👨‍🚀🚀 අනාගත සඳගාමීන් විසින් යොදාගැනීමට නියමිතව ඇති "Lunar Terrain Vehicle (LTV)" ගනයට අයත් චන්ද්‍ර රෝවරය - "Lunar Outpost" rover 👩‍🚀🌕

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,127
    113
    නාසා ආයතනයේ "Artemis" චන්ද්‍ර මෙහෙයුම්වලදි සඳගාමීන් විසින් චන්ද්‍රයා මත ගමන් කරන්න යොදාගන්න නියමිතව තියෙන "Lunar Outpost" කියන ඇමරිකානු සමාගම විසින් නිර්මාණය කරපු "Lunar Terrain Vehicle" (LTV) ගනයට අයත් වුණු නවතම රෝවර් රථය" (Rover) පිළිබදවයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නෙ. මීට අමතරව 2029 වසරෙදි 'SpaceX' සමාගම විසින් සිදු කරන්න නියමිතව තියෙන චන්ද්‍ර මෙහෙයුමේදිත් (Unmanned mission) මේ රෝවරය තමයි යොදාගන්න නියමිත වෙලා තියෙන්නෙ. මේ "Lunar Outpost" සමාගමට අමතරව "Intuitive Machines" සහ "Venturi Astrolab" කියන සමාගම් මගින් නිර්මාණය කරන රෝවර් රථත් මේ ඉදිරියෙදි සිදු කරන්න නියමිතව තියෙන "Artemis' චන්ද්‍ර මෙහෙයුම්වලදි යොදාගන්න නාසා ආයතනය විසින් මේ වෙනකොට සැලසුම් කරලා තියෙනවා.




    lunardawn-newdesign.jpg


    Lunar-Outpost-Eagle-Prototype.png


    ZvWKArVsGrYSwC_d_lunar-outpost-concept-sketch-ltv-side-view.jpg



    "Venturi Astrolab" සමාගම මගින් නිර්මාණය කරපු චන්ද්‍ර රෝවරය ගැන මං දාපු ත්‍රෙඩ් එක

     
    Last edited: