ප්‍රමාණයක් පසට එකතු වෙනවා,, ඒ වසුරු වල තෙතමනයත් ගානට තියෙනවා,
    වසුරුවල තියෙන ජීරණය නොවී ඉතුරු උනු බීජ පැළ වෙන්න ගන්නවා,,, වියළි පොළොව සාරවත් වෙනවා,,

    stem-grow-on-elephant-dung.jpg


    ඒයාලගේ වං ගෙඩි වගේ ලොකු කකුල් වලට පෑගීලා හැදෙන වලවල් ටික දවසක් යද්දි වතුර පිරිලා පුංචි පරිසර පද්ධතියක් බවට පත් වෙනවා ,, ඒ කොහොමද කිව්වොත්,
    අපි මෙහෙම හිතමුකෝ,,
    වතුර වලක වතුර බොන්න එන අලි රංචුවක් නිසා,, ප්‍රධාන වතුර වල ලන්ග තැන් තැන් වල තව පොඩි පොඩි මඩ වලවල් හැදෙනවා,, ඒ මඩ වලවල් මදුරුවෙක්ට , ගෙම්බෙක්ට බිත්තර දාන්න නියම වාසථානයක් බවට පත් වෙනවා,,මොකද ප්‍රධාන වතුර වලේ ඉන්න මාළු වගේ විලෝපිකයෝ ඒ වතුර වලේ නෑ,, ඒ වගේම අහිංසක මුවෙක්ට උනත් අවිත් බය නැතුව ඒ වලේ වතුර බීලා යන්න පුලුවන්, මොකද ලොකු වතුර වලේ ඉන්න කිඹුලා ඒ වතුර වලේ නැති නිසා,,

    deer-drinking-water-reflection-260nw-1427697914.jpg


    අලි ඇතුන් කියන්නේ පරිසරයට ගොඩාක් වටින කට්ටියක් , එයාලා ගොඩාක් දුර ඇවිදිනවා,, ඒ නිසා එයාල කරන සේවය ලොකු ප්‍රදේශක පැතිරෙනවා,, කොටින්ම කිව්වොත් එයාල නැති උනොත් අද දකින භූමී දර්ශනය සම්පූර්ණයෙන්ම කණපිට පෙරලෙනව,,
    ගොඩාක් සත්තු අසරණ වෙනවා,, පරිසර පද්ධතියම බිද වැටෙනවා , ,

    ඉතින් මන් හිතන්නේ අපි මීට වඩා අලි ඇතුන් ගැන සැලකිලිමත් වෙන්න ඕනි,,, නිකරුනේ වගා ළිං වලට වැටිලා , කෝච්චි වලට හැප්පිලා , කිසිම වැදගැම්මක් නැති මිනිස්සුන්ගෙන් වෙඩි කාලා , හක්කපටස් වලට අහු වෙලා බොහොම අසරණ විදියට තැන් තැන් වල වැටිලා මැරිලා යන්න ඕනි සත්තු නෙමෙයි එයාලා,,,

    1537243040_1187882_hirunews_Eliphent.jpg



    ඔවුන්ට ලැබෙන්න ඕනි ගෞරවය අපි දෙමු,, මීට වඩා ආදරෙන් ඒයාලා රැක බලා ගමු,,❤️

    pinnawala-zoo-3-700x500.jpg


    PS:
    පොස්ට් එක ඉස්සුවේ බුකියෙන්
    සංස්කරණ කටයුතු සහ සුදුසු චායාරූප එකතු කිරීම මගෙන් :P
     
    Last edited: