👴On the way!

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,967
    10,428
    113
    මේ දිනවල සිය බිරිඳ සමඟ සිංගප්පූරුවේ සංචාරයක නිරතව සිටින විපක්ෂ ප්‍රධානියකු එරට සිට සැලසුම් කර ඇත්තේ වර්ධනය වන ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ පාලන තන්ත්‍රය මෙහෙයවීමේ වගකීම බාර ගැනීමට ය.

    මෙම විපක්‍ෂ ප්‍රධානියා සිය බිරිඳ සමඟ සිංගප්පූරුව බලා ගියේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යැයි කීවත්, එරට දී ප්‍රධාන බලගතු රටක ආරක්ෂාවට අදාළ ප්‍රධානියකු හමුවීමට ද සැලසුම් කර තිබුණි. මේ වන විට එම ආරක්ෂක අංශ ප්‍රධානියා මෙන්ම, භූ දේශපාලන වශයෙන් වැදගත් වන තවත් රටක රාජතාන්ත්‍රික ප්‍රධානියකු ද මෙම විපක්ෂ ප්‍රධානියා මුණ ගැසී සාකච්ඡා පවත්වා තිබේ.

    එහි දී තීරණය කර ඇත්තේ සිංහල අලුත් අවුරුදු වලින් පසුව ලංකාවට පැමිණි වහාම මෙම ප්‍රධානියා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට ය. ඒ සඳහා ඔහුට මග පාදනු සඳහා දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටින ෆයිසර් මුස්තාපා එයින් ඉවත්වීමට එකඟතාව පළ කර තිබේ.

    අප්‍රේල් වන විට ශ්‍රී ලංකාව දරුණු ආර්ථික දේශපාලන හා සමාජීය බිඳවැටීමකට ලක්වනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.

    Lanka Underground News
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,453
    113
    රනිල් හාමු සති තුනකට සිංගප්පුරු ගියා.

    කාලෙගානත් එහෙ ඉන්නේ.

    ඒකයි එළකිරි එන්නේ නැත්තේ
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,404
    7,127
    113
    ගිය අවුරුද්දෙ මැයි වල ආන්ඩුව ගන්නවා කිවුවා
    ජුනි වල ගන්නවා කිවුවා
    අගෝස්තු වල ගන්නවා කිවුවා
    සැප්තැම්බර් වල ගන්නවා කිවුවා
    දෙසැම්බර් වල ගන්නවා කිවුවා
    ජනවාරි වල ගන්නවා කිවුවා
    මාර්තු වල ගන්නවා කිවුවා

    දැන් අප්‍රේල් වල ගන්නවා කියනවා