💔 "ලුතිනන් ඩෑන්ගේ" චරිතයට පණ පෙවූ ප්‍රවීණ රංගන ශිල්පී "Gary Sinise" ගේ නොඇසූ කතාව 💔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,144
    113
    "Forrest Gump" චිත්‍රපටියෙ "ලුතිනන් ඩෑන්ගෙ" චරිතෙ කාටත් මතක ඇතිනෙ. මේ චරිතෙට පණ පෙව්වෙ හොලිවුඩයේ ඉන්න ප්‍රවීණ රංගන ශිල්පියෙක් වුණු "Gary Alan Sinise" විසිනුයි. "Forrest Gump" චිත්‍රපටියට අමතරව Apollo 13 (1995), Ransom (1996), The Green Mile (1999), Impostor (2002), Truman (1995), CSI: NY (2004–13), Criminal Minds: Beyond Borders (2016–17) වගේ සුප්‍රකට චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය මාලාවන් රාශියකට රංගනයෙන් දායක් වුණු "Gary Sinise", "Primetime Emmy Award" එකකිනුත්, "Golden Globe Award" එකකිනුත්, "Tony Award" එකකිනුත්, "Screen Actors Guild Awards" (SAG awards) 4 කිනුත් පිදුම් ලබන්න සමත් වුණා. ඔහු තමන්ගෙ රංගන ජීවිතේ ලබාගත්තු එකම ඔස්කාර් සම්මාන නාමයෝජනාව හිමි වුණේ "Forrest Gump" චිත්‍රපටියෙ "ලුතිනන් ඩෑන්ගෙ" චරිතෙ වෙනුවෙනුයි. කොහොම වුණත් 2020 වසරෙදි "Gary Sinise" තමන්ගෙ රංගන ජීවිතේට සමුදෙන්න තීරණය කරනවා. ඒ ඔහුගෙ එකම පුත්‍රයට වැළදුණු දුර්ලභ ගණයෙ පිළිකා රෝගය සුව කර ගන්න තමන්ගෙ කාලය කැප කිරීමේ අරමුණෙනුයි. සුෂුම්නාව ආශ්‍රිතව හටගන්න 'Chordoma' කියන දුර්ලභ ගනයෙ පිළිකාව "Gary Sinise" ගෙ පුත්‍රයා වුණු "McCanna Anthony Sinise" වැළදිලා තියෙන බවට මුලින්ම සොයාගත්තෙ 2018 අවුරුද්දෙදියි. "Gary Sinise" ගෙ බිරිඳ වගේම "McCanna Anthony Sinise" මව වුණු "Moira Harris" ත් තෙවැනි මට්ටමේ පියයුරු පිළිකාවකින් පෙළෙන බව මේ අවුරුද්දෙදිමයි සොයාගත්තෙ. "Moira Harris" ගෙ පිළිකා තත්ත්වය සුව අතට හැරුණත් ඇයගෙ සහ "Gary Sinise" ගෙ පුත්‍රයා වුණු "McCanna Anthony Sinise" ගෙ පිළිකා තත්ත්වය උත්සන්න වෙලා හුගක් දරුණු අතට හැරෙනවා. අන්තිමේ 2024 අවුරුද්දෙ ජනවාරි 05 වෙනි දා මේ පිළිකා රෝගය නිසා "McCanna Anthony Sinise" ඔහුගෙ ජීවිතෙන් සදහටම සමුගන්නවා. ඒ ඔහු 33 වැනි වියේ පසුවෙද්දියි. මේ අලුත්ම වීඩියෝ එකෙන් "Gary Sinise" ගෙ මේ වැඩි දෙනෙක් නොඇසූ කතාව ඔහුගෙම වචනවලින් ගෙන එනවා.





    "Gary Sinise" සහ පිළිකා රෝග තත්ත්වය හේතුවෙන් දිවියෙන් සමුගත් ඔහුගේ පුත්‍රයා

    03.jpg


    image

    පවුලේ සාමාජිකයන් සමග ලබාගත් සමූහ ඡායාරූපයක්

    gary-sinise-here-wishing-you-all-a-happy-new-year-and-a-v0-4ac8r0xgpp9c1.jpeg


    "Gary Sinise" ගේ රංගන දිවියෙන් බිදක්

    0x0.jpg


    Gary-Sinise-Tom-Hanks-Forrest-Gump.jpg


    ltdan-forest-gump.jpg


    GettyImages-51568990.jpg


    MV5BYTI0OWQwYjAtOTQzNi00OWIzLWIwNGItZjQ4NTM1Njc5ZmIwXkEyXkFqcGc@._V1_.jpg


    cc1ba0_b10487f9c891436da792a9a2e142f9c0~mv2.png


    MV5BY2VhZjY2Y2YtYzM3OC00ZTg4LTlhOTUtNmY2MTRkYTMwODkwXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg


    MV5BNTZjNGVhMjMtMjNhZS00ZTcyLTk5Y2YtZGY2NWM4YTY4OWJiXkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg


    👨‍⚕️ 'Chordoma' පිළිකා තත්ත්වය යනු: 👩‍⚕️


    Chrodoma_1-banner-1.png


    17916-chordoma