අඟහරු ග්‍රහයා ගවේෂණය කිරීමේ අරමුණින් ඒ ග්‍රහයා මතට යවපු නාසා ආයතනයේ 'Perseverance' රෝවරයට 'biosignatures' කියලා සැක කරන්න පුළුවන් රසායනික සංයෝග සහ ඛනිජ ව්‍යුහයන් (chemical compounds / mineral structures) හමුවෙලා තියෙනවා කියලා මේ සැප්තැම්බර් 10 වෙනිදා නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. අඟහරු ග්රහයගේ මතුපිට තියෙන "Jezero Crater" කියන කිලෝමීටර 45 ක විෂ්කම්භයකින් යුක්ත වුණු ආවාටය තුළ 'Perseverance' රෝවරය මගින් සිදු කරන ගවේෂණ කටයුතුවලදි තමයි මේ 'biosignatures' කියලා අඩංගු වෙලා තියෙනවා කියලා සැක කරන "Cheyava Falls" කියන පාෂාණය සොයාගන්න හැකිවෙලා තියෙන්නෙ. මේ වීඩියෝ එකෙන් මේ සොයාගැනීම පිළිබදව වැඩිදුර, සවිස්තරාත්මක තොරතුරු දැනගන්න පුළුවන්.
"Jezero' ආවාටය තුළ හමුවුණු මේ 'biosignatures' අඩංගු වෙලා තියෙන්න පුළුවන් කියලා සැක කරන "Cheyava Falls" නමින් හදුන්වන පාෂාණය
'Perseverance' රෝවරය විසින් "Cheyava Falls" අසලදී ලබාගත්තු 'selfie' ඡායාරූපය.
2024 ජූලි 23 වෙනිදා 'Perseverance' රෝවරය විසින් ලබාගත්තු ඡායාරූප 63 මගින් තමයි මේ 'panaroma' ගනයේ 'selfie' ඡායාරූපය නිර්මාණය කරලා තියෙන්නෙ
'Perseverance' රෝවරය හා සම්බන්ධ තොරතුරු ඇතුළත්ව, මා මීට ඉහතදී ලියා පළ කළ ලිපි
අඟහරු ග්‍රහයා මත ගවේෂණ කටයුතු සිදු කරන නාසා ආයතනයට අයත් "Perseverance' රෝවරය මගින් හසුකර ගත් මෙවැනි අපූරු 'Sun Halo' සංසිද්ධියක්
'Perseverance' රෝවරය හා සම්බන්ධ තොරතුරු ඇතුළත්ව, මා මීට ඉහතදී ලියා පළ කළ ලිපි
අඟහරු ග්‍රහයා මත ගවේෂණ කටයුතු සිදු කරන නාසා ආයතනයට අයත් "Perseverance' රෝවරය මගින් හසුකර ගත් මෙවැනි අපූරු 'Sun Halo' සංසිද්ධියක්




