💵 ශ්‍රී පාදය වැනසූ, බැසිල් ⚡⚡⚡

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    💵 ශ්‍රී පාදය වැනසූ, බැසිල් ⚡⚡⚡



    basil-hotel--5.jpg




    ශ්‍රී පාදස්ථානයට ගමන් ගන්නා මස්කෙළිය - නල්ලතන්නි මාර්ගයේ උඩමළුවට ආසන්න මරේවත්ත උඩ කොටස, රාජමලේ නම් ස්ථානයේ ගොඩ නඟමින් තිබු බැසිල් රාජපක්ෂට අයත් හෝටලය මේ වන විට කඩා ඉවත් කිරීම සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.


    අක්කර 99 ක වපසරියක මෙම හෝටලයේ ඉදිකිරීම කටයුතු සිදුවෙමින් පැවැති අතර මෙය මහල් කිහිපයකින් සමන්විත කාමර 400 කින් යුතු සුවිසල් හෝටලයකි. මෙම හෝටලයේ ඉහළ මහලේ සිට ශ්‍රීපාද උඩ මළුවට කේබල් කාර් ව්‍යාපෘතියක්ද ඇතුලත්ව තිබිණි.

    හෝටලය කඩා දැමීමට හේතුවී ඇත්තේ රාජපක්ෂ පාලනය පරාජයට පත් වීම බව මෙම කටයුත්ත සිදු කරමින් සිටින කණ්ඩායම් ප්‍රධානියකුගෙන් කළ විමසීමකදී දැන ගැනීමට ලැබිණි.

    නීතිවිරෝධී ලෙස ඉදි කෙරෙමින් පවතින මෙම හෝටලයේ කටයුතු තවදුරටත් ගොඩනැගීමට අවස්ථාව නොලැබෙනු ඇති බවට වූ පූර්ව නිගමනය නිසා බැසිල් රාජපක්ෂ විසින්ම මේ කඩා බිඳ දමන ලෙස උපදෙස් ලබා දී තිබේ.

    ශ්‍රීපාද රක්ෂිතයේ මෙම හෝටලය ඉදිකිරීම සඳහා පරිසරය සම්බන්ධ නීති සියල්ල උල්ලංඝනය කෙරිනි. නමුත් මේ සඳහා කැබිනට අනුමැතියද හිමිව තිබු අතර අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් ගෝඨාබය රාජපක්ෂයි. ඊට මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අත්සන් කර අනුමැතිය ලබා දී තිබිණි.


    මෙතෙක් කිසිවකුට හෝ ශ්‍රී පාද අඩවියෙහි කිසිදු පෞද්ගලික ඉදිකිරීමක් හෝ වනය එළි පෙහෙළි කිරීමක් සිදුකිරීමට නොහැකි වූයේ මෙම භුමිය අභය භුමියක් ලෙස පැවැතීම හේතුවෙනි.

    1940 ඔක්තොබර් මස 25 දිනැති අංක 8675 දරණ ගැසට් නිවේදනයට අනුව වනසත්ව හා වෘක්ෂලතා අඥාපනත යටතේ අභය භුමියක් ලෙස නම් කොට තිබිණි.

    එයට අයත්වන මුළු භූමි ප්‍රමාණය අක්කර 12,329 වන අතර මෙම භූමි ප්‍රමාණයෙන් අක්කර 99 රූඩ් 3 පර්චස් 04 ක ප්‍රමාණයක් මෙලෙස සංචාරක කලාපයක් වන 'පූජා භුමියක්' ලෙස නම් කර මෙම කටයුත්ත ආරම්බ කළේය.ඊට අනුව එල්ල වූ පරිසර හිතකාමීන්ගේ විරෝධය යටපත්වන්නට ඉඩ හැර මෙම භූමිය මුලින් හෙලිකොප්ටර් අංගනයක් ලෙස සකස් කෙරිණි.

    ශ්‍රී පාදස්ථානයට නව ඝන්ඨාරයක් සහිත කුළුනකුත් දොලොස් මහේ පහනකුත් සවි කිරිමට රාජපක්ෂවරු පසුගිය කාලයේ සිදු කරනු ලැබුවේද මෙම හෝටල් ව්‍යාපෘතියට එරෙහිව එල්ල වන විරෝධතා මැඩ පවත්වා ශ්‍රි පාදස්ථානාධිපති හිමිගේ කැමැත්ත ලබා ගැනීමත් වෙනුවෙනි. මෙම කටයුත්ත සඳහා හෙළිකොප්ටර් අංගනයක ලෙස යොදා ගනු ලැබුවේද ඉහත කී හෙලිකොප්ටර් අංගනයයි.


    වසර දහස් ගණනක් ‘සමන් දෙවියන්ගේ අඩවිය’ ලෙස සම්ප්‍රදාය විසිනුත්, බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ පාලන සමයේ අභයභූමියක් ලෙස නම්කිරීම හේතුවෙන් නීතිය මගිනුත් ආරක්ෂා වී තිබුණු ස්වභාවික පරිසර පද්ධතියක් වන ශ්‍රීපාද අඩවිය රාජපක්ෂවරු විසින් මෙලෙස විනාශ කර දෑමීම බෞද්ධයන්ට අනුවනම් මහා පාප කර්මයකි. ඒ පව් මේ ආත්මයේදීම පළ දෙනු ඇතැයි එදා බෞද්ධයෝ කීවෝය.

    කෙසේ නමුත් රාජපක්ෂවරු පිහි‍ටුවනු ලැබූ කළුගලින් නෙළූ දොලොස්මහේ පහන මේ වන විට පුපුරා ගොස් ඇත. එමෙන්ම ශ්‍රී පාදය වන්දනා කරන වරක් පාසා සම්ප්‍රදායයක් ලෙස හඬවන ඝනඨාරය දැන් හැඬවිය හැක්කේ අයෝම පුරුෂයන්ට පමණකි. මන්ද ඒ සෙලවීමටවත් විශාල ශක්තියක් වැය කළ යුතුව තිබෙන බැවිනි. මේ සම්බන්ධයෙන් බැතිමතුන්ගෙන් එල්ල වූ චෝදනා නිස මේ වන විට කුඩා ඝන්ඨාරයක් පිහි‍ටුවීමටද සිදුව තිබේ.

    මෙම ශ්‍රීපදස්ථානය මුස්ලිම් ක‍තෝලික ආගමිකයන්ද සලකන්නේ තමන්ගේ පූජනීය ස්ථානයක් ලෙසය.


    basil-hotel--2.jpg


    basil-hotel--4.jpg


    basil-hotel--6.jpg



    උපුටා ගැනීම: lankadaily.c0M

     

    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    මුස්ලිම් කතොලික උන් මොකටද උන්ගෙ අගමික ස්තානයක් ලෙස සලකන්නෙ?

    ඇයි මේ රටෙ ඉන්න හමුදුරිවන්ට බැරිද බන් කටක් ඇරල කියන්න මෙක බවුද්ද අගමික ස්තනයක් කියල.

    මම අහල තියනව මක්කම කියන්නෙත් ස්‍රිපතුල පිහිටවපු තනක් කියල
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    ඕකව සිරිපාදේ පැත්තට හරවල එල්ලන්න තියෙන්නේ. කොහෙද මේ රනිල ලොල්ලා එක්ක මුකුත් බෑ නේ. sf තමයි ඉන්න තිබ්බේ
     

    kalukamar

    Banned
    Jul 11, 2014
    178
    9
    0
    මෙන්න තව commision කාරයෙක් බස්සිල් ගේ Ministry of Highways හිටිය.

    sec.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    මුස්ලිම් කතොලික උන් මොකටද උන්ගෙ අගමික ස්තානයක් ලෙස සලකන්නෙ?

    ඇයි මේ රටෙ ඉන්න හමුදුරිවන්ට බැරිද බන් කටක් ඇරල කියන්න මෙක බවුද්ද අගමික ස්තනයක් කියල.

    මම අහල තියනව මක්කම කියන්නෙත් ස්‍රිපතුල පිහිටවපු තනක් කියල

    උන් කියන්නේ adam's peak කියල නේ
    ආදම් ඇවිත් පය ගහපු ස්ථානය
    එතකොට පොර ඇවිත් තියෙන්නේ අභ්යවකාශේ ඉඳන්ද ?
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මරා ගේ හොට පැටලිනේ සමන් දෙවියන්ගේ අඩවියට අත තියන්න ඇවිල්ල.
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Me pramasiri karaya neda. mu gena nam kiyala wedak naa. Loka horek

    sec.jpg

    Ow mu ali horek, ministry walin Roads hadana contract walin pagawa gahala u gewal ehema hadagena inne, Ali Horek. Muge gewal thibune Waligama essara. dan pagawa gahala gewal godak hadagena.. Basil ta kadegiya... Muge muna dakkama kandawath hammbawanne naha kiyal Port eke aya kiyanawa...

     
    Last edited:

    Similar threads