💣💥 දෙවන ලෝක යුධ සමයේදී බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් භාවිතා කළ සුවිශේෂී අවිය - "Bouncing bomb" 💣🔥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    0WbB9Fa.jpg


    දෙවන ලෝක යුධ සමයේදී බ්‍රිතාන්‍යය රාජකීය ගුවන් හමුදාව විසින් සතුරු ඉලක්ක විනාශ කිරීම සදහා භාවිතා කළ සුවිශේෂී අවියක් ලෙස "Bouncing bomb" නමින් හදුන්වන ගුවනේ සිට හෙළන අවිය හදුන්වන්නට පුළුවන්. මෙම "Bouncing bomb" එක පිළිබද අදහස මුල්වරට ඉදිරිපත් කරනු ලැබුවේ බ්‍රිතාන්‍යයයේ "Vickers-Armstrongs" සමාගමේ සේවය කළ ඉංජිනේරුවෙක් වූ "Barnes Wallis" විසිනුයි. දෙවන ලෝක යුධ සමයේදී ටෝර්පීඩෝ ප්‍රහාරවලින් ආරක්ෂා වීමට විවිධ නෞකාවන් විසින් භාවිතා කළ "torpedo nets" වැනි විශේෂ ආවරණ හෝ ප්‍රහාරක ඉලක්කය වෙත ගමන් කිරීමේදී හමුවන බාධක මග හැරවා ගනිමින් ජල තලයක් මතට මෙම අවිය මුදා හැරි විට එම ජල තලය මත කීපවරක් පොළා පනිමින් (Bounce වෙමින්) අදාළ ඉලක්කය වෙත ගමන් කිරීමේ සුවිශේෂ හැකියාවක් මෙම "Bouncing bomb" එක සතුව පැවතුණා. විශේෂයෙන් සකස් කළ බෝමබ් හෙළන ගුවන් යානාවන්ගේ බඳ ප්‍රදේශයේ වූ 'V' හැඩැති බාහු දෙකක් මත රදවා තිබූ මෙම බෝම්බය, එය හෙළීමට ප්‍රථමව හයිඩ්‍රොලික් මෝටරයකට සවිකල යාන්ත්‍රික දම්වැලක් මගින් මිනිත්තුවට වට 500 ක් පමණ කරකැවීම (ගුවන් යානය ගමන් කරන් දෙසට ප්‍රතිවිරුද්ධ දෙසට - back-spin) සිදු කරන අතර මෙමගින් බෝම්බයට ජලය මත ඉහළ උසක් දක්වා පොළා පැන යා හැකි අමතර ප්‍රවේගය ලබා දීම සිදු කරනු ලබනවා. බෝම්බය හෙළන අවස්ථාවේදී ගුවන් යානය පොළව මට්ටමේ සිට මීටර 20 ක් වැනි ඉතා පහළ මට්ටකින් සහ පැයට සැතපුම් 240 ත් 250 ත් අතර වේගයකින් පියාසැරිය යුතු ද වනවා.


    "Bouncing bomb" එකක බාහිර ස්වරූපය

    Duxford_UK_Feb2005_bouncingbomb.JPG




    "Bouncing bomb"හි නිර්මාතෘවරයා වන ඉංජිනේරු "Barnes Wallis"

    2599.jpg







    බෝම්බය ගුවන් යානාවේ බදෙහි රදවා තබා ගෙන සිටින 'V' හැඩැති බාහූන් ද්විත්වය සහ බෝම්බය කරකැවීම සිදු කරන හයිඩ්‍රොලික් මෝටරයකට (Hydraulic motor) සවි කළ යාන්ත්‍රික දම්වැල (Belt drive)

    editor_images%2F1550049649571-Upkeep_in_Lancaster.jpg



    ප්‍රධාන වශයෙන් දෙවන ලෝක යුධ සමයේදී ජර්මනියට අයත් වූ විශාල ජලාශවල පැවති වේලි විනාශ කිරීමට බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් මෙම අවිය භාවිතා කරනු ලැබුවා. අදාළ වේල්ලෙ සිට පෙර සැලසුම් කළ නිශ්චිත දුරකදී ගුවනේ සිට මුදාහැරි පසු ජල තලය මත කීප වරක් පොළා පනිමින් (Bounce වෙමින්) ගොස් වේල්ල පවතින ස්ථානයට ළගා වීමට මොහොතක පෙර අවසන් පැනුමද සිදු කර මෙම බෝමබය වේල්ලෙ ගැටී, වේල්ලේ පතුල වෙත ගිලා බැසීම සිදු කරනු ලබනවා. එලෙස වේල්ලේ පත්ලට ගිලා බැසීමේදී පෙර සැලසුම් කළ නිශ්චිත ගැඹුරකදී සහ ද්‍රව පීඩන පරාසයකදී මෙම බෝම්බය පුපුරවා හැරීම මගින් වේල්ල සම්පූර්ණයෙන් ම විනාශ කරලීම මෙහිදී සිදු වනවා. මෙම නිශ්චිත ද්‍රව පීඩන පරාසකදී අවි පූපුරවා හැරීමේ යාන්ත්‍රණය හදුන්වනු ලබන්නේ "Hydrostatic mechanism" (Hydrostatic fuze) ලෙසිනුයි. කෙසේ වෙතත් මෙම ක්‍රමවේදය නිසි පරදි ක්‍රියාත්මක වීම සිදු නොවන අවස්ථාවකදී වුව ද බෝම්බය පතිත කිරීමෙන් තත්පර 90 කට පසුව එය ස්වයංක්‍රීයව පුපුරා යා හැකි සුවිශේෂී විලායකයක් ද (Fuse) මෙම අවියට ඇතුළත් කොට තිබුණා.


    බෝම්බය, ජල තලය පොළා පනිමින් ගොස් අදාළ ඉලක්කය වෙත ළගා වී පිපිරීම සිදුවන ආකාරය

    operation-chastise-diagram.jpg





    මෙම වීඩියෝව මගින් නිරූපණය කෙරෙනුයේ එංගලන්තයේ 'Reculver' ගම්මානය අසබඩ පිහිටි 'Kent' වෙරළ තීරයේදී අත්හදා බැලුණු "Bouncing bomb" ගනයේ අවියක මූලාකෘතියකුයි (prototype). මෙම අත්හදා බැලීම සැලසුම් කළ ආකාරයට සාර්ථක කර ගැනීමට නොහැකි වූ අතර අත්හදා බැලීම කැමරා කාචයට හසු කර ගනිමින් සිටි ගුවන් හමුදා නිල කැමරා ශිල්පියා සිටින දෙසට අතිශය අන්තුරු දායක ආකාරයෙන් මෙම බෝම්බය පොළා පනිමින් පැමිණෙන අයුරු මෙහිදී දැක ගැනීමට පුළුවන්.




    මෙලෙස පෙර සැලසුම් කළ ගැඹුරකදී හෝ ද්‍රව පීඩනයකදී අවි පුපුරවා හැරීමේ යාන්ත්‍රණය (Hydrostatic mechanism), පළමු සහ දෙවන ලෝක යුධ සමයේදී යුධ නෞකා මගින් සතුරු සබ්මැරීනයන් විනාශ කර ගිල්වා දැමීමට භාවිතා කළ "Depth charge" නමින් හදුන්වන සබ්මැරීන් නාශක අවිවලල ද භාවිතයට ගැනුනා. සිලින්ඩරාකාර ව්‍යුහයකින් සමන්විත වූ මෙම "Bouncing bomb" එකෙහි මුළු බර රාත්තල් 9250 ක් පමණ වූ අතර භාවිතා කළ පුපුරණ ද්‍රව්‍යයයන්ගේ ප්‍රමාණය රාත්තල් 6600 ක් පමණ අගයක් ගනු ලැබුවා. මෙහිදී පුපුරණ ද්‍රව්‍යයයන් ලෙස යොදා ගනු ලැබුවේ 'TNT' (Trinitrotoluene) සහ 'RDX' (Hexogen / Cyclonite) යන පුපුරණ ද්‍රව්‍ය වර්ගයනුයි. බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව විසින් 1943 වසරේදී ජර්මනියට එරෙහිව සිදුකළ "Operation Chastise" (Dambusters Raid ලෙසින් ද හදුන්වයි) නම් ගුවන් හමුදා මෙහෙයුම මෙම "Bouncing bomb" ගනයේ අවි යොදාගත් ප්‍රකටම අවස්ථාව ලෙස සලකනු ලබනවා. 1943 වසරේ මැයි මාසයේ 16 සහ 17 වන දිනයන්හී දී බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවේ "617 වන ප්‍රහාරක බලගනය" (No. 617 Squadron RAF) මගින් ජර්මනියේ ප්‍රධාන ජලාශ ජලාශයන් කීපයක් හරස් කරමින් බැදි දැවැන්ත වේලි කීපයක් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාරය දියත් කෙරුණා.





    මෙම ප්‍රහාරය මගින් 'Möhne' සහ 'Edersee' යන වේලි සම්පූර්ණයෙන් විනාශ වී ගිය අතර ජර්මනියේ බටහිර ප්‍රදේශයට අයත් 'Ruhr' නම් නිම්න කලාපය සහ "Eder valley" නමින් හදුන්වන නිම්න කලාපයේ පිහිටි ගම්මාන රාශියක් ද ජලයෙන් යට වී ගියා. මීට අමතරව මෙම ප්‍රහාරයෙන් "Sorpe Dam' නම් වේල්ලට සුළු හානි සිදු වූ අතර ජල විදුලි බලාගාර ද්විතයක් සම්පූර්ණයෙන් විනාශ වී තවත් බලාගාර කීපයකටම දැඩි හානි මෙම ප්‍රහාරය මගින් සිදු වුණා. මෙම බෝම්බ ප්‍රහාරයන් සහ ඉන් සිදු වූ හදිසි ජල ගැලීම්වලින් සිවිල් වැසියන් 1600 කට අධික ප්‍රමාණයක් මරුමුවට පත් වූ අතර එම සිවිල් වැසියන් අතරින් 1000 කට ආසන්න ප්‍රමාණයන් ජර්මානු නාසි හමුදාව විසින් අල්වා ගෙන කම්කරු සේවයේ යෙදවූ සෝවියට් සහ වෙනත් මිත්‍ර පාර්ශවයේ රටවලට අයත් වූ සිරකරුවන් වීම මෙහි ඇති සුවිශේෂ කරුණක් ලෙස සදහන් කිරීමට හැකියි.

    ප්‍රහාරයෙන් විනාශ වී ගිය ජර්මනියේ 'Möhne' වේල්ල
    Mohne_Dam_Breached.jpg


    Chastise16.jpg


    NCAP-000-000-008-494_FEATURE.jpg




    වේල්ල විනාශ වීමෙන් හටගත් ජල ගැල්ම හේතුවෙන් විනාශ වී ගිය නගරයක සුන්බුන්

    17460808-7373063-A_hundred_million_tonnes_of_water_was_unleashed_on_the_valley_be-m-81_1566250193397.jpg


    17460796-0-image-a-77_1566250183196.jpg


    බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාවට අයත් "Lancaster bombers" (Avro Lancaster) ගනයේ බෝම්බ හෙළන ගුවන් යානා 19 ක් යොදාගනිමින් මෙම ප්‍රහාරය දියක් කරනු ලැබුවා. මෙහිදී එම ගුවන් යානා 19 අතරින් 8 ක්ම ජර්මානු ප්‍රතිප්‍රහාර හමුවේ විනාශ වී ගිය අතර ගුවන් හමුදා බටයන් 53 දෙනෙක් මරු වැළද ගනිමින්, තවත් ගුවන් භටයන් තිදෙනෙකු ජර්මානු හමුදාවන් මගින් අල්වා ගෙන සිරභාරයට ද පත් කරනු ලැබුවා. කෙසේ වෙතත් මෙම " Bouncing bomb" ගනයේ බෝම්බ හෙළීමේදී, එම බෝමබ හෙළන ගුවන් යානාවන් බොහෝ පහතින් (Low flying zone) ගමන් කළ යුතු වීම හේතුවෙන් එම ගුවන් යානා සතුරු පාර්ශවයන්ගේ ඉලක්කයන්ට පහසුවෙන් හසු වීමේ ඉහළ අවදානමක් පැවතීම යන කරුණ මුල කරගනිමින් මෙම මෙහෙයුමෙන් අනතුරුව "Bouncing bomb" භාවිතා කිරීම සිදු රාජකීය ගුවන් හමුදාව සිදු කරනු ලැබුවේ ඉතා අල්ප වශයෙනුයි.


    "Lancaster bombers" (Avro Lancaster) ගනයේ බෝම්බ හෙළන ගුවන් යානාවක්


    Battle_of_Britain_Memorial_flight_Avro_Lancaster_%28cropped%29.jpg

    "Operation Chastise" පිළිබදව ඉතිහාසඥ "Harry Sherrard" විසින් ඉදිරිපත් කළ සම්පූර්ණ දේශනය





    ✍️💥 ලිපිය සහ ප්‍රධාන ඡායාරූපය සැකසුම: @Stimulus mind 💥✍️
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    ඔක කෙලින්ම ඩෑම් එක ගාවට දැම්ම නන් හරිනෙ :eek:
    එහෙම කරන එක එච්චර සාර්ථක නැති හේතුව ඔය මං දාලා තියෙන "Real eengineering" කියන චැනල් එකෙන් හදපු වීඩියෝ එකේ තියෙනවා. :yes: බලන්නකො පොඩ්ඩක්. මේ මීට අවුරුදු කීපෙකට කලින් කැනඩාවේ වේල්ලක් කඩන්න "Bouncing bomb" එකක් පාවිච්චි කරපු හැටි තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ.

     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    එහෙම කරන එක එච්චර සාර්ථක නැති හේතුව ඔය මං දාලා තියෙන "Real eengineering" කියන චැනල් එකෙන් හදපු වීඩියෝ එකේ තියෙනවා. :yes: බලන්නකො පොඩ්ඩක්. මේ මීට අවුරුදු කීපෙකට කලින් කැනඩාවේ වේල්ලක් කඩන්න "Bouncing bomb" එකක් පාවිච්චි කරපු හැටි තමයි මේ වීඩියෝ එකෙන් පෙන්නන්නෙ.



    targeting නන් tiptop
    හරියටම මැද්දට සෙට් කරා
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,880
    8
    35,521
    113
    targeting නන් tiptop
    හරියටම මැද්දට සෙට් කරා
    Sorry... I didn't watch your videos. But these were designed to dodge the nets in place to catch the bombs. The aircraft had to drop these at a specific height above the water surface and this was achieved with two converging lights mounted underneath the wings.