🐭. 🐀. මීයන්ගෙන් ජීවිතයට පාඩමක්.....

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කිරියෙ Depression / Stress / Anxiety ගැන වැඩිපුර thread තිබුණ නිසා......

    324189730_692875232328763_8245944797683863483_n.jpg


    වසර 1950 දී හාවඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙකු වූ Dr. Curt Richter අපූරු පරීක්ෂණයක් කලා.
    ඒ මීයන් තුන් දෙනෙකු වෙනම තැබූ ජල බඳුන් 3 කට දැමීමෙන්.
    ඔහු මේ මීයන් පිහින පිහිනා ජීවිය බේරා ගැනීමට දරණ උත්සහයට ගත වෙන කාලය මැන්නා.
    පලවෙනි වටයේදී මීයන් එසේ කලේ විනාඩි 15යි. ඊට පස්සේ උන්ව ගිලෙන්න ගියා.
    ඒත් එක්කම පරීක්ෂකයන් මීයන්ව බේර ගත්තා. අරගෙන පිහිදලා උණුසුම් කරලා විවේකයක් දුන්නා.
    ඊට පස්සේ ආයෙත් දැම්මා. මොකක් වෙන්න ඇති ද?

    මීයෝ ටික කලින් සැරේ පීනුවේ විනාඩි 15යි. මහන්සි වෙලා පණ නැතුව ගිලෙන්න ගියා.
    එහෙනම් දන් විනාඩි 15 ට අඩු ඇති; ඔබට එහෙම හිතෙයි.
    නෑ අත්තෙන්ම මීයෝ පැය 60 ක් ඉවසාගෙන හිටියා. පීනුවා, පාවුනා.
    ඔව්, පැය 60ක්; විනාඩි නෙවෙයි.

    ඒකට හේතුව ලෙස නිගමනය උනේ " බලාපොරොත්තුව " ....
    ඔව්, කලින් පාර මීයෝ දන්නේ නෑ උන්ව බේර ගනියි කියලා. උන් වැඩේ අතෑරියා.
    ගිලෙන්න ගියා.
    හැබැයි දෙවෙනි පාර උන් දන්නවා උන්ව බේර ගනියි කියලා. උන්ට බලාපොරොත්තුවක් ඇති උනා.
    ඒ බලාපොරොත්තුවේ ශක්තියෙන් උන් පැය 60 ක් බලාගෙන හිටියා.

    ඒ නිසා ඔබ බලාපොරොත්තු අතෑර ගෙන සිටිය යුතු නෑ. ඔබටත් නැගිටින්න දවසක් එනවා.
    ඒ නිසා ඔබ ගැන විශ්වාසය තියා ගෙන අල්ල ගෙන ඉන්න ඒ දවස එනකං.
    (උපුටා ගැනීමක්)
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අහින්සක මීයොන්ගෙනුත් ආතල් ගන්නවා. පව් වැඩේ

    මහ කාලකන්නි සත්තු ඕකුන්.මොන අහිංසකද.ගෙයක් වුනත් අළු කරල දෙන්න පුළුවන් මීයෙක්ට.ඕකුන්ව මරලම දාන්න ඕන.ජරා සත්තු🤮
     
    • Wow
    Reactions: NRTG

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අල්ලගෙන හිටපං.
    ❤️

    මේ පොටෝ එකේ රවුම අස්සෙ ධනුශ්ට පිටිපස්සෙ ඉන්න සහය නළුවව ඒ කාලෙනම් කවුරුත් ම දන්නෙ නැතුව ඇති. ඌට හරිහමන් සැලකිල්ලක් වගෙම සල්ලියකුත් ලැබෙන්න නැතුව ඇති. ඒත් ඌ එකම එකක් කරා. ඌ වැඩේ අල්ලගෙන හිටිය. ඒකෙ අන්තිම ප්‍රතිඵලය උනේ පොර මාර පොරක් වගෙම ඉහලම ගෙවීමක් ලබන නළුවෙක් ලෙජන්ඩ් එකක් උන එක..! විජයසේදුපති. ඕනිම චරිතයක් කරන පට්ට ටැලන්ට් නළුවෙක්. ඒත් එතනට එන්න අවුරුදු 15ක් ඉවසගෙන අල්ලගෙන ඉන්න උනා. මතක තියාගනින්. මාර දේවල් පට්ට දේවල් හම්බෙන්න ටිකක් කල් යනව. ඒ හින්ද උඹ කරන වැඩේ දිගටම අල්ලගෙන ඒක කරපං. උඹට උඹේ ෆීල්ඩ් එකේ පොරක් වෙන්න උඹේ ඉලක්කෙට යන්න ඒ හොදටම ඇති. ඒ හින්ද අතාරින්නෙපා. අල්ලගෙන හිටපං.!

    from Facebook

    326055218_1120310611972103_3500522932867118444_n.jpg