ලෝක ජනගහන දිනය සෑම වසරකම ජූලි මස 11 වැනි දින සමරනු ලබයි. මෙම දිනයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ලෝක ජනගහනයේ සිදුවන වර්ධනය හේතුවෙන් සිදුවන සාමාජීය හා පාරිසරික බලපෑම පිලිබඳ ලෝකවාසීන්ගේ අවධානයට යොමුකිරීමයි. මෙම සැමරුම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පාලන කවුන්සලය විසින් පිහිටුවන ලදි. මෙය 1987 ජූලි 11 වැනි දින ලෝක ජනගහනය ආසන්න වශයෙන් බිලියන පහක් වීම හේතුවෙන් පිහිටුවන ලදි.
2022 ලෝක ජනගහන දිනයේ තේමාව
'A World of 8 Billion: Towards a Resilient Future for All — Harnessing Opportunities and Ensuring Rights and Choices for All.'
2022 ජූලි 11 දින වනවිට ලෝක ජනගහනය 7 959 777 000 කට (මෙම ලිපිය ලියන අවස්ථාවේ) අධික ප්‍රමාණයක් වී ඇති බවට තක්සේරු කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගණනය කිරීම්වලට අනුව 2022 වසරේ නොවැම්බර් 15 වන දින වන විට ලෝක ජනගහණය බිලියන 8 ඉක්මවා යනු ඇති බවට පුරෝකථනය කර තිබේ.
Current World Population
