👨‍⚕️ A revolution in transplant medicine - Will we be able to order artificial hearts? ⚕️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,091
    153,348
    113
    අවයව බද්ධ කරන්න අවශ්‍ය වෙන රෝගීන්ගෙ ප්‍රමාණයට සාපේක්ෂව අවයව දායකයොන්ගෙ ප්‍රමාණෙයේ තියෙන හිඟකම නිසා හුගක් රෝගීන්ට අවයව බද්ධ කරන ශල්‍යකර්මෙ කරගන්න සමහර වෙලාවට අවුරුදු කීපයක් විතර යනකනුත් පොරොත්තු ලේඛණවල බලන් ඉන්න වෙන එක ලෝක ව්‍යාප්ත ගැටලුවක් බවට වර්තමානෙදි පත් වෙලා තියෙනවා. මේ අවයව හිගයට විකල්ප පිළියම් හොයා ගන්න ජර්මනියේ, ජපානයේ සහ ස්වීඩනයේ විද්‍යාඥයො පිරිසක් දරණ උත්සාහයන් ගැන තමයි මේ වාර්තා වැඩසටහනෙන් කතා කරන්නෙ. වෙනත් සතුන්ගෙන් ලබාගත්ත අවයව මිනිස් සිරුරට ගැලපෙන විදිහට පරිවර්තනය කරලා අළුත් අවයව නිර්මාණය කරන්නත්, ඊට අමතරව අලුතෙන්ම කෘතිම අවයව නිර්මාණය කරලා ඒවා බද්ධ කරන්න සුදුසු තත්ත්වයට ගන්න පුළුවන් ක්‍රම්වේදත් ගැන තමයි ඔවුන් මෙහිදී අත්හදා බලන්නෙ. ඊට අමතරව 'ethical' පැත්තෙන් ගත්තොත් මේ ක්‍රමවේදවල තියෙන ගැටළු සහගත තැන් ගැනත් මේකෙදි සාකච්ඡා කරනවා.


    ​